Special News

ඉරානය සතු නවීන තාක්ෂණය ශ්‍රී ලංකාව සමග බෙදාගැනීමට සූදානම් – ඉරාන ජනාධිපති

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්ත වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වන “උමා දිය ජනනි” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන – ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ සුරතින් අද (24) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරුණා ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා මෙම අවස්ථාවට සහභාගීවන ලෙස ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මා වෙත කරන ලද ආරාධනාව පිළිබඳව මම Read More

වතුකම්කරු වැටුප වැඩි කිරීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි. ඒ් මහතා මේ බව ප්‍රකාශ කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්. වතුකම්කරුවන්ගේ වෘත්තිය සමිති මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමය සමග සාකච්ඡා කර යම් නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කරමින් රුපියල් 1700ක අවම වැටුපක් ලබාදීමට Read More

කොළඹ සිට මහනුවරට දුම්රිය ගමන් කර වසර 157ක්

අපේ ර‍ෙට් ගමනාගමන ක්ෂේත්‍ර‍ෙය් මහා පෙරැළියක් කරමින් දුම්රිය ප්‍රවාහන සේවය කොළඹ සිට මහනුවර දක්වා ආරම්භ කර මෙම මස 26 වැනි දිනට වසර 157ක් සපිරේ. දුම් කෝච්චිය නැතිනම් ගල් අඟුරු කෝච්චිය ගැන පොඩි දරුවන්ගේ මුවින් පිටවෙන්නේ ‘අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා’ යනුවෙනි. එදා දුවපු යකඩ යක්කු අද දකින්න ලැබෙන්නේ බොහෝම කලාතුරකිනි. ඒ වෙනුවට Read More

නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

වීරසේන ගමගේ මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (24) දිවුරුම් දුන්නේය. කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අනුරාධපුරය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කේ. එච්. නන්දසේන මහතාගේ අභාවය හේතුවෙන් ඇති Read More

ඉරාන ජනපති අද දිවයිනට

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා අද (24) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ආරාධනය පරිදි ඉරාන ජනාධිපතිවරයා මෙලෙස ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයකට එක් වන අතර 2008 වසරේ අප්‍රේල් මාසයේ දී එවකට ඉරාන ජනාධිපති මොහොමඩ් අහමදිනෙජාඩ් මහතාගේ සංචාරයෙන් Read More

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් අප්‍රේල් මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. එම නිවේදනයේ දැක්වෙන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය බත්තරමුල්ල, ශ්‍රී සුභූතිපුර පාරේ පිහිටි “සුහුරුපායේ” 16 වැනි මහලෙහි ඇති නව කාර්යාල පරිශ්‍රය වෙතට රැගෙන යාමේ කටයුතු හේතුවෙන් මෙම දින දෙක තුළ එම සේවාවන් තාවකාලිකව අත්හිටුවන Read More

මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිටි හමුදා සාමාජිකයන් 10 දෙනෙකු මියගොස් තිබේ. මැලේසියානු නාවික හමුදාවේ ප්‍රධාන මූලස්ථානය පිහිටි උතුරු ලුමුට් නගරයට ඉහළ අහසේදී මෙම අනතුර සිදුව ඇති බවත් අනතුර හේතුවෙන් එක් යානයක් පිහිනුම් තටාකයක් අසලටත් අනෙක් යානය ක්‍රීඩාංගනයක් අසලටත් කඩා වැටී Read More

ගුවන් හමුදාපතිගේ නම අමෙරිකා සරසවියක ආදි සිසු ගෞරව නාමාවලියට

ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා, අමෙරිකා එක්සත් ජනපද ඇලබාමා ජාත්‍යන්තර ගුවන් විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය ගෞරව නාමාවලියට එක්කර තිබේ. අමෙරිකා එක්සත් ජනපදයේ, ඇලබාමා ප්‍රාන්තයේ, මැක්ෂ්වෙල් ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කර ඇති ජාත්‍යන්තර ගුවන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ගෞරව නාමලේඛනය (International Honour Roll) සඳහා එම විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ නිලධාරීන්ගේ නම් ඇතුළත් කිරී‌‌මේ උත්සවය එම Read More

බක් පුර පසළොස්වක පොහොය අදයි

බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ. බක් පුර පසළොස්වක පොහොය දිනක ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුව තිබේ. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේ ද බක් පුර පසළොස්වක පොහොය දිනයකයි. චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කරන්නේ ද අද වැනි උතුම් Read More

මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වය ගැන ජාත්‍යන්තරයේ පැසසුම්

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ සාර්ථකත්වය පිළිබඳ ජාත්‍යන්තර පැසසුම් මැද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ 2024 වසර මැද රැස්වීම් සාර්ථකව අවසන් වූ බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි. මේ තීරණාත්මක රැස්වීම්වලදී ධනාත්මක ප්‍රතිඵල ගත් අතර, එය අපගේ රටට නව අධිෂ්ඨානශීලී ගමන්මඟක් සහ බලාපොරොත්තුවක් සනිටුහන් කළ බව ද සමුළුවට එක්වූ රාජ්‍ය Read More

t

o

p