අලි බලන්න මහකනදරාව වැව ළඟ සංචාරකයින් පිරෙයි

මිහින්තලේ මහකනදරාව වැව ආශ්‍රිතව ගැවසෙන වන අලින් නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. සෑමදිනකම සවස් කාලයේ සියයකට ආසන්න වන අලි රංචුවක් මහකනදරාව වැව ආශ්‍රිතව ගැවසෙන බවයි අප වාර්තාකරු සඳහන් කරයි. අනුරාධපුර ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ ගමන් කරන පිරිස් මෙන්ම සංචාරකයන්ට එය අපූර්ව අත්දැකීමක් වී තිබේ. වන අලි අතර පැටවුන් ද සිටින බවයි Read More

O/L ප්‍රතිඵල එන දවස මෙන්න

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ මෙවර විභාග ප්‍රතිඵල තවත් දින 4කින් ලබාදිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියයි.ජනපතිවරණය නොපැවත්වුණේ නම් මේ වන විටත් එහි ප්‍රතිඵල ලබාදීමට හැකියාව තිබූ බවත්, ඡන්ද විමසීම නිසා සිය නිලධාරීන් වැඩි පිරිසක් ඡන්ද රාජකාරිවල යෙදීම නිසා ප්‍රතිඵල පමා වූ බවද ඒ මහතා පැවසීය.ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු Read More

කාන්තා T20 ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් තීරකවරියක් සහ විනිසුරුවරියක්

ඔක්තෝබර් 3 වැනිදා ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නම්කළ නිලධාරීන් අතරට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ඇතුළත්ව සිටී. ඒ තරග තීරකවරියක් සහ විනිසුරුවරියක් ලෙසය. තරග තීරකවරියක් ලෙස මි‍ෂෙල් පෙරේරා කටයුතු කරන අතර විනිසුරුවරියක් ලෙස නිමාලි පෙරේරා නම්කර තිබේ 9 වැනි වතාවටත් ක්‍රියාත්මක ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන Read More

රටවල් 100කට වැඩි පිරිසක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ දී චීනයට සහාය පළ කරයි

ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් චීනයේ මානව හිමිකම් තත්ත්වය කෙරෙහි අපවාද නැගීම සම්බන්ධයෙන් රටවල් 100කට වැඩි ප්‍රමාණයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 57 වැනි සමුළුවේදී විවිධ ආකාරයෙන් චීනයේ ස්ථාවරයට අනුබල දී තිබේ. චීනය ඇතුළු රටවල් 80ක් වෙනුවෙන් කියුබා නියෝජිතයා එම අවස්ථාවේදී පොදු ප්‍රකාශයක් සිදු කරමින් පැවසුවේ ෂින්ජියං උයිගුර් ස්වායත්තය, හොං කොං විශේෂ පරිපාලන කලාපය, ටිබෙට් ස්වායත්තයේ Read More

දෙවන ටෙස්ට් තරඟය සඳහා ශ්‍රී ලංකා සංචිතය

සංචාරක නවසීලන්තයට එරෙහිව අද (26) ආරම්භ වීමට නියමිත දෙවන ටෙස්ට් තරඟය සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. විශ්ව ප්‍රනාන්දු ආබාධයකට ලක්වීම හේතුවෙන්, පිට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් මෙම සංචිතයට කැඳවා ඇත. එමෙන්ම මිලාන් රත්නායක ද මෙම සංචිතය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතය. ඒ අනුව, දෙවන ටෙස්ට් තරඟය Read More

පාස්පෝට් පෝලිම අවසන් කරන දිනය

රටේ විශාලතම ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන විදෙස් ගමන් බලපත්‍ර ගැටලුවට ලබන ඔක්තෝබර් 15 ත් 20 ත් අතර වනවිට විසඳුම් ලබාදීමට සූදානම් බවත් ඒ අනුව පාස්පෝට් පෝලිම අවසන් කිරීමට කටයුතු කරන බවත් නව මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් පවසයි. මහජන ආරක්ෂක ඇමැතිවරයා කියා සිටින්නේ පෝලිම් අවසන් කර නව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමද ඉදිරියේදී ආරම්භ කරන Read More

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.95ක් ලෙස සහ විකුණුම් මිල රු. 307.31ක් ලෙස පහළ ගොස් තිබේ. අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි. ලංකා Read More

මහනුවර ප්‍රදේශ කිහිපයකට පැය 65ක ජල කප්පාදුවක්

නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොල්ගොල්ල ජලාශය ලබන 27 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කර තිබේ. ඒ අනුව මහනුවර හා ඒ අවට ප්‍රදේශවලට දින දෙකක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති. මහවැලි අධිකාරිය සඳහන් කළේ, වියළි කාලගුණික තත්ත්වයක් පැවතීමත් රජරට කෘෂිකාර්මික කටයුතු මෙම දිනවල අවසන්ව තිබීමත් හේතුවෙන් ජලාශයේ නඩත්තු කටයුතු මෙම දිනවලදී සිදුකිරීමට තීරණය Read More

පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14

ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාව යටතේ ඔහු වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව හා 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තියේ විධිවිධාන අනුව, 2024 සැප්තැම්බර් 24 වැනි දින මධ්‍යම රාත්‍රියෙහි සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත් 2024 නොවැම්බර් 21 වැනිදා අභිනව පාර්ලිමේන්තුව රැස්වීම සඳහා කැඳවන බවත් Read More

කාලගුණයෙන් නිවේදනයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේදී වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්. එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් Read More

t

o

p