Special News

අන්දමන් දූපත් ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක්

අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව රිච්ටර් පරිමාණයේ 5.8 ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. අද (29) අලුයම් කාලයේ මෙම භූකම්පනය සිදුව ඇති බවයි ඉන්දීය භූ කම්පන විද්‍යාව සඳහා වූ ජාතික මධ්‍යස්ථානය සඳහන් කළේ. මෙම භූකම්පනය පොළව මතුපිට සිට කිලෝමීටර් 69ක් ගැඹුරින් සිදුව ඇති බවයි නිරීක්ෂණය වී ඇත්තේ.

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.  ඒ, මානව හිමිකම් උල්ලංඝණය වීම සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ පත්කළ පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය දීර්ඝ කරමින් ය.  ඒ අනුව එම කොමිෂන් සභාවේ නිල කාලය අගෝස්තු 31 වැනිදා දක්වා දීර්ඝ කෙරෙනු ඇති.

අපොස උසස් පෙළ විභාග සම්බන්ධයෙන් දැනුම්දීමක්

අද (28) දින මධ්‍යම රාත්‍රී 12.00 න් පසු අපොස උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. උසස් පෙළ විභාග අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට ඉදිරිපත් කළ හැකි අතර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම එළඹෙන මස (18) වැනිදා සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. අපොස සාමාන්‍ය පෙළ ඇගයීම් Read More

සුව සැරිය 7 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නොමිලේ ගිලන් රථ සේවාව වන 1990 සුව සැරිය ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුම ක්‍රියත්මක කර අදට (28) වසර හතක් සපිරෙයි. සුව සැරිය සේවාව සඳහන් කළේ පුරා වසර හතක් මුළුල්ලේ ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත බේරා ගැනීම සදහා පූර්ව රෝහල් ගිලන් රථ සේවයේ පුරෝගාමීන් වශයෙන් ඇප කැප වී කටයුතු කිරීම ඉමහත් අභිමානයක් බවයි. එම අභිමානයේ Read More

2035 වන විට ශ්‍රී ලංකාව ආසියාවේ මෝටර් වාහන සැපයුම් දාමයේ කේද්‍රස්ථානය බවට පත් කිරීමට සූදානමක්

2035 වසර වන විට ශ්‍රී ලංකාව ආසියාවේ මෝටර් වාහන සැපයුම් දාමයේ කේද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණ බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කර්මාන්ත අමාත්‍යාංශය හා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කල ජාතික රථ වාහන සම්මන්ත්‍රණයේ ( National Automotive Conference) ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි. මෝටර් වාහන ක්ෂේත්‍රය Read More

ආනයනික බිත්තර තවත් දිස්ත්‍රික්ක දෙකකට

බස්නාහිර පළාත, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා අවශ්‍ය ආනයනික බිත්තර තොග මේ වනවිට සියලු සතොස වෙළදසැල් වෙත බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසයි. ඊයේ (27) දිනයේ බස්නාහිර පළාතේ සතොස අලෙවිසැල්වලට යොමුකළ සියලු ආනයනික බිත්තර තොග අවසන් වී ඇති බැවින් ඊයේ රාත්‍රියේ නව තොග බෙදාහැරීමට අවශ්‍ය පියවර ගත් Read More

ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා අද දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා මහතා, දෙදින නිල සංචාරයක් සඳහා අද (28)දිවයිනට පැමිණෙයි. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ඔහු සමග 22 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් දිවයිනට පැමිණෙන බවයි. ජපාන ජ්‍යෙෂ්ඨ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධීකාරක මුරකමී මනබූ, අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් අරිමා යුටකා යන මහත්වරුන් ද ඊට ඇතුළත් ය.

පාසල් සපත්තු සහ බෑග් මිල පහතට

පාසල් සපත්තු සහ බෑග් මිල 10% කින් පහත දැමීමට නිෂ්පාදකයන් තීරණය කර ඇති බව අද (27) මුදල් අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී අනාවරණය වූ බව වාර්තා වී ඇත. පාසල් සපත්තු සහ බෑග් නිෂ්පාදකයන් සමඟ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවත්වන ලද දීර්ඝ සාකච්ඡා වට කීපයකින් අනතුරුව නිෂ්පාදකයන් විසින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය. දැනට වෙළෙඳපොළේ Read More

උදයාර්කට්ටු ප්‍රදේශයේ පවුලකට යුධ හමුදාව වෙතින් නව නිවසක්

යුධ හමුදාව විසින් උදයාර්කට්ටු ප්‍රදේශයේ පදිංචි අසරණ පවුලක් සඳහා නව නිවසක් ඉදිකර එය ප්‍රතිලාභීන් අතට පත් කිරීම පසුගියදා පැවති කෙටි උත්සවයකදී සිදු කෙරිණ. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ 68 පාබල සේනාංකය යටතේ ඇති 681 පාබල බලසේනාවේ 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් විසින් මෙම ව්‍යාපෘතිය සඳහා ඉංජිනේරු සහ තාක්‍ෂණික දැනුම ලබා දුන් අතර, Read More

ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංගම බස් රථ අලුත්වැඩියා කොට නැවත ධාවනයට

රටේ පැවති ආනයන සීමා හේතුවෙන් ඇති වූ අමතර කොටස් හිඟය සහ මිලදී ගැනීමේ මූල්‍ය දුෂ්කරතා නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 175ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් දැනුම් දීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ප්‍රවාහන අමාත්‍ය බන්දුල Read More

t

o

p