Gallery

රුසියානු ඔක්තෝබර් විප්ලවයේ සියවස් සැමරුම

2017 මාර්තු මස 13 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති රුසියානු ඔක්තෝබර් විප්ලවයේ සියවස් සැමරුම් උත්සවයට සහභාගි වූ ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා.

යොවුන් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩිවීම සතුටට කරුණක්

යොවුන් පාර්ලිමේන්තුව තුලින් විද්‍යාමාන වනුයේ අනාගත පාර්ලිමේන්තුවක කැඩපත බවත් වත්මන් පාර්ලිමේන්තුවේ දහතුන් දෙනෙකු වන කාන්තා නියෝජනය යොවුන් පාර්ලිමේන්තුව තුළ එමෙන් දෙගුණයක් වීම සුභවාදී තත්ත්වයක් වුව ද එය තවදුරටත් වර්ධනය කළ යුතු බවත්, ලෝකයේ දියුණු රටවල ව්‍යවස්ථාදායකයේ කාන්තා නියෝජනය 30% ඉක්මවන බවත් කථානායකවරයා පැවසීය. පාර්ලිමේන්තු ක්‍රමයේ දශක හතක ඉතිහාසයක් සම්පූර්ණ කරන ශ්‍රී ලංකාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පරිණතභාවයට Read More

අනගාරික ධර්මපාල පරෝපකාර පදනමෙන් කථානායකට උපහාර

ජපානයේ උසස්තම සම්මානය වන “උදාවන සූර්යයා” සම්මානය හිමි කර ගත් පළමු ශ්‍රී ලාංකිකයා වෙමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්පත් කර දීම පිලිබඳව අනගාරික ධර්මපාල පරෝපකාර පදනම සිය විශේෂ උපහාරය කථානායක කරු ජයසූරිය මහතා වෙත පල කිරීම පසුගියදා පෙරවරුවෙහි කථානායක නිල නිවසේදී සිදු විය.

කෑගල්ල ව්‍යවසායකයින්ට වර්ණ ප්‍රධානය අග්‍රාමාත්‍යවරයා අතින්

කෑගල්ල දිස්ත්‍රික් ව්‍යවසායකයින්ගේ වර්ණ ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අලව්ව ග්‍රීන්ලේස් හෝටලයේ පැවැත් වුණි.

T20 ප්‍රථම අගමැති කණ්ඩායමේ තරඟය අගමැති දෙපලගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ ඕවර විස්සයි විස්ස ක්‍රිකට් තරග මාලාවක් වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම ක්‍රීඩා කරන පෙරහුරු තරගයක් සංවිධානය කළ පළමු අවස්ථාව ශ්‍රී ලංකාව වෙත ලබා දුන්නේ දෙරටේ මිත්‍රත්වය නිරූපණය කෙරෙන සංකේතයක් ලෙස බව ඔස්ට්‍රේලියානු  අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් (Hon. Malcom Turnbull) මහතා පැවසීය. ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කැන්බරා නුවර මනුකා ඕවල් ක්‍රීඩාංගනයේ පැවති Read More

රනිල්ගේ සේවය අගයා ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, ඇමතිවරයෙකු හා අගමැතිවරයෙකු වශයෙන් සිදු කළ දීර්ඝ කාලීන සේවාව සහ ආර්ථික, අධ්‍යාපන හා මානව හිමිකම් ක්‍ෂේත්‍රයන් ඉහළට ඔසවා තැබිමට සිදු කළ මෙහෙවර අගයමින්, ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්ව විද්‍යාලය (Deakin University) විසින් අද (14) සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමිණි. ඩීකින් විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ශාලවේ පැවති උපාධි ප්‍රදානෝත්සවයේ දී එහි කුලපති Read More

ගංගාරාම නවම් පෙරහැර

කොළඹ, හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ 2017.02.10 දින පැවැති නවම් පෙරහැර උත්සවයට සහභාගී වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.

චීන නව අවුරුදු සැමැරුම් උළෙල හා සංස්කෘතික ප්‍රසංගය කථානයක ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා චීන සබදතාවන්හි 60 වන සංවත්සර සැමරුමට සමගාමීව කොළඹ නිදහස් චතුරශ්‍රයේ ආකේඩ් පරිශ්‍රයෙහි පැවැති චීන නව අවුරුදු සැමරුම් උළෙල සංස්කෘතික ප්‍රසංගය සහ ලන්තෑරුම් ප්‍රදර්ශනයේ සමාරම්භය ගරු කථානායක කරු ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ සහභාගීත්වයෙන් සිදු විය.

69වන ජාතික නිදහස් දින සැමරුම

ශ්‍රී ලංකාවේ 69 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලූ මුවදොර පිටියේදී මහත් අභිමානවත් ආකාරයෙන් පැවැත්වුණි.  ”ජාතික සමගිය” මෙවර ජාතික නිදහස් දින තේමාව විය.  උත්සව භූමියට පැමිණි ගරු ජනාධිපතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිණිය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් පිළිගනු ලැබූ අතර Read More

t

o

p