අලුත් අවු­රු­ද්දෙන් පසු දරු­වන් අතර පාච­නය පැති­රීමේ අව­දා­න­මක්

April 20, 2024

අලුත් අවු­රුදු කාල­යෙන් පසු කුඩා දරු­වන් අතර පාච­නය රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රව­ණ­තා­වක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඊයේ (19) පැව­සීය‍. උත්සව කාලයේ ගමන් බිමන් යෑමත් සමඟ මිනිස් පරි­භෝ­ජ­න­යට නුසු­දුසු ආහාර ගැනීම හේතු­වෙන් මෙලෙස පාච­නය රෝගය ව්‍යාප්ත වීමක් සිදුව ඇතැ­යිද ඒ මහතා කීවේය.

වම­නය, බඩ­එ­ළිය යෑම පාච­නයේ රෝග ලක්ෂණ වන අතර, මේ රෝග ලක්ෂණ තිබේ නම් සුදු­සු­කම් ලත් වෛද්‍ය­ව­ර­ය­කු­ගෙන් ප්‍රති­කාර ගත යුතු බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

පාච­නය රෝගය සඳහා විශේ­ෂ­යෙන්ම බැදි හාල් කැඳ ආහා­ර­යට දීම සුදුසු බවද ඒ මහතා පැව­සු­වේය.

t

o

p