Local News

පොහොට්ටුවේ ජන බලයත්, මාධ්‍යයේ පච බලයත් දෙකම නැති වුණා – රනිල්

අවසානයේ බලන විට පොහොට්ටුවේ ජන බලයත්, මාධ්‍යයේ පච බලයත් දෙකම නැති වුණා යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති 72 වෙනි සංවත්සරය අමතා එක්සත් ජාතික පක්ෂ නායක හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය. අප අද දින එක්සත් ජාතික පක්‍ෂයේ 72 වන සංවත්සරය සමරනවා. ෆාම් කෝට් මන්දිරයෙන් ආරම්භ වූ එක්සත් ජාතික පක්‍ෂයේ වර්තමාන Read More

උද්ඝෝෂණයේදි සාමකාමි වටපිටාවක් නිර්මාණය කළාට අගමැතිට පැසසුම්

ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹදී පැවැත්වූ උද්ඝෝධනයේදි විරෝධතාකරුවන්ට කිසිදු හානියක් නොවන ලෙස ආරක්ෂක අංශ මෙහෙයවීම ගැන පසුපෙළ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විශේෂ ස්තූතියක් පළ කළේය. එක්සත් ජාතික පෙරමුණු පසුපෙළ මන්ත්‍රීවරු ඉහත විශේෂ ස්තුතිය පළ කළේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැති එක්සත් ජාතික පක්ෂ 72 වැනි සංවත්සරයෙන් පසුව අගමැතිවරයා හමුවිමෙන් අනතුරුවය. කොළඹට ජනතාව කැදවා ප්‍රකෝපකාරි සිදුවිම් Read More

ෂැන්ග්‍රිලා ඇතුළු තරු පහේ හෝටල්වල නායකයන් සිටිද්දි ජනබලය අසාර්ථකයි – වජිර

කොළඹගාලූමුවෙදාර ෂැන්ග්‍රිලා තරු හතේ හෝටලයේ කාමර 15 ක් වෙන් කරවා ගෙන නව ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කිරිමට ඒකාබද්ධ විපක්ෂයේ සිහිනය උද්ඝෝෂණය අසාර්ථවිමත් සමඟ බිදිගිය බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. රාජපක්ෂ රජය චිනයට විකුණු ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ගාලූමුවෙදාර පිටිය ඉදිරිපිට ඉඩමේ ඉදිකර ඇති ෂැන්ග්‍රිලා හෝටලයට අමතරව හිල්ටන් හා ටාජ් සමුද්‍රා යන හෝටල්වල කාමර Read More

රවි ට කරුණානායකට යළිත් කැබිනට් ඇමතිධූරයක්

එක්සත් ජාතික පක්ෂ උපනායක කොළඹදිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට යලි කැබිනට් අමාත්‍යධූරය දිමට අවසන් එකඟතාවය ඇති වී තිබේ. යළි කැබිනට් අමාත්‍යධූරයට පත් කරනවාට කිසිදු විරෝධතාවයක් නැති බව ජනාපතිවරයා තමාට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලයට නිල වශයෙන් දැනුම් දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඉහත දැනුම් දීම Read More

සුදුවෑන් මරණ තර්ජන නැති නිසා වර්ජන – උද්ඝෝෂණ වලට නිදහස ලැබුණා

සුදුවෑන් වලින් උස්සාගෙන ගොස් මරා දමන්නේ නැති නිසා ඕනෑම වේලාවක වැඩ වර්ජන කිරීමටත් පාර්ලිමේන්තුව ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණ කිරීමටත්  අවස්ථාව උදාවී තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප්‍රකාශ කළේය. මේ කාලයේදී ඕනෑම අයෙකුට ඕනෑම වෙලාවක වැඩ වර්ජන කිරීමට අවස්ථාව ලබාදී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින රජයක් තිබෙන නිසා බවද ඒ මහතා සඳහන් කළේය. ජනාධිපති මෛත්‍රීපාල Read More

ආණ්ඩුව අලුත් ක්රටමයට ඡන්දය තියන්න ගෙනා පළාත් සභා සිමානිර්ණ වාර්තාව ආණ්ඩුවම පරාද කරයි.

පළාත් සභා මැතිවරණය කොට්ඨාශ ක්‍රමයට පැත්විම වෙනුවෙන් ඉදිරිපත් කළ පනත් කෙටුම්පතේ වගන්තියක් යටතේ ඉදිපත් කළ සිමානිර්ණය පනත් කෙටුම්පත පක්ෂව ඡන්ද කිසිවක් නොමැතිව ඡන්ද 139 කින් පරාජයට පත්විය. පනතට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය, ශ්‍රිලංකා නිදහස් පක්ෂය, එ්කාබද්ධ විපක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු සුළු පක්ෂ සියල්ලම විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ Read More

මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරිට හිග වැටුප් ලෙස කෝටි 7 ක්

මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කරන අය සිය හිග වැටුප් ලෙස රුපියල් කෝටි හතහමාරකට (ලක්ෂ 760) අධික මුදලක් ලබා ගෙන ඇතැයි කෝප් කමිටු සභාපති ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (23) හෙළිදරව් කළේය. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදි (කෝප් කමිටුව) හෙළිදරව් වූ කරුණක් සම්බන්ධයෙන් සභාවේ අවධානය යොමු කරමින් සුනිල් හදුන්නෙත්ති මහතා මේ Read More

නවීන්ගෙන් පාක්ෂිකයන් 40000 කට විශේෂ පණිවුඩයක්

චතුරංග වීරතුංග මුළු දිවයිනම ආවරණය වන පරිදි වැඩමුළු 150 ක් පවත්වා එක්සත් ජාතික පාක්ෂිකයන් දැනුම්වත් කිරිමට එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා කටයුතු යොදා ඇත. ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාගේ පූර්ණ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක මේ වැඩමුළු මාලාවට කොට්ඨාශයකින් පාක්ෂිකයන් දහ දෙනා බැගින් තෝරා ගෙන කොට්ඨාශ 3792 ක් මගින් 40000 ක් Read More

UNP පුංචි මන්ත්‍රීවරුන්ට ගමට වැඩ කරන්න ලක්ෂ 5 ක්

මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා නියෝජනය කරන එක්සත් ජාතික පෙරමුණේ 2000 කට අධික සංඛ්‍යාවකට ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා ලක්ෂ 5 බැගින් වහාම නිකුත් කිරීමට පියවර ගෙන පවතියි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව ඉහත ප්‍රතිපාදන නිකුත් කෙරෙන්නේ විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශයට වෙන්ව පවතින ප්‍රතිලාභ වලිනි. රජය විසින් දෙන ඉහත ප්‍රතිපාදන මගින් ඉහත මුදල් වැය Read More

කණ්ඩායම් රැස්වීමේදී අගමැති සන්ඩේ ටයිම්ස් වාර්තාව පතුරු ගසයි

2015 ජනාධිපතිවරණයට පෙර විශාල චෙක්පත් ප්‍රමාණයක් බැංකු වෙත ඉදිරිපත් කර මුදල් ලබා ගෙන, එවකට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් වෙත ලබා දී ඇති බවට ඉදිරිපත්ව තිබෙන පැමිණිල්ල සම්බන්ධව සිදුකරන විමර්ශන කිසි ලෙසකින්වත් නතර කර නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 16 දා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවේ පැවසීය. මෙම විමර්ශන නැවතී ඇති බවට පළ වන වර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය Read More

t

o

p