Local News

කොරෝනා රැල්ල ‘පැතිරුණේ’ මංගල සාද දෙකකින්

ඉදිරි කාලය ඉතාමත්ම තීරණාත්මක බැවින් මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථාන මඟහැර වගකීමෙන් කටයුතු කරන ලෙස මහජනයාගෙන් ඉල්ලීමක් කරයි. කොරෝනා රැල්ල මංගල සාද දෙකක් මුල්කරගෙන පැතිර ගිය බවට මේ වනවිට තහවුරු වී තිබෙන බවද සදහන්. මහජනතාව ගැවසෙන උත්සව, සාද සංවිධාන නොකිරීම හා ඒවාට සහභාගි නොවී සිටීම සියලු දෙනාගේ වගකීම හා යුතුකම බවද අවධාරණය කරයි.

කොළඹ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ඇදිරි නීතිය පනවයි

කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල්, වැල්ලම්පිටිය හා ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් බල ප්‍රදේශ සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි ඇදිරි නීතිය පනවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය. ඒ පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයේ කොරෝනා රෝගීන් හමුවිම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කොරෝනා වෙෙරසය පැතිරයාම වැළැක්විම සදහා බවත් හමුදාපතිවරයා වැඩ්දුරටත් පැවසීය.

20 එපා යැයි කියමින් විපක්ෂය නිහඩ විරෝධතාවයක

“20 වැනි ව්‍යවස්ථා සංශෝධනය එපා” යැයි කියමින් ඊයේ (21) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ සිට උද්ඝෝෂණය කරමින් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුථ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සභා ගැබට පිවිස නිහඬව අසුන් ගන්නා අයුරු දක්නට ලැබිණි. මෙම මන්ත්‍රීවරුන් පිරිස සිය රථවලට නැග පෙරහැරකින් පාර්ලිමේන්තුව වෙත පැමිණෙන්නට කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ සිට පෙරවරු 9.00 Read More

කෝවිඩ් 19 පිළිබඳ විපක්ෂයේ විවාදය 23 වැනිදා

ලබන 23 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවේදී කෝවිඩ් 19 අභියෝගය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ. ඒ අනුව එදිනට නියමිතව තිබූ ශෝක ප්‍රකාශ යෝජනාව ඉදිරිපත් නොකෙරෙනු ඇත. කෝවිඩ් 19 වෛරසය රට තුළ ව්‍යාප්ත වීම සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා Read More

අද රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතිය

අද(21) දිනයේ රාත්‍රී 10.00 සිට එළඹෙන සඳුදා උදෑසන 5.00 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැල වසා දැමේ

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් 46 දෙනෙකු කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳසැල් පවත්වාගෙන යනු ලබන වෙළෙඳුන් 105 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඒ අතරින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇත. මේ හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැල තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව එම ප්‍රදේශය භාර සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් Read More

විස්සේ විවාදය ආරම්භ වෙයි

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනෙනවා. එම කෙටුම්පතට අදාළ විවාදය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට ඉකුත් දා පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණු අතර ඒ අනුව එම විවාදය පැවැත්වෙන පළමු දිනය අදයි. විවාදය අද පෙරවරු 10 ට ආරම්භ කෙරෙන බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරන්නේ.

හුදෙකලා ප්‍රදේශවල විදුලිබිලට සහන නැහැ

කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් හු​දෙකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට විදුලි බිල සම්බන්ධව සහනයක් ලබාදිය නොහැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් පවසයි. පසුගිය මාර්තු අප්‍රේල් සහ මැයි මාස සඳහා සහන ලබාදීමේදී මණ්ඩලයට රුපියල් බිලියන හතකට ආසන්න පාඩුවක් සිදුවූ බැවින් සහ කාලාන්තරයක් විදුලි බිල සම්බන්ධ ගැටලුවක් පැවති බැවින් එම තීරණයට පැමිණි බව හෙතෙම Read More

කොටුව පොලීසියේ නිලධාරියෙකුටත් කොවිඩ්

කොළඹ, කොටුව පොලිස් පරිශ්‍රයේ පිහිටා ඇති බස්නාහිර පළාත් විශේෂ විමර්ෂණ අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවනේ එම පොලිසියේ සාමාන්‍ය රාජකාරි මේ වන විට සිදු නොකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කෙරෙනවා. ඒ වෙනුවට කොම්පඤ්ඤවිදිය සහ පිටකොටුව පොලිස් ස්ථානයෙන්, කොටුව පොලිස් ස්ථානයෙන් සිදුකිරිමට අවශ්‍ය රාජකාරී මහජනතාවට සිදුකර ගැනීමට හැකියාව Read More

කුලියාපිටිය ඇතුළු ප්‍රදේශ පහකට ඇඳිරි නීතිය

කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසූරිය යන පොලිස් බල  ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු නිරෝධායන  ඇඳිරි නීතිය පනවනු ලබන බව Covid-19 පැතිරීම වැළකැවීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනය පවසයි.

t

o

p