2024 වසරේ අපේක්ෂිත ආර්ථික වර්ධනය රජය හෙළිකරයි

2024 වසර සඳහා අපේක්ෂිත ආර්ථික වර්ධනය ලෙස 1.8%ක ප්‍රතිශතයක් අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. මෙම වකවානුව තුළ ශක්තිමත් ආර්ථිකයක් පෝෂණය කිරීම සඳහා රජයේ ප්‍රමුඛතාව දෙන බවයි ඔහු අවධාරණය කළේ. මෙම පුළුල් අරමුණෙහි කොටසක් ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ප්‍රගමනය කෙරෙහි විශේෂ අවදානයක් යොමු කිරීමට නියමිතයි. මීට අමතරව රජයේ සේවකයන්ගේ, Read More

ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය අද ඇරඹෙ‍යි

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ තීරණාත්මක අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වෙයි. අවසන් පූර්ව වටයේ පළමු තරගය අද පස්වරු 02ට වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. අද පළමු අවසන් පූර්ව වටය යටතේ සත්කාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි ව නවසීලන්තය තරග වදියි. තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි රටවල් 04 න් දෙකක් ම එක් ලෝක කුසලානයක් හෝ ජයග්‍රහණය Read More

ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළක්

ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු 2024දී ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ඉදි කිරීමට නියමිත බවයි ජනාධිපතිවරයා පැවසුවේ. එහි මූලික කටයුතු සඳහා රුපියල් බිලියන 2ක් 2024 අයවැයෙන් වෙන්කර ඇත.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කෝපා කමිටුවට කැඳවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කැඳවා තිබිණි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ‍කෝප් කමිටුව හමුවට මීට පෙර කැදවා තිබුණේ 2013 වසරේදීය.මෙහිදී එම ආයතනයේ 2020, 2021 විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාරය සාධනය පරීක්ෂා කිරීම සිදුවිය. තාක්ෂණ අමාත්‍ය ලේකම් මහාචාර්ය නිරංජන් ගුණවර්ධන, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ Read More

ලෝක කුසලානයේ අවසාන සුපිරි හතරදෙනා මෙන්න

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පළමු තරගය ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. එම තරගය එළඹෙන 15 වනදා වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මේ අතර දෙවන අර්ධ අවසන් පූර්ව තරගය ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත් වෙයි. එම තරග එළඹෙන 16 වනදා Eden Gardens Read More

නිවාස හා ගොඩනැගිලි 14,225ක් නාය යාමේ අධිඅවදානමේ

දිස්ත්‍රික්ක 6 ක් සඳහා නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක වේ. දිවයින පුරා පිහිටි නිවාස හා ගොඩනැගිලි 14, 225 ක් නාය යාමේ අධිඅවදානමේ පවතින බව හඳුනාගෙන තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ, මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, ඕපනායක, ගොඩකවෙල, කුරුවිට, ඉඹුල්පේ, වැලිගෙපොල, ඇලපාත, රත්නපුර, ඇහැලියගොඩ, කොලොන්න සහ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් Read More

බ්‍රිතාන්‍යයේ හිටපු ප්‍රබල අග්‍රාමාත්‍යවරයෙකුට විදේශ ලේකම් ධුරය හිමිවෙයි

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ ඩේවිඩ් කැමරන් ව එරට නව විදේශ ලේකම් තනතුරට පත් කර තිබේ. මෙම පත් කිරීම එරට වත්මන් අග්‍රාමාත්‍ය රිෂී සුනක් විසිනුයි සිදු කරනු ලැබ ඇත්තේ. මෙලෙස හිටපු අග්‍රාමාත්‍යවරයෙකුට විදේශ ලේකම් තනතුරක් හිමි වීම එරට දේශපාලනයේ මෙන් ම විදෙස් රටවල ද දැඩි කතාබහක් මතු කර ඇති බවයි වාර්තා වෙයි. ඩේවිඩ් කැමරන් මේ වනවිට Read More

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය අද(14)

2024 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (14) ආරම්භ වේ. ඒ අනුව පාර්ලිමේන්තුව අද (14) උදෑසන 9.30ට රැස්වීමට නියමිතය. අයවැය පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අද සිට නොවැම්බර් 21 දක්වා දින 7ක කාලයක් පැවැත්වෙනු ඇති. ඉන් පසුව අයවැය දෙවනවර කියවීමට අදාළ ඡන්ද විමසීම ලබන 21 වැනි දා පස්වරු 5.30ට සිදුකිරීමට නියමිතයි. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය Read More

2024 අයවැය යෝජනා

2024 සඳහා අයවැය යෝජනාවලිය අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහි සඳහන් වන්නේ 2024 සඳහා අදායම් ලෙස රුපියල් බිලියන 6,978ක් ලැබෙතැයි ඇස්තමේන්තු කරන බවත් වියදම් ලෙස රුපියල් බිලියන 4,127ක් ඇස්තමේන්තු කර ඇති බවත් ය. ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 2,851කි. එය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 9.1%කි. රාජ්‍ය සේවක වැටුප්රජයේ සේවකයන්ට 2015 වසරෙන් Read More

මුඩු බිම් පනත යටතේ බ්‍රිතාන්‍ය සමයේ පාරම්පරික ඉඩකඩම් අහිමි වූ ගොවීන්ට යළිත් ඉඩම්

බ්‍රිතාන්‍ය සමයේ පාරම්පරික ඉඩකඩම් අහිමි වූ ගොවි ජනතාවට යළිත් ඒ ගොවි බිම්වල පූර්ණ පෞද්ගලික අයිතිය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ඒ අනුව, පවුල් ලක්ෂ 20කට මෙමගින් ඉඩම් හා ගොවි බිම් අයිතිය ලබා දෙන අතර 2024 අය-වැයෙන් රුපියල් බිලියන 2ක් ඒ සඳහා වෙන් කර තිබේ. 2024 වසර තුළ මෙය ආරම්භ කර තවත් වසර කීපයක් Read More

t

o

p