Special News

චීනයට සුළි කුණාටු දෙකක්

පැයට කිලෝමීටර 200ක වේගයෙන් හමායන සෝලා සුළි කුණාටුව චීනයේ ගුවැන්ඩොන් පළාතට කඩා වැදී තිබේ. එහි බලපෑමෙන් ෂෙන්සෙන්, මැකාවු පළාත්වලට සහ හොංකොං නගරයට දැඩි සුළං තත්වයක් බලපා ඇති අතර ජල ගැලීම් ද වාර්තාවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එමෙන්ම, පැයට කිලෝමීටර් 160ක වේගයෙන් හමා යන හයිකුයි සුළි කුණාටුව හෙට වනවිට චීනයේ ෂෙජියැන්ග් පළාතට කඩා වදින බවයි Read More

කටුකුරුන්ද පුහුණු පාසලේ විශේෂ කාර්ය බළකායේ 39 වන රණවිරු ගුණානුස්මරණයෙන්

විශේෂ කාර්ය බළකායේ 39 වන රණවිරු ගුණානුස්මරණ ප්‍රධාන උත්සවය ඊයේ (01) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් පී.වියානි ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා පුහුණු පාසලේ දී පැවැත්විණි. යුද්ධය හේතුවෙන් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 464 දෙනෙකු සහ කම්කරුවන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.ආබාධිත තත්වයට පත්ව ඇති නිලධාරීන් සංඛ්‍යාව 744 ක්. ප්‍රධාන සැමරුම් උත්සවයට සමගාමීව විශේෂ කාර්ය Read More

සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ලබන 6, 7 සහ 8 යන දිනයන්හිදී පැවැත්වේ

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව ලබන 6,7 සහ 8 තෙදින විවාදයට ගැනීමට අද (01) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසන ලදි. පාර්ලිමේන්තුව එළඹෙන සතියේ 5 වැනි අගහරුවාදා සිට 8 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත අතර Read More

නීති අධ්‍යයන සභාවේ ගැසට් පත්‍රය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු වෙයි

නීති අධ්‍යයන සභාව විසින් 2023 මැයි 15 වැනි දින නිකුත් කළ අංක 2332/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් පසුගියදා පැවති අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමු විය. ඒ අනුව ගැසට් පත්‍රයේ ඇතුළත් නීති විද්‍යාලයට ඇතුළත් වීමේ අවශ්‍යතා පිළිබඳව කමිටුව විසින් අවධානය යොමු කරන ලදී. මෙම ගැසට් Read More

තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව, දකුණු පළාත්වල සහ මහනුවර මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික් සඳහා අද පස්වරු 1ට මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ හෙට පස්වරු 1 දක්වා වලංගු වන ආකාරයෙන්. එහි දැක්වෙන්නේ දිවයින හරහා නිරිත දිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් නිරිතදිග Read More

තෝරාගත් පාසල් 100ක ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම් පිහිටුවීමේ වැඩසටහනක් ආරම්භ වෙයි

අනාගත පරපුර නවීන තාක්ෂණයෙන් මෙන්ම මූල්‍ය සාක්ෂරතාවයෙන් ද සවිබල ගන්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. නව ආර්ථික ක්‍රමවේද සමඟ 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් කරා යන ගමනේ දී එය අත්‍යවශ්‍ය කරුණක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එසේම ලබන වසරේ සිට මහ බැංකු වර්තාව පාසල්වල සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා ගුරුවරුන්ට හා ශිෂ්‍ය Read More

පළාත් පාලන ආයතන උපයගන්නා මුදල් පිළිබඳව විගණනයක් කළ යුතුයි

පළාත් පාලන ආයතන විගණනයට ලක් වුවත්, එම ආයතන තමන් විසින්ම උපයගන්නා මුදල් පිළිබඳව මෙතෙක් විගණනය ට ලක් නොවූ බව රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ සභාපති, රාජ්ය අමාත්ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. ඒ අනුව එලෙස විගණයට ලක් නොවන අංශ ද විගණනයට ලක් කිරීමට රජයේ ගිණුම් පිලිබඳ කාරක සභාවේ (කෝපා) අවධානය යොමුව තිබෙන බව සභාපතිවරයා ප්‍රකාශ කරන Read More

වාහන 6900ක් ගෙන්වීමට අවසර හිමිවෙයි

වාහන ආනයනය තහනම තිබියදී වාහන 6900 ක් ගෙන්වීමට අවසර දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මින් වාහන 3000ක්ම පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ජිප් රථ සහ ත්‍රිරෝද රථ බවද ඔහු සඳහන් කරයි. මීට අමතරව වාහන ආනයන තහනම පියවරෙන් පියවර ඉවත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

සතොසට බිත්තර පැමිණීමත් සමඟ දේශීය බිත්තර මිල පහළට

කළුතර දිස්ත්‍රික්කය පුරා ඇති සතොස වෙළෙඳසැල් 24 මඟින් දෛනිකව රුපියල් තිස්පහ බැගින් අලෙවි වන බිත්තර ප්‍රමාණය ඉහළ යෑමත් සමඟ සාමාන්‍ය වෙළෙඳසැල්වල ද මේ වන විට බිත්තර මිල පහත වැටී ඇතැයි පාරිභෝගික ජනතාව කියයි. රුපියල් හැටක්, හැත්තෑවක් වැනි අධික මිලකට ඉහළ ගොස් තිබූ සාමාන්‍ය වෙළෙඳසැල්වල බිත්තර මිල ආනයනික සතොස බිත්තර අලෙවියත් සමඟ දේශීය වෙළෙඳපොළේ නිෂ්පාදිත බිත්තර Read More

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව අද (31) සවස 3ට පැවැත්වේ. තරගාවලියේ බී කාණ්ඩයෙන් පැවැත්වෙන පළමු තරගය මෙයයි.දෙරට අතර මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 51ක් පවත්වා ඇත. ඉන් තරග 40ක්ම ජයගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි.තරග 9ක් බංග්ලාදේශය ජය ගත්තේ ය.තරග දෙකක් අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි. තරගාවලිය TV 1 Read More

t

o

p