Lanka News Page

අයථා ක්‍රම මඟින් උප­යා­ගත් දේපළ රාජ­ස­න්තක කරන නීති ගෙන එන යෝජ­නා­වට කැබි­නට් අනු­මැ­තිය

කව­රකු සතුව හෝ කොමිස්, පගා, වංචා, දූෂණ මෙන්ම අල්ලස් මඟින් උප­යා­ගත් දේප­ළක් ඇත්නම් ඒ රාජ­ස­න්තක කිරී­මට අවශ්‍ය නීති ගෙන ඒම සඳහා වන යෝජ­නා­වට කැබි­නට් මණ්ඩල අනු­මැ­තිය හිමි වූ බව අධි­ක­රණ, බන්ධ­නා­ගාර හා ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා ප්‍රති­සං­ස්ක­රණ අමාත්‍ය ආචාර්ය විජ­ය­දාස රාජ­පක්ෂ මහතා ප්‍රකාශ කළේය. ඇමැ­ති­ව­රයා මේ බව පැව­සුවේ මහ­නු­ව­රදී මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මිනි. කැබි­නට් මණ්ඩ­ලය පෙරේදා (25) Read More

තායිවානයට ප්‍රබල භූ කම්පනයක්

තායිවානයේ හුවාලියන් ප්‍රදේශයේ අද (27) උදෑසන රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූ කම්පනයක් ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගියදා සිදු වූ භූමිකම්පාවෙන් අනතුරුව මේ දක්වා තායිවානය භූකම්පන 1000කට අධික සංඛ්‍යාවකට මුහුණ දී ඇති බවයි සඳහන් වෙයි. භූ කම්පනය හුවාලියන් සිට කිලෝමීටර් 24.9 ක් දුරට බලපෑ ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කිහිපයක් ජනපතිට

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා සිදු කෙරුණු මූල්‍ය පරිත්‍යාග කිහිපයක් ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් ඊයේ (26) භාර දී තිබේ. ඒ අනුව කල්මුණේ හුදා ජුම්මා පල්ලිය රුපියල් 1,589,000/ක මුදලක් සහ සමස්ථ ලංකා ජමිඉයියතුල් උලමා කින්නියා Read More

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (27) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටමක

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (27) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම එලෙස ඉහළ යනු ඇත. මෙහිදී ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ Read More

ආසියානු මලල ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී තවත් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ. ඒ වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ 4X400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීමත් සමගයි. තරගාවලිය ඊයේ (26) ඩුබායි හිදි පැවැත්විය.

ගුවන්විදුලි සංස්ථාවේ ගොඩනැගිල්ලක් ගැන අනාවරණයක්

සුපිරි වෙළඳසැලක් සකස් කළ ගිවිසුමකට අනුව ගුවන් විදුලි සංස්ථාව සතු කොළඹ නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලක් සහිත පර්චස් 120කට වැඩි භූමියක්, වසර 20කට ලබා ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය. එමෙන්ම එම ගොඩනැගිල්ලට සහ භූමියට අදාළ VAT ගෙවීම් වර්තමානය වන විට සිදු කරනු ලබන්නේද ගුවන් විදුලි සංස්ථාවෙන් ම බවද හෙළිවිය. මේ පිළිබඳ Read More

කොළඹ ප්‍රදේශ කිහිපයකට සැපයුම අත්හිටුවයි

හෙට (27) සවස 5.00 සිට අනිද්දා (28) උදෑසන 7.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 14ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව කොළඹ 05 සහ 06, දෙහිවල, ගල්කිස්ස සහ මොරටුව නගර සභා බල ප්‍රදේශ, ජයන්තිපුර හා පැලවත්ත යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සඳහන්. අඹතලේ ජල සැපයුම Read More

විදෙස් රැකියා ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට

කූට ලේඛන හා නිල මුද්‍රා ව්‍යාජ අයුරින් භාවිතා කරමින් තරුණයින් පිරිසක් රුමේනියාවේ රැකියා සඳහා යැවීමට උත්සහා කළ පුද්ගලයෙකු රඳවාගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කාර්යාංශයේ ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් කටයුතු කර තිබේ. අප්‍රේල් 24 වන දා කිලිනොච්චිය ප්‍රදේශයේ රැකියා නියෝජිතායතනයක් මාර්ගයෙන්, රුමේනියාවේ රැකියා සඳහා යාමට පැමිණි තරුණයින් පස් දෙනෙකුගේ ලේඛන Read More

මත්තල ගුවන්තොටුපොළ කළමනාකරණයට ආයතන දෙකක් 

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කළමනාකරණය සඳහා අභිලාෂ කැඳවූ ආයතන 05ක් අතරින් 02ක් නිර්දේශ කර ඇත. ඒ අනුව ඉන්දියාවේ Shaurya Aeronautics Pvt. Ltd සහ රුසියාවේ Airports of Regions Management Company වෙත හෝ එහි බද්ධ ව්‍යවසායක් වෙත වසර 30ක කාලසීමාවක් සඳහා කළමනාකාරීත්වය පැවරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු නංවාලීමට චීන කුඩා හා මධ්‍යම පරිමාණ වානිජ සංගමයේ සහාය

ශ්‍රි ලංකාවේ සංචාරයක නිරතව සිටින චීන කුඩා හා මධ්‍යම පරිමාණ වානිජ සංගමයේ ( China Association of small and medium Scale commercial Enterprises) නියෝජිත පිරිස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී සාකච්ඡා කරනලදි. මෙම සංගමය දැනට චීනයේ තිබෙන විශාලතම කුඩා හා මධ්‍යම පරිමාණ එකමුතුවයි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පලතුරු හා එළවළු වගාවට මෙන්ම එම Read More

t

o

p