Special News

කොළඹ ජාත්‍ය­න්තර පොත් ප්‍රද­ර්ශ­නය ඇරැඹේ

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 24 වැනි වරට සංවිධාන‌ය කරන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය – 2023’ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේදී ආරම්භ විය. අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදු වූ අතර, ඊට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස අමෙරිකානු කොන්ග්‍රස් පුස්තකාලයේ පුස්තකාලයාධිපති ජෝතිකා භාම්බ්‍රි (Jyotika Bhambri) මහත්මිය ඇතුළු දෙස් විදෙස් ආරාධිතයෝ පිරිසක් එක්ව Read More

ජාතික රෝහලට නව MRI යන්ත්‍රයක්

ශ්‍රී ලංකා ජාතික රෝහල සඳහා වන සිව්වන MRI යන්ත්‍රය එම රෝහල වෙත නිල වශයෙන් භාර දීම ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙකි මහතා විසින් සිදුකෙරිණි.ජපානයේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා වන ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන රුපියල් බිලියන 1.76 ක ආධාර වැඩපිළිවෙළ යටතේ මෙම MRI යන්ත්‍රය මෙරටට හිමිව තිබේ. ඒ අනුව රුපියල් මිලියන 400ට අධික වටිනාකමින් Read More

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ මිලදී ගැනීම් සහ සේවක සංඛ්‍යාව ඇතුළු කරුණු පිළිබඳ පරීක්ෂාවට අනු කමිටු දෙකක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ආශ්‍රිත කරුණු සහ මානව සම්පත් කළමනාකරණය, සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල්, ආයතන කළමනාකරණය සහ තොරතුරු තාක්ෂණය ආශ්‍රීත පද්ධති සම්බන්ධ ගැටලු ඇතුළු වැදගත් කරුණු පිළිබඳ පරීක්ෂා කිරීමට කෝපා කමිටුවේ අනු කමිටු දෙකක් පත් කරීම සිදු විය. මෙසේ මෙම අනු කමිටු දෙක පත් කරනු ලැබුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත Read More

නිශ්චිත ස්ථිර බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම ආයෝජකයන් මෙන්ම කර්මාන්තකරුවන් අධෛර්යමත් වීමට හේතුවක්

මෙරට නිශ්චිත ස්ථිර බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම ආයෝජකයන් මෙන්ම කර්මාන්තකරුවන් අධෛර්යමත් වීමට හේතුවක් වන බව රජයේ මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ අංක 2336/72 දරන ගැසට් පත්‍රයේ පළකර ඇති නියමය පිළිබදව මෙහිදී අවධානය යොමු කෙරිණි. සබන් නිෂ්පාදනය සදහා මෙරටට ‘සෝප් නූඩ්ල්ස්’ Read More

පුංචි ඡන්දයට දුන් නාමයෝජනා අවලංගු කරයි

පළාත් පාලන මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන්, ඒ සඳහා නාමයෝජනා බාර දුන් අපේක්ෂකයින් මහත් අපහසුතාවයකට පත්ව ඇති බවත්, මෙම අර්බුදකාරී තත්වයට පිළියමක් ලෙස එසේ බාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට කටයුතු කිරීමටත් අද දින පැවති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ඒකමතික එකඟත්වය හිමි විය. මෙලෙස ඒකමතික එකඟත්වය හිමි වුයේ Read More

ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය සමඟ වෙළඳ ශේෂ අතිරික්තයක්

ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය සමඟ වෙළඳ ශේෂය අතිරික්තයක් පවතින බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී කරුණු අනාවරණය විය. “GSP ප්ලස්, යුරෝපය සහ උතුරු ඇමරිකානු කලාප අතර වෙළඳ සබඳතා පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් විසින් මෙම කරුණු කාරක සභාව වෙත අනාවරණය කරන ලදී. ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් Read More

සුරා බදු බිලියන 1.5 කට වඩා හිඟ බදු ගෙවිය යුතු සමාගම් ආගිය අතක් නෑ!

සුරාබදු ප්‍රමාද වූ ගෙවීම් සඳහා අදාළ ආයතන 7 ක් පවතින බවත් සමාගම් දෙකක් බිලියන 1.5 කට වැඩි ප්‍රමාණයක් ගෙවිය යුතුව තිබුණත් ඔවුන් සම්බන්ධ කිසිදු තොරතුරක් තවමත් ලැබී නොමැති බවත්, පාර්ලිමේන්තුවේදී පැවති ක්‍රම සහ විධි කාරක සභාවේදී අනාවරණය විය. අනෙක් සමාගම් ගෙවීම් සැලසුම්වලට අනුව කටයුතු කළද මෙම සමාගම් ද්විත්වය ගෙවීම් සැලසුම් ඉදිරිපත් කොට නොමැති බවත් මෙහිදී Read More

තිරසර සංවර්ධනයක් කරා රට මෙහෙයවීමට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය අවශ්‍යයි – ජනපති

වත්මන් මෙන්ම අනාගත පරම්පරාවන්ට ද සාමයෙන් හා සංහිදියාවෙන් යුත් සෞභාග්‍යයමත් අනාගතයක් සහතික කරමින්, රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම තම අභිප්‍රාය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක නායකයන් ඉදිරියේ අවධාරණය කළේය. මෙම ඉලක්කය කරා ළඟා වීමට, ශ්‍රී ලාංකීය ජනතාවගේ සේම ජාත්‍යන්තර ප්‍රජාවගේ ද විශ්වාසය සහ සහාය තමාට හිමිවනු Read More

තේ මණ්ඩලයේ කටයුතු පිළිබඳව කෝප් කමිටුවේ කනස්සල්ල

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ශ්‍රී ලංකා තේ මණ්ඩලය කැඳවා තිබිණි. මෙහිදී 2020 සහ 2021 වර්ෂය සදහා විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය පිළිබද පරීක්ෂා කිරීම සිදුවූ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ඩී. මෙල් යන මහත්වරුන් නිලධාරීන් පිරිසක් මෙම Read More

එ.ජ. නියෝජිතායතනයෙන් (USAID) ඇ.ඩොලර් මිලියන 19.23ක මුදලක්

ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එ.ජ. නියෝජිතායතනය (USAID) සහ ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් සංවර්ධන අභිප්‍රාය ප්‍රදාන ගිවිසුමක් හරහා මෙම ඇ.ඩොලර් මිලියන 19.23ක (රු. බිලියන 6.2) මුදල ලබාදීමට එකඟ වී තිබේ. මෙම සංවර්ධන ආධාර මුදල රටේ ආර්ථික වර්ධනයට සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රියාකාරකම් සඳහා උපකාර කරනු ඇත. එමගින් පිළිබිඹු වන්නේ ශ්‍රී ලංකාව සමගින් ඇති හවුල්කාරීත්වයට සහ ජනතාව Read More

t

o

p