Gallery

අරලියගහ මැදුරේ පැවති තෛපොංගල් උත්සවය

තෛපොංගල් උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන්,  සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ආර්. සම්බන්ධන් සහ එම්. ඒ සුමන්තිරන් යන මහත්වරුන් Read More

අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක හිමියන් බැහැදැක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03) දින ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේදී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත් අවස්ථාව ඡායාරූපවලින් දැක්වේ. මෙම අවස්ථාවට වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ද සහභාගි විය.

නව නාවික හමුදාපති හා අගමැති හමුව

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. එහිදී අග්‍රාමාත්‍යතුමා වෙත නාවික හමුදාපතිතුමන්  විසින් සමරු තිළිණයක් ද පිරිනමන ලද අතර එම අවස්ථාවට වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍යතුමාගේ ආරක්ෂක උපදේශක විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමිත් බාලසුරිය යන මහත්වරුද සහභාගි වූහ.

ජනහඬ උද්ඝෝෂණය රැව්පිලි රැව්දෙයි

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරින් ඉවත් කිරීමට එරෙහිව කොල්ලුපිටිය අරලියගහ මන්දිරය අසලදී පැවති (30) එක්සත් ජාතික පක්ෂයේ ජන හඬ උද්ඝෝෂණය විශාල පාක්ෂික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති අයුරු.

අගමැති රනිල්ගේ ඉන්දීය සංචාරයේ විශේෂ අවස්ථා

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ දී  හමුවූ අවස්ථාව ශ්‍රී ලංකා දූත පිරිස වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා,  ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පිරිස වෙත ගීතයක රස විදීමට සැලැස්වූ අවස්ථාව. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද ඡායාරූපවල දැක්වේ. ශ්‍රී Read More

නාමල් උයනේ ව්‍යාපෘති කාර්යාල සංකීර්ණය විවෘත කරමින්

ගල්කිරියාගම, උල්පතගම ජාතික නාමල් උයනේ ඉදිකළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නාමල් උයන ව්‍යාපෘති කාර්යාල සංකීර්ණය විවෘත කිරීම සහ එම කාර්යාලයේ වෙබ් අඩවිය එළිදැක්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 13 වෙනි දින සිදු කෙරිණි. මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ, සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී. හැරිසන්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර, පාර්ලිමේන්තු Read More

ධීවර හා සංචාරක කර්මාන්ත වල දියුණුවට නොර්වේ රාජ්‍යයේ සහාය

ධීවර අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානයක සිටින නොර්වේ රාජ්‍යයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නවීකරණය කිරීමට, සාගර සම්පත්වලින් සම්පූර්ණ ප්‍රයෝජන ලබාගැනීමටත්, සංචාරක කර්මාන්තය දියුණු කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 05 වැනි දා දහවල් නෝර්වේහි දී මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය. ශ්‍රී ලංකාවේ නොදියුණු ප්‍රදේශ දියුණු කිරීම සඳහා දිගු කාලයක සිට නෝර්වේ රජයෙන් ලැබෙන සහයෝගය Read More

දේශපාලනයට කාන්තා නියෝජනය වැඩි කිරීම ගැන ලංකාවට පැසසුම්

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව හා නෝර්වේ රාජ්‍යයේ උත්තරීතර මන්ත්‍රණ සභාව අතර සබඳතා තව තවත් ශක්තිමත් කරලීම සඳහා ඉදිරියේ දී කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නෝර්වේ උත්තරීතර මන්ත්‍රණ සභාවේ සභාපතිනි ටූනෙ විල්හෙල්ම්සන් ටෲන් (Ms. Tone Wilhelmsen Trøen) මහත්මිය අතර පැවති සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි. 05 වන දා පෙරවරුවේ නෝර්වේ උත්තරීතර මන්ත්‍රණ Read More

යුවාන් මිලියන 400ක ප්‍රදානයක් ලබා දීමේ ගිවිසුම

චීනය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා තාක්‍ෂණ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා යුවාන් මිලියන 400 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාව වෙත ලබා දීම සඳහා වූ ගිවිසුමට 16 වන දා සන්ධ්‍යාවේ චීනයේ බෙයිජිං නුවර මහජන මහා ශාලාවේ දී අත්සන් තැබිණි. චීන අග්‍රාමාත්‍ය ලී ක’ඡියාන් (Li Keqiang) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී මෙම Read More

t

o

p