Special News

යෝෂිතගේ රුපියල් කෝටි 15 ක් රාජ සන්තක වේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහගාගේ පුත් යෝෂිත රාජපක්ෂගේ බව කියන රුපියල් මිලියන 158 කට  අධික මුදලක් රාජසන්තක කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා  ඊයේ (10) නියෝග කළේය.

වැට් පනත ගැන කතානායකගෙන් ඓතිහාසික තීන්දුවක්

එකතු කල අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත හෙවත් වැට් පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු මූලාසනයේදී ඓතිහාසික ප්‍රකාශයක් කිරිමට නියමිතය.

ගල් අගුරු ගණුදෙනුවෙන් පාඩුවක් නැහැ – ඇමති සියඹලාපිටිය

විශාල ආන්දෝලනයක් ඇති කළ ගල් අගුරු ගණුදෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට පැහැදිලි ලාභයක් සිදු ව තිබෙන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (10) ප්‍රකාශ කළේය.

ඇවන්ගාඩ් ගැන සාගල පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් පවතින පරික්ෂණ සංකීර්ණ බැවින් එම පරික්ෂණ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැදවා සියලූ තොරතුරු සභාවට ඉදිරිපත් කරනා බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (10) ප්‍රකාශ කළේය. ඇවන්ගාඩ් සමාගම යටතේ ගාල්ල වරායේ නවතා තිබු මහනුවර නෞකාවේ තිබි සෙයාගත් ගිනි අවි 3005 ක් හා උණ්ඩ 721882, ගාල්ල දක්ෂිණ Read More

පෝට් සිටිය පාලනයට සංස්ථාවක් රජය තීරණය කරයි

ශ්‍රී ලංකා ආණ්ඩුව යටතේ ස්ථාපිත කෙරෙනා චින නිලධාරින්ද සිටිනා සංස්ථාවක් මගින් කොළඹවරාය නගරයේ පාලනය පවත්වාගෙන යන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (10) ප්‍රකාශ කළේය. කොළඹවරාය නගරයේ සියලූ සේවා සැපයිම් කොළඹමහ නගර සභාව මගින් සිදු කරනා බවද පැවසු අගමැතිවරයා පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත සංස්ථාවක් මගින් පාලන කටයුතු කරනා බවද කීවේය. හෙක්ටයාර 260 ක පෝට් Read More

ජ.නි.පෙ. මාධ්‍ය ලේකම් මුසම්මිල්ට ඇප

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහනයක් අවභාවිතා කිරිම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා ඇප මත මුදා හැරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

ඇත්ගොව්වන් මහනුවර දළඳා මාලිගා පරිශ්‍රයේ සත්‍යග්‍රහයක්

වනජීවී භාරයට ගත් අලින් පෙරහැර සදහා  නිදහස් නොකරන්නේ නම් අද (9) සිට මහනුවර දළඳා මාලිගාවේ පෙරහරට අලින් සහභාගි නොකරන බව පවසමින් හීලැ අලි ඇතුන් සුරැකීමේ සංවිධානයේ ජාතික සංවිධායක මාගල්කන්දේ සුදත්ත හිමියෝ ඇතුළු ඇත්ගොව්වන් පිරිසක් ද මහනුවර දළඳා මාලිගා පරිශ්‍රයේ සත්‍යග්‍රහයක් ඇරඹූහ.

ශ්‍රේෂ්ඨාධිකරණය සමඟ හැප්පෙන්නේ නැහැ – අගමැති

ශ්‍රේෂ්ඨාධිකරණය එකතු කල අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දී ඇති තින්දුව පිළිබඳව කතානායකවරයා තීරණයක් දිය යුතුව ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (09) ප්‍රකාශ කළේය.

t

o

p