Local News

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා නිලධාරීන් පිළිබඳව කාරක සභාව අප්‍රසාදය පළ කරයි

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ ජේෂ්ඨ නිලධාරීන් රජයේ මුදල් පිළිබද කාරක සභාවට සහභාගී නොවීම සහ ඒ පිළිබදව විධිමත්ව කාරක සභාව දැනුවත් නොකිරීම පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අප්‍රසාදය පළ විය. දෙසැම්බර් 21 වැනිදා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ ඉහළ නිලධාරීන් රජයේ මුදල් Read More

බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවයි

බිත්තර ආනයනය කිරීම සඳහා අන්තර්ජාතික මට්ටමින් ටෙන්ඩර් කැඳවීම අද දිනයේ ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව බිත්තර ආනයනය සඳහා වන ටෙන්ඩර් කැඳවීම, ආනයනය කරනු ලබන බිත්තර සංඛ්‍යාව තීරණය කිරීම සහ සුදුසු ආනයනකරුවන් තෝරාගැනීමේ කටයුතු මෙම සතිය තුළ සිදුකර අවසන් කිරීමට කටයුතු කරන බව එම සංස්ථාව සඳහන් කළේය. පවතින තත්ත්වය හමුවේ Read More

පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාවට

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක්, හෙට (09) පැවැත්වීමට නියමිතව තිබේ. එම කොමිසමේ සාමාජිකයෙකු පැවසුවේ,පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව කොමිසමේ කාර්යභාරය සහ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් එම රැස්වීම පැවැත්වෙන බව ය. එසේම සියලු පක්ෂ ලේකම්වරු ලබන 11 වැනිදා මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබේ. 11 වැනිදා උදෑසන 10.00ට අදාළ සාකච්ඡාව පැවැත්වෙනු ඇති.

රිඡ්වේ ළමා රෝහලට අවශ්‍ය බිත්තර නොමිලේ

කොළඹ සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත රුපියල් 53කට බිත්තර ලබාදීමට කටයුතු කරන බවත් අද දිනයේ කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට අවශ්‍ය බිත්තර නොමිලේ ලබාදීමට තීරණය කර ඇති බවත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ බිත්තර ලක්ෂ 8ක ප්‍රමාණයක් අද (07) කොළඹට රැගෙන එන බවය.

සේපාල් අමරසිංහ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වූ සේපාල් අමරසිංහව ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියම කළේය. දළදා වහන්සේට අපහසාත්මක ප්‍රකාශයක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට සේපාල් අමරසිංහ නමැත්තාව ඊයේ (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

කෝප් කමිටුවෙන් චාරිකා වටයක්

දූෂණ වංචා සහ අක්‍රමිකතා චෝදනා ඇති රජයේ ආයතන කැඳවීමට පෙර ඒ ආයතනවල ක්ෂේත්‍ර චාරිකාවන්හි නිරතව පුළුල්ව කරුණු සොයා බැලීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත. කෝප් කමිටුව ලබාදෙන නිර්දේශ සම්බන්ධයෙන් කිසිම පුද්ගලයෙක්ට අභියෝග කිරීමට නොහැකි වන පරිදි කතානායකවරයා වෙත පැමිණිල්ලක් සිදුකළ යුතු බව කෝප් කමිටුවේ සාමාජිකයින් පවසයි.  එම සාමාජිකයින් මෙලෙස Read More

මැතිවරණ කොමිසම මත හතරක, එක මතයකට එන්නැයි ජනපති කියයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මත හතරක් නොදරමින් එක මතයකට පැමිණ කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සිව්දෙනාට ඊයේ(5) දැනුම් දුන්නේය. මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සිව්දෙනා ඊයේ සවස ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,නීතිපති සංජය රාජරත්නම්,අතිරේක සොලිස්ටර් ජනරාල් නෙරිල් පුල්ලේ,මැතිවරණ කොමිසමේ Read More

ජනපතිගෙන් පොලිස්පතිට විශේෂ නියෝගයක්

කුරුණෑගල, පොතුහැර ප්‍රදේශයේ ඉදිකෙරෙන ව්‍යාජ දළදා මාළිගාව සම්බන්ධයෙන් වහාම පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. මහානායක හිමිවරුන කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා විසින් අදාළ උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 201කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4409ක් දක්වා පහළ ගොස් ඇත. එමෙන් ම, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් Read More

සන්නද්ධ හමුදා රටපුරා කැඳවන ජනපති ආඥාවක්

ආරක්ෂාව වෙනුවෙන් සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් දිවයින පුරා කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ ආඥාවක් නිකුත් කරනු ලැබ ඇති බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ පනතේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වෙනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.

t

o

p