පෙබ­ර­වා­රියේ පොල්ව­තුර අප­න­ය­න­යෙන් රුපියල් මිලි­යන 3,439ක ආදා­ය­මක්

March 26, 2024

පොල්ව­තුර අප­න­ය­න­යෙන් මෙම වසරේ පෙබ­ර­වාරි මාසය තුළ රුපි­යල් මිලි­යන 3,439ක ආදා­ය­මක් උපයා ගැනී­මට හැකිවී ඇතැයි පොල් සංව­ර්ධන අධි­කා­රිය සඳ­හන් කරයි. පසු­ගිය වසරේ (2023) පෙබ­ර­වාරි මාසය තුළ ද පොල්ව­තුර අප­න­ය­නය කිරීම මඟින් රුපි­යල් මිලි­යන 2,705ක් උපයා ගැනී­මට හැකිවූ බවත් පසු­ගිය වස­රට සාපේ­ක්ෂව මෙම වසරේ පෙබ­ර­වාරි මාසය වන­විට රුපි­යල් මිලි­යන 734කින් අප­න­යන ආදා­යම ඉහළ ගොස් ඇති බවත් පොල් සංව­ර්ධන අධි­කා­රියේ සභා­පති මහා­චාර්ය රොෂාන් පෙරේරා මහතා පව­සයි.

ඊයේ (25) කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අම­ර­වීර මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් එම අමා­ත්‍යාං­ශ­යේදී පැවැති සාක­ච්ඡා­ව­කදී මෙම කරුණු අනා­ව­ර­ණය විය. වන­සත්ත්ව හානිය නිසා වාර්ෂි­කව අහි­මි­වන පොල්ගෙඩි මිලි­යන 300ක පමණ ප්‍රමා­ණය ද රැක ගැනී­මට හැකි­වන්නේ නම් මෙයට වඩා වැඩි ආදා­ය­මක් උපයා ගැනී­මට හැකි වන බවත්, එම­ඟින් පොල්ව­ගා­ක­රු­වන්ගේ ආදා­යම තව­දු­ර­ටත් ඉහළ නැංවී­මට හැකි­වන බවත් ඇමැති අම­ර­වීර මහතා මෙහිදී පෙන්වා දී ඇත.

t

o

p