චීන අපනයනකරුවන් අර්බුදයක

January 19, 2024

රතු මුහුදේ යාත්‍රා කරන වෙළෙඳ නෞකාවලට යේමනයේ හූති කැරලිකරුවන් විසින් ප්‍රහාර එල්ල කිරීම උත්සන්න වීමත් සමඟ චීන අපනයනකරුවන්ට දැඩි පීඩනයක් එල්ල වන බව රොයිටර්ස් පුවත් සේවය අනාවරණය කරයි.

ඒ අනුව චීනයේ සිට යුරෝපයට බහාලුමක් අපනයනය සඳහා පසුගිය දෙසැම්බරයේ දී වැය වූ ඩොලර් 3,000ක මුදල දැන් ඩොලර් 7,000 දක්වා ඉහළ ගොස් ඇති බව එවැනි එක් අපනයනකරුවෙකු පවසා ඇත.

එමෙන්ම නෞකා භාණ්ඩ ප්‍රවාහනයේ රක්ෂණ ගාස්තු ඉහළ යාම ද චීන අපනයනකරුවන්ට අහිතකර ලෙස බල පා තිබේ.

t

o

p