Local News

කොරෝනා ආසාදිතයින් ගණන 115ක් දක්වා ඉහළ යයි

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 115ක් දක්වා ඉහළ ගොස් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය ඊයේ(28) පස්වරුවේ වාර්තා වුණි. මාරවිල ප්‍රෙද්ශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ පස්වරුවේ Read More

ශ්‍රී ලංකා‍වේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය අද වාර්තා විය. මාරවිල පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද(28) පස්වරුවේ මියගොස් තිබේ. මිය ගිය පුද්ගලයා වකුගඩු බද්ධ කිරීමකට ලක්ව සිටි අතර ඔහු දියවැඩියා රෝගයෙන්ද පෙළුණු පුද්ගලයෙකු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

ඇඳිරි නීතිය කඩකළ පිරිස 5,000 ඉක්මවයි

පොලීසිය විසින් ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 5185දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරනුයේ ඊයේ(27) උදෑසන 6.00යේ සිට අද(28) උදෑසන 6.00 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ පමණක් පුද්ගලයින් 1167 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නිරෝධායනය වු තවත් 300ක් නිවස් වෙත

විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමුකර සිටි තවත් 300ක පමණ පිරිසක් අද(28) සිය නිවෙස් වෙත පිටත්ව ගොස් තිබේ. පුනානි මධ්‍යස්ථානයෙන් 78 දෙනෙකු ද කන්දකාඩු මධ්‍යස්ථානයෙන් 61 දෙනෙකු සහ වව්නියාව මධ්‍යස්ථානයෙන් 167 දෙනෙකු පිටත්ව ගිය බවයි අද දෙරණ වාර්තාකරුවන් සදහන් කළේය.

අහාර ද්‍රව්‍ය නොමිලේ ලබා දීමේ සේවාව “බොදු බල සේනා දිවිසරණ” දැන් ක්‍රියාත්මකයි

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට අවස්තාව නැති හෝ මිලදී ගැනීම් සඳහා මුදල් නොමැති ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමිලේ ලබා දීමේ වැඩ සටහනක් බොදු බල සේනා සංවිධානය ආරම්භ කර තිබෙනවා. පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ අනුශාසකත්වය මත “බොදු බල සේනා දිවි සරණ” වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක වන අතර කිසියම් ප්‍රදේශයක අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට අපහසුතාවයකින් කවුරුන් හෝ පසුවන්නේනම් 0713 Read More

එතෙර සිටින ලාංකිකයින්ට රජය සමඟ සම්බන්ධ වන්න ‘contactsrilanka’

එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව නිර්මාණය කරන ලද ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරය ඊයේ (26) විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී දියත් කෙරුණා. මෙම වෙබ් සම්බන්ධකතාව, මෙම අමාත්‍යාංශයේ www.mfa.gov.lk වෙබ් අඩවිය මතම සලසා දී ඇති අතර, www.contactsrilanka.mfa.gov.lk හරහා ද මෙම වෙබ් අඩවියට පිවිසිය Read More

කොරෝනා ආසාදිත තවත් 04 දෙනෙකුට සම්පුර්ණ සුවය

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කල තවත් පුද්ගලයින් 04 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා අද රෝහල් වලින් පිටව ගොස් ඇත. මීට පෙරද රෝගීන් 03 දෙනෙකු සම්පුර්ණ සුවය රෝහල් වලින් පිටව ගිය අතර ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටදී සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 07 ක්.

අත්‍යාවශ්‍ය සේවා රැසක් ජනපති නම් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහ භාණ්ඩාගාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්‍යාවශ්‍ය සේවා ගණයට ඇතුළත් කර තිබෙනවා.. මීට අමතරව සෞඛ්‍ය, ආරක්ෂක, පොලිස්, භාණ්ඩ බෙදාහැරීම්, රේගු කටයුතු, විදුලිය, ජලය සහ ඉන්ධන සැපයීම ද අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස නම් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ

මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘත වෙයි

පවතින තත්ත්වය පදනම් කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනතා පැමිණිලි භාර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීමට පියවර ගෙන තිඛෙනවා. 0114 35 45 50 , 0114 35 46 55 ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකියි. එම දුරකථන අංක ඔස්සේ සම්බන්ධවිය නොහැකි වුවහොත් 077 374 3718 අමතා මහජන සම්බන්ධතා Read More

t

o

p