Local News

නීති විරෝධි ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 10 ක් නාවික හමුදා භාරයට

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් නීති විරෝධී ධීවර කටයුතු සිදු කළ 10 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. නාවික හමුදාව ත්‍රිකුණාමලය පෝඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සහ සිලාවතුර කොණ්ඩච්චිකුඩා මුහුදු ප්‍රදේශයේ කළ වැටලීම්වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණි. ධීවර කටයුතු සදහා යොදා ගැනුණු ඩිංගි යාත්‍රා දෙකක් කිමිදුම් උපකරණ සහ තවත් ආම්පන්න රැසක්ද නාවික හමුදාව සොයා ගෙන තිබේ. ශ්‍රී Read More

ඇහැලේපොළ වලව්ව මෙරට පළමු ඉටිරූප කෞතුකාගාරය වෙයි

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කල ඇහැලේපොළ වලව්ව දළදා මාලිගාවට පවරා දීමෙන් පසු පුරාවිද්‍යාත්මක හා සංස්කෘතිකමය වටිනාකම් ආරක්ෂා කර ගනිමින් මෙම ඉටි රූප කෞතුකාගාරය නිර්මාණය කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා පවසයි. ඇහැලේපොළ වලව්ව අයත් මහනුවර යුගයේ ගෘහනිර්මාණ ශිල්ප, චාරිත්‍ර වාරිත්‍ර සංස්කෘතිය, ආහාර රටාව, කර්මාන්ත හා කලා ශිල්ප ද එම Read More

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් 02ක් පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ. ඒ අනුව ඉතාලි ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එස්.ඒ රොද්‍රිගෝ මහතා පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ. එයට අමතරව, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගවේෂකයන්ගේ කණ්ඩායම හිමාලයට ගොස් ලැබුණු ජයග්‍රහණය

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගවේෂකයන්ගේ කණ්ඩායම සාර්ථක ලෙස හිමාල කඳුකරයේ උන්නතාංශ මීටර් 3500ට වැඩි පසු කිරීම් ස්ථාන තුනම (Three passes ) ජයග්‍රහණය කරයි. ලෝක කඳු නගින්නන් අතර අතිශය භයානක ඉතාම දුෂ්කර හා වඩාත්ම අභියෝගාත්මක කඳු තරණ මාර්ගයක් ලෙස මෙම එවරස්ට් බේස් කෑම්ප් (Everest Base Camp)කඳු තරණය ප්‍රචලිතය. පසු කිරීම් ස්ථාන තුන උස මීටර් 5550 ක් වන Read More

අයථා ක්‍රම මඟින් උප­යා­ගත් දේපළ රාජ­ස­න්තක කරන නීති ගෙන එන යෝජ­නා­වට කැබි­නට් අනු­මැ­තිය

කව­රකු සතුව හෝ කොමිස්, පගා, වංචා, දූෂණ මෙන්ම අල්ලස් මඟින් උප­යා­ගත් දේප­ළක් ඇත්නම් ඒ රාජ­ස­න්තක කිරී­මට අවශ්‍ය නීති ගෙන ඒම සඳහා වන යෝජ­නා­වට කැබි­නට් මණ්ඩල අනු­මැ­තිය හිමි වූ බව අධි­ක­රණ, බන්ධ­නා­ගාර හා ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා ප්‍රති­සං­ස්ක­රණ අමාත්‍ය ආචාර්ය විජ­ය­දාස රාජ­පක්ෂ මහතා ප්‍රකාශ කළේය. ඇමැ­ති­ව­රයා මේ බව පැව­සුවේ මහ­නු­ව­රදී මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මිනි. කැබි­නට් මණ්ඩ­ලය පෙරේදා (25) Read More

තායිවානයට ප්‍රබල භූ කම්පනයක්

තායිවානයේ හුවාලියන් ප්‍රදේශයේ අද (27) උදෑසන රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූ කම්පනයක් ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගියදා සිදු වූ භූමිකම්පාවෙන් අනතුරුව මේ දක්වා තායිවානය භූකම්පන 1000කට අධික සංඛ්‍යාවකට මුහුණ දී ඇති බවයි සඳහන් වෙයි. භූ කම්පනය හුවාලියන් සිට කිලෝමීටර් 24.9 ක් දුරට බලපෑ ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කිහිපයක් ජනපතිට

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා සිදු කෙරුණු මූල්‍ය පරිත්‍යාග කිහිපයක් ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් ඊයේ (26) භාර දී තිබේ. ඒ අනුව කල්මුණේ හුදා ජුම්මා පල්ලිය රුපියල් 1,589,000/ක මුදලක් සහ සමස්ථ ලංකා ජමිඉයියතුල් උලමා කින්නියා Read More

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (27) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටමක

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (27) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම එලෙස ඉහළ යනු ඇත. මෙහිදී ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ Read More

ආසියානු මලල ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී තවත් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ. ඒ වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ 4X400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීමත් සමගයි. තරගාවලිය ඊයේ (26) ඩුබායි හිදි පැවැත්විය.

ගුවන්විදුලි සංස්ථාවේ ගොඩනැගිල්ලක් ගැන අනාවරණයක්

සුපිරි වෙළඳසැලක් සකස් කළ ගිවිසුමකට අනුව ගුවන් විදුලි සංස්ථාව සතු කොළඹ නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලක් සහිත පර්චස් 120කට වැඩි භූමියක්, වසර 20කට ලබා ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය. එමෙන්ම එම ගොඩනැගිල්ලට සහ භූමියට අදාළ VAT ගෙවීම් වර්තමානය වන විට සිදු කරනු ලබන්නේද ගුවන් විදුලි සංස්ථාවෙන් ම බවද හෙළිවිය. මේ පිළිබඳ Read More

t

o

p