මහ බැංකුව විසින් පොළී අනුපාත තවදුරටත් අඩු කරයි

March 26, 2024

සිය මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොළී අනුපාත තවදුරටත් අඩු කිරීමට කටයුතු කර තිබේ.

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩල ඊයේ (25) දින පැවති රැස්වීමේ දී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් ලකුණු 50 කින් අඩු කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙයි.

එම තීරණයත් අනුව එය මේ වනවිට පිළිවෙලින් එය සියයට 8.50 සහ සියයට 9.50 මට්ටමේ පවතියි.

මධ්‍ය කාලීනව සියයට 5ක ඉලක්කගත මට්ටමේ උද්ධමනය පවත්වා ගනිමින් ආර්ථිකයට එහි විභවයන් කරා ළඟා වීමට හැකි වන පරිදි වත්මන් සහ අපේක්ෂිත දේශීය හා ජාත්‍යන්තර ආර්ථික වර්ධනයන් පිළිබඳ පුළුල් තක්සේරුවකින් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ.

t

o

p