2019 වසරේ ණය ගෙවන්න රු.බි.2200ක් අවශ්‍යයි

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද 2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට ඊයේ (7) අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි. එම විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2019 වසරේදී ඇස්තමේන්තු කල සමස්ත රාජ්‍ය වියදම රු. බිලියන 4,470 ක් වේ. ඒ අනුව මේ වසරේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.8% ක් පමණ වේ. 2019 Read More

විපක්ෂ නායක ලෙස මහින්ද රාජපක්ෂ පිළිගන්නා බව කථානායක පවසයි

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස මහින්ද රාජපක්ෂ මහතා පිළිගන්නා බව කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනයකින් අද පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. පාර්ලිමේන්තුව ආරම්භයේදී කතානායකවරයාගේ නිවේදන දැනුම් දුන්නේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාය. එම සම්පුර්ණ නිවේදනය මෙලෙසින්.. නිවේදනය 2018 දෙසැම්බර් මස 18 වෙනි  දින කථානායකතුමා විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ  විරුද්ධ පාර්ශ්වයේ අසුන් ගෙන සිටින පිළිගත් දේශපාලන Read More

නීති විරෝධී දුම්වැටි අලෙවියෙන් රු.බි.18ක බදු ආදයමක් අහිමිවෙයි

නීති විරෝධි දුම්වැටි මෙරට අලෙවි කිරිම තුළින් රජයට රුපියල් බිලියන 18 ක බදු ආදායමක් 2018 වර්ෂයේදී අහිමි වී ඇතැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසක් ඊයේ (07) එළි දැක්වූ පර්යේෂණ වාර්තාවක සඳහන්වේ. ශ්‍රී ලංකාවට 2018 වර්ෂයේදි පමණක් නිති විරෝධි දුම්වැටි මිලියන 583 ක සංඛ්‍යාවක් ඇතුළු වී ඇතැයිද එය ශ්‍රී ලංකාවේ සමස්ත දුම්කොළ නිෂ්පාදන වෙළෙද ‍පොලෙන් 15.57 ක් බවද නිති Read More

එක්සත් ජාතික පෙරමුණට සිවිල් සංවිධාන එක් කර ගැනීමට සූදානමක්

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානත්වයෙන් අරඹන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සඳහා මෙරට සිවිල් සංවිධාන සෘජුවම සම්බන්ධ කරගැනීමට තීරණය වී තිබේ. එක්සත් ජාතික පෙරමුණේ නායකයින් මෙම තීරණය ගනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම රැස් වූ අවස්ථාවේදීය. 2015 වසරේදී බල ගැන්වුණු යහපාලන ක්‍රියාදාමයට දායක වූ සියලු Read More

ජනපතිගේ ඉතා හොඳ පියවරක් අනුගමනය කිරීමට රනිල්ගෙන් ඇමැතිවරුන්ට උපදෙස්

රාජ්‍ය , අර්ධ රාජ්‍ය, ව්‍යවස්ථාපිත සංස්ථා මණ්ඩල ආදියේ  සභාපතිවරුන් පත් කිරීම සඳහා  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ චක්‍රලේඛය ඉතා හොද පියවරක් බැවින් ඒ අනුව කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතා එක්සත් ජාතික පෙරමුණේ  ඇමැතිවරුන්ට දැනුම් දී තිබේ. එක්සත් ජාතික පෙරමුණු සමිති සමගි සන්ධාන රජයේ සංස්ථා, මණ්ඩල සභාපතිවරුන්ගේ පත් කිරීම්  සඳහා කමිටුවක් නම් කරමින්  ජනාධිපති මෛත්‍රීපාල Read More

ඇ.ඩො.මි.1850ක ජපන් ණය ආධාරයෙන් කොළඹ සහැල්ලු දුම්රිය පද්ධතියක්

කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් (LRT) ස්ථාපනය කිරීම මෙම වසර තුළ ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා වැයවන ඇ.ඩො.මි. 1850 ක ණය ආධාර ලබාදීමට ජපානය එකඟතාවය පළකර තිබේ. කොළඹ කොටුව සිට මාලඹේ දක්වා දුම්රිය ස්ථාන 16 කින් සමන්විත කි.මී. 17  ක් පමණ දිගින් යුක්ත මෙම දුම්රිය Read More

මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු දුම්රිය ඉරිදා

අලුතෙන් ඉදිකළ මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගය පරීක්ෂා කිරීම සඳහා පළමුවරට එම මාර්ගයේ දුම්රියක් ධාවනය කිරීම ලබන ඉරිදා (06) පෙ.ව. 10.00ට සිදු කෙරේ. ඒ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ නිරීක්ෂණය යටතේ ය. එම දුම්රිය බෙලිඅත්ත සිට මාතර දක්වා ධාවනය කිරීමට නියමිතය. මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ප්‍රධාන දුම්රිය ස්ථාන හතරකි. ඒ කැකණදුර, බඹරැන්ද, වැවුරුකන්නල, බෙලිඅත්ත වේ. මෙම දුම්රිය Read More

නාමල් කුමාරට තහනම් නියෝගයක්

දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂක නාමල් කුමාරට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක අද (04) නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයෙන් සිදුකරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරව මෙම නියෝගය නිකුත් කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් කියා Read More

අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක හිමියන් බැහැදැක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03) දින ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේදී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත් අවස්ථාව ඡායාරූපවලින් දැක්වේ. මෙම අවස්ථාවට වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ද සහභාගි විය.

නව නාවික හමුදාපති හා අගමැති හමුව

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. එහිදී අග්‍රාමාත්‍යතුමා වෙත නාවික හමුදාපතිතුමන්  විසින් සමරු තිළිණයක් ද පිරිනමන ලද අතර එම අවස්ථාවට වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍යතුමාගේ ආරක්ෂක උපදේශක විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමිත් බාලසුරිය යන මහත්වරුද සහභාගි වූහ.

t

o

p