Life Style

ලෝක රූ රැජිණ කිරුළ චෙක් ජනරජයට

2024 ලෝක රූ රැජිණ කිරුළ දිනා ගැනීමට චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා සමත් වී තිබේ.ලොව රටවල් 112ක තරගකාරියන් මෙවර පැවති 71 වැනි ලෝක රූ රැජිණ තරගය සඳහා සහභාගී විිය. ඉන්දියාව ලෝක රූ රැජිණ තරගයක සත්කාරකත්වය මෙවර දැක්වූයේ වසර 28කට පසුවයි. එහිදී ඉන්දියාව නියෝජනය කරමින් එම තරගයට ඉදිරිපත් වූ සිනි ෂෙට්ටි අවසන් 8 දෙනා අතරට පැමිණීමට සමත් Read More

කාන්තා අභිවෘද්ධියට පනත් කෙටුම්පත් 02ක්

කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් පනත් කෙටුම්පත් 02ක් සකස් කර තිබේ. ඒ, සවිබල ගැන්වීමේ පනත හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමානාත්මතාවය පිළිබඳව පනත් කෙටුම්පතයි. කොළඹ දී පැවත්වුණු ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුමට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කර සිටියි.

කාන්තාවගේ අභිමානයට රජය පියවර රැසක් ගත්තා – ජනාධිපති

කාන්තා දිනය එක් දවසකට පමණක් සීමා නොකර, නව නීති රීති හා ප්‍රතිපත්ති සම්පාදනය කරමින් කාන්තාවගේ අභිමානය සහ ආරක්ෂාව වෙනුවෙන් රජය පියවර රැසක් ගෙන ඇති බව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඒ පණිවිඩය මෙසේය: “සාම්ප්‍රදායික භූමිකා අබිබවා දැනුමෙන්, හැකියාවන්ගෙන් සහ වෘත්තීයභාවයෙන් සන්නද්ධව ශ්‍රී ලාංකේය කාන්තාව අද මෙරට ආර්ථිකය Read More

මෙරට ජාතික ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන පැසසුමට

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ජාතික ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන ඉතා කාර්යක්ෂමව, විධිමත් ප්‍රශස්ත මට්ටමින් පවත්වා ගෙන යාම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත එන්නත් සහ ප්‍රතිශක්තීකරණ පිළිබඳ ගෝලීය සන්ධානය විසින් සිය ප්‍රසාදය පළ කර තිබේ. ඒ එම සන්ධානයේ මධ්‍යම ආදායම්ලාභී රටවල්වල අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ඇඩ්රියානා ජිමෙන්ස් කුළුන් (Addriana Jimenez Cuen), මධ්‍යම ආදායම්ලාභී රටවල් Read More

බිඳ වැටුණු Facebook, Instagram සහ Messenger සමාජ ජාලා යළි යථාතත්ත්වයට

රටවල් රැසක බිඳ වැටුණු Facebook ඇතුළු සමාජ මාධ්‍ය මේ වනවිට නැවත යථාතත්ත්වයට පත්ව තිබේ. Facebook, Instagram, Messenger සහ threads යන සමාජ මාධ්‍ය රටවල් කිහිපයක බිඳ වැටීමට ලක්විය. මේ තත්ත්වයට ලොව රටවල් ගණනාවකට බලපා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. එම වාර්තා පැවසුවේ, අදාළ සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ ගිණුම් සඳහා ප්‍රවේශවීමට නොහැකි ව ඇති බවයි.

ලොව ධනවත්ම පුද්ගලයා ජෙෆ් බේසොස්

ලොව ධනවත්ම පුද්ගලයා බවට නැවත වරක් ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස් පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 200ක් බව එම වාර්තා පෙන්වා දෙයි. මෙතෙක් ලොව ධනවත්ම මිනිසාගේ ස්ථානයේ රැඳී සිටි ඊලෝන් මස්ක්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 198ක් වෙයි.

විදුලි ගාස්තුව අඩු වෙන විදිහ මෙන්න

විදුලි ගාස්තුව 21.9 % කින් අඩු කිරීමට තීරණය කළ බව මහජන උපයෝගීතා කොමිසම අද (4) ප්‍රකාශ කරයි. ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩුකරන බව මහජන උපයෝගීතා කොමිසමේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පවසයි. එය 33.3 %ක අඩුවීමක් බවයි ඒ මහතා Read More

ත්‍රි/මලේ සිසුවකුගෙන් ලෝක වාර්තාවක්

අඩුම කාලයක් තුළ පෝක් සමුද්‍ර සංධිය හරහා පිහිනා ලෝක වාර්තාවක් තැබීමට ත්‍රිකුණාමලය රාම ක්‍රිෂ්ණ මිෂන් කෝණේස්වරා හින්දු විද්‍යාලයේ සිසුවකු ඉකුත් මාර්තු 01 දා සමත් විය. එම විදුහලේ අට වසරේ ඉගෙනුම ලබන 13 හැවිරිදි හරිහරන් ධන්වන්ත් නමැති සිසුවා මෙම ලෝක වාර්තාව තබා තිබේ. ඉන්දියාවේ ධනුස්කොඩි සිට පෝක් සමුද්‍ර සංධිය හරහා තලෙයිමන්නාරමට කිලෝමීටර් 31.5ක් අඩුම කාලයක් වන Read More

පොළොන්නරුව ඇතුළු නගරයෙන් ඉපැරණි මානව ජනාවාසයක සාධක

පොළොන්නරුව ඇතුළු නගරය පැවති ප්‍රදේශය ඊට පෙර ඉපැරණි මානව ජනාවාසයක්ව පැවති බවට තොරතුරු අනාවරණ වී තිබේ. කැලණිය විශ්වවිද්‍යාලය හා ඔස්ට්‍රේලියාවේ ලාසෝබ් විශ්වවිද්‍යාලය ඒකාබද්ධව කළ පර්යේෂණයට සමගාමීව භූ අභ්‍යාන්තරය දක්වා සිරස්ව සිදුකළ පස් සාම්පල ලබා ගැනීමකදී ය. මෙය පොළොන්නරුව ඉතිහාසයේ ඉතා වැදගත් හෙළිදරව්වක් වනු ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේ ය. Read More

PET ප්ලාස්ටික් බෝතල් එකතු කර දෙන බාලදක්ෂයන්ට පදක්කමක්

පරිසර දූෂණයට බලපාන ප්ලාස්ටික් බෝතල් එක් රැස්කර බාලදක්ෂයන්ගේ කර පලඳනාව සකස් කිරීමේ A step towards nature ව්‍යාපෘතිය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සාමයේ පණිවිඩකරුවන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරේ. මේ ව්‍යාපෘතියට සහභාගි වී PET ප්ලාස්ටික් බෝතල් කිලෝ ග්‍රෑම් 5කට වඩා වැඩියෙන් එක්රැස් කර බාරදෙන බාලදක්ෂයන්ට “ACHIEVER” පදක්කම පිරිනමන අතර මේ අවස්ථාව සංකේතාත්මක කරමින් ඊට අදාළ පදක්කම ප්‍රධාන බාලදක්ෂ Read More

t

o

p