Special News

ධීවර කර්මාන්තය ගැන අධ්‍යයනට හොඳම තැන ශ්‍රී ලංකාවයි සීෂෙල්ස් රාජ්‍ය පවසයි

මෙරට ධීවර කර්මාන්තය පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා තම රටේ ධීවර ක්ෂේත්‍රයේ නියුතු වන්නන් ශ්‍රී ලංකාවට එවීමට අපේක්ෂා කරන බව සීෂෙල්ස් රාජ්‍ය පවසයි. සීෂෙල්ස් රාජ්‍යයේ ධීවර අමාත්‍ය මයිකල් බෙන්ස්ට්‍රෝංග් (Michael Benstrong) මහතා අද (28) පස්වරුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළේ ය. මෙම හමුව මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය Read More

බන්ධනාගාරත් පොලීසියත් යන ආයතන දෙකම වගකීම භාරගත යුතුයි – ඇමති සාගල

බන්ධනාගාර බස් රථයකට කළුතරදී සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ශ‍්‍රී ලංකා පොලිසිය යන ආයතන දෙකම වගකීම භාරගත යුතු බව නීතිය හා සාමය පිළිබඳ  අමාත්‍ය සාගල රත්නායක පවසනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව භාර අමාත්‍යවරයා ද කළ යුතුව ඇත්තේ මෙම වෙඩි තැබීමේ වගකීම ශ‍්‍රී ලංකා පොලිසිය වෙත පමණක් පැවරීම නොව අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමට කටයුතු කිරීම Read More

පසුගිය රජය සමයේ බැඳුම්කර නිකුතුවලින් 80%ක් හිතවතුන් අතර බෙදා දීලා

ඉකුත් පාලන සමයේ බැඳුම්කර නිකුත් කිරීමේ දී අක්‍රමිකතා හා නීතියට පටහැනි ලෙස කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබුණ ද එම ණයකර ආපසු ගෙවීමට රජයක් ලෙස ඊට බැඳී සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. එබැවින් ඒ සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයක් බියට පත් විය යුතු නැතැයි ද රවී කරුණානායක මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා Read More

යොවුන් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩිවීම සතුටට කරුණක්

යොවුන් පාර්ලිමේන්තුව තුලින් විද්‍යාමාන වනුයේ අනාගත පාර්ලිමේන්තුවක කැඩපත බවත් වත්මන් පාර්ලිමේන්තුවේ දහතුන් දෙනෙකු වන කාන්තා නියෝජනය යොවුන් පාර්ලිමේන්තුව තුළ එමෙන් දෙගුණයක් වීම සුභවාදී තත්ත්වයක් වුව ද එය තවදුරටත් වර්ධනය කළ යුතු බවත්, ලෝකයේ දියුණු රටවල ව්‍යවස්ථාදායකයේ කාන්තා නියෝජනය 30% ඉක්මවන බවත් කථානායකවරයා පැවසීය. පාර්ලිමේන්තු ක්‍රමයේ දශක හතක ඉතිහාසයක් සම්පූර්ණ කරන ශ්‍රී ලංකාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පරිණතභාවයට Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (27) රාත්‍රී 9.00 ට කථානායකතුමන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය. මෙහිදී නව අගවිනිසුරුවරයා පත් කිරීම පිලිබඳව විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවධානය යොමු වනු ඇත.

බැසිල්ගෙ මල්වානෙ ඉඩම බේරා දෙන්න ශිරාල් ලක්තිලක මැදිහත් වෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ, උපදේශකයෙකු ලෙස කටයුතු කරන ශිරාල් ලක්තිලක, හොර රහසේම, ඉකුත් සතියේ බැසිල් රාජපක්ෂ හමුවී ගණුදෙනුවක් ගැන සාකච්ඡා කර තිබේ. මෙම හමුව සිදුව ඇත්තේ විදේශයකදීය. මල්වානෙ පිහිටි ඉඩම, බේරා දුනහොත්, ඊට සරිලන, ගාස්තුවක්, ගෙවන බවට, බැසිල් දුන් පොරොන්දුවක් මත, ශිරාල් ලක්තිලක, මෙසේ, බැසිල්ව හමුවී ඇති බවයි වාර්තාවන්නේ.   බැසිල් සමග පැවති දීර්ඝ සාකච්ඡාවකින් පසු Read More

බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් : 7ක් මරුට

කළුතර එතනමඩල ප‍්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට අද(27) උදෑසන එල්ල වූ වෙඩි ප‍්‍රහාරයෙන් රැඳවියන් පස් දෙනෙක් හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. පාතාල කල්ලි නායකයෙකු වන අරුණ දමිත් උදයංග පතිරණ හෙවත් ‘සමයං’ ද මෙම ප්‍රරහාරයෙන් ජිවිතක්ෂයට පත්වී තිබේ. අද උදෑසන 8.00ත් 8.30ත් අතර කාලය තුළ මෙම වෙඩි ප‍්‍රහාරය සිදුවූයේ කළුතර මල්වත්ත බන්ධනාගාරය ආසන්නයේදීයි. ඒ අවස්ථාවේ Read More

පසුගිය සමයේ භාණ්ඩාගාර බිල්පත් නිකුත්කිරීමේ දී මහ බැංකුව නීති උල්ලංඝනය කරලා

පසුගිය සමයේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ දී මහ බැංකුව නීති උල්ලංඝණය කර ඇති බවට අනාවරණය වී ඇති බව  පවසයි. එවකට මුදල් අමාත්‍යවරයාව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ  හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු මහ බැංකු නිලධාරීන් පිරිසක් මහ බැංකු නීති උල්ලංඝනය කරමින් මෙම ක්‍රියාවල නිරත වී ඇති බව මුදල් අමාත්‍යාංශය Read More

ජිනිවා මානව හිමිකම් සමුළුව අද ඇරඹෙයි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් තත්ත්වයන් විමසා බැලෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තිස් හතරවැනි මහ සභා සැසිවාරය අද (27) දින මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ ප්‍රධානත්වයෙන් ජිනීවාහි පිහිටි එම කවුන්සිල මූලස්ථානයේදී ආරම්භ වීමට නියමිතය. මෙවර සැසිවාරයේදී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දින 3ක් වෙන්කර තිබේ. පළමු දිනය Read More

GMP සහතිකය සියළුම ආපන ශාලාවලට අනිවාර්ය කරන්න

ආපන ශාලාවල යහපත් නිෂ්පාදන පවතින බව තහවුරු කෙරෙන GMP සහතිකය සියලුම ආපන ශාලාවලට අනිවාර්ය කිරීමේ නීතිය ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලෙස ඉල්ලමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවා තිබේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ඉකුත් 2015 ජුනි 11දා, GMP සහතිකය අදාළ ආපනශාලාවලට ලබාදීම මගින් වඩාත් ගුණාත්මක සේවාවක් Read More

t

o

p