ජනාධිපති අපේක්‍ෂකයන් හතර පහක්ම පොහොට්ටුවට ඉන්නවා – නාමල් රාජපක්ෂ

March 26, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේ වන විට ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයන් හතර පස් දෙනෙකුම සිටින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ප‍්‍රාදේශීය සභාවකටවත් ඉදිරිපත් කිරීමට අපේක්ෂකයන් සොයා ගැනීමට නොහැකි වනු ඇතැයි කිවූ පක්ෂයට අද වන විට ජනාධිපති අපේක්ෂකයන් ද එතරම් ප්‍රමාණයක් සිටින බවද ඔහු පැවසුවේය.
පසුගිය වසර දෙක තුන තුළ පක්ෂය විශ්වාස කරමින් පාක්ෂිකයන් පක්ෂය සමග එකතු වී සිටින බවද ඔහු පැවසුවේය.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයට ජයග්‍රාහී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත් එම අපේක්ෂකයා කවුදැයි පක්ෂයක් ලෙස තවමත් තීන්දු කර නැති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

t

o

p