Local News

කොළඹට වහාම ක‍්‍රියාත්මක වන පිරිදි ඇදරි නීතිය පනවයි

කොළඹ උතර, කොළඹ මධ්‍යම, කොළඹ දකුණ යන පොලිස් ස්ථාන පොලිස් බල ප්‍රදේශ වලට වහාම ක‍්‍රියාත්මක වන පිරිදි ඇදරි නීතිය පනවන ලද බව පොලිසිය දැනුම් දෙයි.

ගෝටාගෝගම අරගලකරුවන්ට ප‍්‍රහාරයක්

ගාලු මුවදොර පවත්වාගෙන එන ‘ගෝඨාගෝගම’ විරෝධතා භූමියට පැමිණි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් එම භූමියට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එහි අටවා තිබූ අට්ටාල ගලවා විසි කර ගිනි තබා දැමීමටද කටයුතු කර ඇත. තත්ත්වය පාලනය සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර කර තිබේ. තුවාල ලත් පුද්ගලයන් කිහිප දෙනෙකු මේ වන විට රෝහල්ගත Read More

යෝෂිත සහ ඔහුගේ බිරිය සිංගප්පූරුවට

අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී අගමැති පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිය අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ . ඔවුන් අද අලුයම 12.50 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ .

ත්‍රෛනිකායික මහ නා හිමිවරුන්ගෙන් යළිත් ලිපියක්

රට තුළ දේශපාලන, සාමාජීය හා ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ජන ජීවිත සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක විය යුතු බව තෛන්‍රිකායික මහ නා හිමිවරුන් යළිත් අවධාරණය කරනවා. ඒ, ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රිවරුන් වෙත ලිපියක් යොමු කරමින්. මෙරට තුළ ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරිමට යෝජනා කරමින් මීට පෙර යෝජනා මාලාවක් ඉදිරිපත් Read More

ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගුයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ. ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, රට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් එලෙස ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කළ බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් ආශ්‍රිත මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අද (08) පෙරවරු 8.30 පමණ වනවිට එම කලාපයේ අඩුපීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතින බව එම නිවේදනයේ දැක්වේ. ඉදිරි පැය කිහිපය තුළ වයඹ දෙසට ගමන් කර ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දී පීඩන අවපාතයක් දක්වා Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය

අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබේ. රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීමටත්, මහජනයාට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහාත්, ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව පැවරී ඇති බලතල ප්‍රකාරව හදිසි නීතිය ප්‍රකාශයට පත්කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

හර්තාලයෙන් රටම අඩපණයි

ආණ්ඩුවට එරෙහිව අද (06) දිනයේ අරඹා ඇති හර්තාල් ව්‍යාපාරයට සහය  දෙමින් රට පුරා කඩ සාප්පු වසා දමා ඇතැම් ස්ථානවල කලු කොඩිද ඔසවා දමා ඇති බව දකින්නට ලැබේ. එමෙන්ම පෞද්ගලික, රාජ්‍ය අංශ පිරිස්ද සිය රාජකාරී කටයුතුවලින් ඉවත්ව මෙම හර්තාලයට සහය දක්වති. පොදු ප්‍රවාහන සේවාද මුළු මනින්ම අඩාල වී තිබේ.

වෘත්තීය සමිති 2000 ක් අද හර්තාලයේ

ආණ්ඩුවට එරෙහි රට පුරා අද දිනයේ ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරයට සහ වැඩවර්ජනයට වෘත්තිය සමිති දෙදහසකට අධික සංඛ්‍යාවක් එක්වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසයි. එහි කැදවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ සෞඛ්‍ය, තැපැල්, ප්‍රවාහන, අධ්‍යාපන ඇතුලු ප්‍රධාන වෘත්තිය සමිති රැසක්ද වන බවයි.

දුම්රිය හා බස් නවතී

හර්තාල් ව්‍යාපාරයට සහය දක්වමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සහ පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වූ බව එම සංගම් ප්‍රකාශ කරයි.

t

o

p