ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ට මාර්තු සිට දිවා ආහාරය

මාර්තු මාසයේ සිට මෙරට පාසල්වල පළමු ශ්‍රේණියේ සිට 5වන ශ්‍රේණිවල සියලු‍ දරුවන් සඳහා දිවා ආහාර ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් ලක්ෂ 16ක් පමණ සිටින බවත් ඔවුන් වෙත පාසල් දිවා ආහාර වේල ලබාදීම වෙනුවෙන් රුපියල් බිලියන 16ක් වෙන්ව ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම 2024 වසර වෙනුවෙන් අවශ්‍ය Read More

USAID “පිරිසිදුනගර, නිල්සාගර” වැඩසටහන මෙට්‍රික්ටොන් 4,600 ඉක්මවන ප්ලාස්ටික් ප්‍රමාණයක් සාගරයට එක්වීම වලක්වන්නට සහය දෙයි

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ආයතනය හරහා ඇමෙරිකානු ජනතාව විසින් ලබාදුන් සහය ඇතිව, පිරිසිදු නගර, නිල් සාගර (CCBO) වැඩසටහන මාර්ගයෙන් තෙවසරකට ආසන්න කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය හවුල්කාරීත්වයකට ස්තුතිවන්නට, ශ්‍රී ලංකාව මුළුල්ලේ ප්‍රජාවන් ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 4,600කට වැඩි ප්‍රමාණයක්, එනම් ප්ලාස්ටික් බෝතල් මිලියන 496කට සමාන ප්ලාස්ටික් ප්‍රමාණයක් ශ්‍රී ලංකාව අවට සාගරයට එක්වීම සාර්ථක අන්දමින් වලක්වා Read More

ඔන්ලයින් පනත අද සිට බලාත්මකයි

පසුගිය ජනවාරි 23 සහ 24 දෙදින පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත කරනු ලැබූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට අද (01) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කළේය. ඒ, අනුව මෙම පනත් කෙටුම්පත 2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ලෙස අද (01) දිනයේ සිට බලාත්මක වෙයි. එමෙන්ම පාර්ලිමේන්තුවේ Read More

සෙංගමුව වන විනාශය සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

සෙංගමුව වන විනාශය සම්බන්ධයෙන් සහ වර්තමානයේ එම ප්‍රදේශයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡාවට ලක් විය. මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. මෙහිදී අදහස් දක්වමින් ආංශික අධීක්ෂණ Read More

පොහොට්ටුවේ බැසිල්ගේ වගකීම නාමල්ට

එළෙඹන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතා ශක්තිමත්ව මුහුණ දෙමින්රට ජයග්‍රහණය කරා මෙහෙයවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විදේශගතව සිටින බැවින් පක්ෂයේ වගකීම භාර ගන්නේදැයි මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා ඒ බව ප්‍රකාශ කළේය.  අවස්ථාවාදී ලෙස පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස් නොකරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී Read More

වයසට යෑම වළක්වන බෙහෙතක්

වසර 04ක පර්යේෂණයෙන් පසු කොළඹ සරසවියේ මහාචාර්ය සමීර සමරකෝන්ගෙන් වයසට යෑම වළක්වන බෙහෙතක් සොයා ගනියි.වයසට යාම ප්‍රමාද කරවන ස්වාභාවික ඖෂධයක නිෂ්පාදන කටයුතු අවසන් අදියරේ පවතින බවත් එය නොබෝ දිනකින් ජනතාව අතට පත් කළ හැකිවෙතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ විද්‍යාඥ මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා පැවැසීය.මෙම ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ Read More

පාර්ලිමේන්තුවේ සාමාජිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව පාර්ලිමේන්තුවේ මහලේකම්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ කාන්තාවන් කිහිපදෙනෙකුට 2022 වසරේ හා ඊට පෙර හිරිහැරවූ බව කියන සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් මා පාර්ලිමේන්තුවේ මහලේකම් ලෙස පත්වීමෙන් පසුව මා වෙත වාර්තා වූ අතර ඒ අනුව කථානායකවරයාගේ උපදෙස් යටතේ මේ සම්බන්ධ වැඩිදුර විමර්ශනය සදහා අභ්‍යන්තර විමර්ශන කමිටුවක් පත්කෙරිණි. එම විමර්ශන කමිටු වාර්තාව පසුගියදා මා‍ වෙත ලැබුණු අතර එ් සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් Read More

පියැසි මත සූර්ය පැනල තුලින් විදුලි ඒකක මිලියන 630 ක්

ලංවිම විදුලි පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක කරන ලද පියැසි මත සූර්ය පැනල සවිකිරීමේ ක්‍රමවේදය (Rooftop Solar Scheme) යටතේ 2023 වසර තුල දී පමණක් විදුලි ඒකක මිලියන 630 ක් (630 million units) ජාතික පද්ධතියට එක් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි. ඒ අනුව, රට පුරා විසිරී සිටින අපගේ පාරිභෝගික භවතුන් විසින් මෙම සුවිශේෂී ජාතික කාර්ය Read More

වසර දෙකක් ප්‍රයෝජනයක් නොගත් ගොඩනැගිල්ලක් පිළිබද අවධානය

හැටන් දුම්රියපොළ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද ගොඩනැගිල්ල වසර දෙකක කාලයක් ප්‍රයෝජනයක් නොගැනීම සම්බන්ධයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. මේ අනුව මීට අදාළ සියලු ආයතන මනා සම්බන්ධීකරණයක් තිබිය යුතු බවත්, එවැනි ව්‍යාපෘතිවලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා පවතින ගැටලු විසඳීමට එකට එකතු වී කටයුතු කළ Read More

ලෝකප්‍රකට මොනාලිසා සිතුවමට සුප් ප්‍රහාරයක්

ලියනාඩෝ ඩාවින්චි අතින් සිත්තම් කළ ලෝ ප්‍රකට මොනාලිසා සිතුවමට කාන්තාවන් දෙදෙනෙක් සුප් ප්‍රහාරයක් එල්ල කර තිබේ. කෙසේ නමුත් ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේ, වෙඩි නොවදින වීදුරුවකින් එය ආවරණය කර තිබෙන නිසා සිතුවමට හානියක් වී නොමැති බවයි. සිතුවමට මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ විරෝධතාවක නිරත වූ කාන්තාවන් දෙදෙනෙකු විසින්. විදෙස් මාධ්‍ය පවසන්නේ අදාළ කාන්තාවන් දෙදෙනා එරට කෘෂිකාර්මික Read More

t

o

p