අත්තනෝමතික ලෙස භාණ්ඩ මිල ඉහළ දැමූ වෙළෙඳුන්ට එරෙහිව පියවර

ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බද්ද (VAT) ඉහළ දැමීම මධ්‍යයේ ජනවාරි 1 වැනිදා සිට නිෂ්පාදනය කර වෙළඳපොළට නිකුත් කරන භාණ්ඩ සහ සේවා සඳහා පමණක් ඉහළ දැමූ වැට් බදු ගාස්තු අදාළ වන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.  ඒ අනුව 2024 ට පෙර වෙළෙඳපොළට නිකුත් කරන ලද භාණ්ඩ සඳහා වැට් බද්ද මත Read More

කොළඹ අඩු ආදායම්ලාභීන්ට ලැබෙන්න යන අලුත් නිවාස

2024 වසර තුළ කොළඹ ආශ්‍රිතව නිවාස 10,000 ක් ඉදිකිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ ඉන් නිවාස 6,500 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිකෙරෙන්නේ කොළඹ නගරයේ ජීවත්වෙන අඩු ආදායම්ලාභී ජනතාව නැවත පදිංචි කිරීම සඳහා බවයි. නිවාස ව්‍යාපෘති 11 ක් මේ සඳහා සැලසුම් කර තිබේ. ඉන් නිවාස ව්‍යාපෘති 06 Read More

පොල් නිෂ්පාදනය ඉහළ නංවන්න වැඩපිළිවෙලක්

දේශිය පොල් නිෂ්පාදනය ඉදිරි දෙවසර ඇතුලත ගෙඩි මිලියන 3600 ක් දක්වා ඉහල නැංවීමට පොල් සංවර්ධන මණ්ඩලය විසින් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. මේ වනවිට වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 3000ක් වන අතර ඉන් ගෙඩි මිලියන 1700ක් වාර්ෂික පරිභෝජනය සඳහා යොදා ගනු ලබයි. එමෙන්ම තවත් පොල්ගෙඩි මිලියන 1500ක් පමණ අපනයනය කරනු ලබන අතර තවදුරටත් මෙරට පොල් Read More

අද සිට දුම්වැටියක මිල ඉහළට

අද (01) සිට දුම්වැටියක මිල කාණ්ඩ 4ක් යටතේ ඉහළ දමා තිබේ.  ඒ සුරාබදු සහ වැට් බදු ඉහළ දැමීමත් සමගයි.  ඒ් අනුව රුපියල් 5කින්, රුපියල් 15කින්, රුපියල් 20කින් සහ රුපියල් 25කින් දුම්වැටි මිල ඉහළ ගොස් තිබේ.

ආර්ථිකය සවිමත් කරගන්න මේ මඟෙහි යා යුතුයි

එය මල් ඇතිරූ මඟක් නොවේ; එකිනෙකා සතු වගකීම් ඉටු කොට මාතෘ භූමිය යළි ඔසවා තැබීමේ අභියෝගය ජය ගැනීමට නව වසරේ අදිටන් කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි. එහි මෙසේ ද සඳහන් කර තිබේ. 2024 නව වසරට අප පියනඟන්නේ ශ්‍රී ලංකාව යළි නඟාසිටුවීමේ අභියෝගය හා අපේක්ෂාව Read More

2024 ඡන්ද හිමි නාමලේඛණය ලියාපදිංචිය අද(01) සිට

2024 ඡන්ද හිමි නාමලේඛණය ලියාපදිංචිය අද (01) ඇරඹීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි. මීට පෙර අදාළ ලියාපදිංචි කිරීම් ලබන පෙබරවාරි 01වැනිදායින් ඇරඹීමට නියමිතව තිබුණි.

සෑම රාජ්‍ය ආයතනයකම නව වසර වෙනුවෙන් අද(01) උත්සවයක්

අද (01) දිනයේ දී සියලුම රාජ්‍ය ආයතනවල නව වසරේ රාජකාරි ආරම්භ කරන නිල උත්සවයක් පවත්වන ලෙසට දැනුම් දී තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් මඟින් ආයතන ප්‍රධානීන්ට මෙම දැනුම්දීම සිදුකර ඇති බව සඳහන්. මෙම නිල උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරු 9.00ට ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

අන්තර්ජාලය ඔස්සේ සිදු කරන මුදල් වංචා ගැන අනාවරණයක්

මේ වසරේ ගතවූ කාලය තුළ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 150 ඉක්මවූ සංඛ්‍යාවක් ලැබී ඇති බව පරිගණක අපරාධ කොට්ඨාසය පවසයි. එහි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි මහත්මිය පෙන්වා දෙන්නේ අනන්‍යතාව හෙළි නොකරන විවිධ පුද්ගලයින් විසින් සිදුකරන වංචනික ක්‍රියාවන්ට හසුවී සිය මුදල් හා දේපොළ අහිමි කරගත් සිදුවීම් රැසක් ඒ අතර වන බවයි. පොලිස් Read More

බිත්තර මිලියන 06ක් අද දිවයිනට

ඉන්දියාවේ සිට තවත් බිත්තර මිලියන 06ක් රැගත් නෞකාවක් අද (31) දිවයිනට ළඟාවීමට නියමිත බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති ආසිරි වලිසුන්දර කියා සිටියේ අදාළ බිත්තර තොග ලබන බ්‍රහස්පතින්දා සිට රට පුරා සතොස අලෙවිසැල්වලට බෙදාහැරීමට කටයුතු කරන බවයි.

t

o

p