තමන්ට අදාළ නැති දීමනා ඉල්ලන සෞඛ්‍ය වර්ජනය නරක පූර්වාදර්ශයක්

තමන්ට අදාළ නැති දීමනා ඉල්ලා සෞඛ්‍ය සේවයේ ප්‍රාථමික හා ද්විතීයික ශ්‍රේණිවල සේවකයන් දියත් කර තිබෙන වැඩ වර්ජනය අතිශයින්ම නරක පූර්වාදර්ශයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විශේෂ ප්‍රකාශක් කරමින් ඊයේ (15) පැවසීය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් ලෙස රජයේ වැටුප් ප්‍රතිපත්තිය අනුව වෛද්‍යවරුන් වෙත පමණක් විශේෂිත දීමනාවක් වූ වෛද්‍යවරුන්ගේ රාජකාරි බාධා, Read More

පාර්ලිමේන්තුවේ වාර අවසාන දිනය

පාර්ලිමේන්තුව ලබන 24 වැනිදා වාර අවසාන කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ. ඒ අනුව පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා අතින් නැවත උත්සවාකාරයෙන් විවෘත කෙරෙන්නේ පෙබරවාරි මස 7 වැනිදා ය. මේ මස පාර්ලිමේන්තුව අවසාන වරට රැස්වන්නේ ලබන 23 සහ 24 යන දිනවල ය. පාර්ලිමේන්තුව එම දින දෙකේදී පමණක් රැස්වන්නේ ලබන 25 පොහොය යෙදී ඇති නිසා යැයි පාර්ලිමේන්තු ප්‍රධානියෙක් පැවසීය.

අගමැති මන්දාරම් නුවර ජනතාව මුණගැසෙයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (15) මන්දාරම්නුවර ජනතාව මුණගැසිණි. ප්‍රදේශයේ යටිතල පහසුකම් හා සංචාරක ව්‍යාපාරය පිළිබඳව ඔවුන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා සමග බොහෝ අදහස් හුවමාරු කරගන්නා ලදි. එළවළු වර්ග ඇතුළු අස්වැන්න කල් ඉකුත් නොවී, ප්‍රධාන වෙළඳපොළට ගෙනයාමට ආර්ථික මධ්‍යස්ථානයක අවශ්‍යතාවය ඔවුන් දැඩිව පෙන්වා දුන්නේය. දරුවන්ට හා තරුණයන්ට ක්‍රීඩා කිරීමට ක්‍රීඩා පිටියක්, පානීය ජල හා මාර්ග පහසුකම් ඇතුළු යටිතල Read More

සියක් නගර අලංකරණ ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 600ක්

සියක් නගර අලංකරණ ව්‍යාපෘතිය සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 600ක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. එම ප්‍රතිපාදන මගින් ව්‍යාපෘති 9ක වැඩ අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද එම අධිකාරිය සදහන් කරයි. ගම්පහ, මිනුවන්ගොඩ, පානදුර, අලව්ව, හොරණ හා අවිස්සාවේල්ල යන පොදු වෙළදපොළ සංවර්ධනය කිරීම, වරකාපොළ හා මුලතිව් බස් නැවතුම්පොළ සංවර්ධනය කිරීම සහ නින්දවූර් වෙරළ Read More

පවතින කාලගුණයේ වෙනසක්

නැගෙනහිර සහ දකුණු පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. දිවයිනේ බොහෝ පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

තෛපොංගල් හේතුවෙන් අද හින්දු ආගමික රැඳවුම්කරුවන්ට විශේෂ අවස්ථාවක්

සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හින්දු භක්තිකයින් සූර්යය දෙවියන් නමදින තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබෙනවා. ලෝකවාසී හින්දු භක්තිකයින් සමඟ මෙරට හින්දු භක්තිකයින් අද එම උත්සවය හරසරින් සැමරීමට සුදානම්ව සිටියි. මේ අතර තෛපොංගල් දිනය නිමිත්තෙන් බදුල්ල දිස්ත්‍රික්කය තුළ පිහිටි සියලුම සුරාසැල් අද දිනයේ වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. තෛයිපොංගල් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවුවන් Read More

මෙරාපි ගිනි කන්ද සක්‍රිය වෙයි

ඉන්දුනීසියාවේ පිහිටි වඩාත්ම සක්‍රිය ගිනිකන්දක් ලෙස සැලකෙන මෙරාපි ගිනි කන්ද නැවතත් සක්‍රිය තත්ත්වයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව කිලෝමීටර් 1.3ක් තරම් ඉහළට ගිනි කන්දේ අළු විදාරණය වෙමින් පවතින බවට වාර්තා වෙයි. ගිනි කඳු විදාරණය හේතුවෙන් ඒ අවට පිහිටි නිවාස, වගාබිම් සහ රථවාහන සියල්ලම පාහේ අලුවලින් වැසී ගොස් ඇති අතර, ඒ ආශ්‍රිත Read More

සහල් ආනයනය ගැන කෘෂි ඇමතිගෙන් ප්‍රකාශයක්

2024 වසරේදී ද මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 2022 වසරේදී මෙරටට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 08ක් ඩොලර් මිලියන 300ක වියදමින් ආනයනය කළද 2023 දී සහල් ඇටයක්වත් ආනයනය කිරීමට රටේ ගොවි ජනතාව ඉඩ නොතැබූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (13) Read More

ජපානයේ මුදල් අමාත්‍ය කථානායකවරයා හමුවෙයි

මෙරට නිල සංචාරයක නිරතව සිටින ජපානයේ මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි (Suzuki Shunichi) මහතා කථානායක මහින්ද යපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී හමු විය. මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි (Mizukoshi Hideaki) මහතා එක්ව සිටියහ. මෙහිදී අදහස් දක්වමින් ජපාන මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝකාලීනව මිත්‍රත්වයක් Read More

නව දුම්රිය එන්ජින් 2ක් පෙබරවාරියේ මෙරටට

ඉන්දියාවෙන් මෙරටට නොමිලේ ලබා දෙන දුම්රිය එන්ජින් 20 න් එන්ජින් 02 ක් පෙබරවාරි 04 පෙර මෙරටට රැගෙන එන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම දුම්රිය එන්ජින් මෙරට ධාවනය සඳහා සුදුසු ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා එලෙස රැගෙන එන බවයි. දුම්රිය එන්ජින් මෙරට උතුරු දුම්රිය මාර්ගයේ බඩු ප්‍රවහානය සඳහා යොදා ගැනීමට නියමිත Read More

t

o

p