කථානායකට එරෙහි විශ්වාසභංගය පරදියි

March 21, 2024

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) වැඩි ඡන්ද 42 කින් පරාජයට පත්විය.

විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 75ක් සහ විරුද්ධව ඡන්ද 117ක් හිමිවිය.

මන්ත්‍රීවරුන් කිසිවෙක් ඡන්දය දීමෙන් වැළැකී සිටියේ නැත.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින තුනක් පුරා සිදුකෙරුණි.

t

o

p