ශ්‍රී ලංකාව සුපිරි 6දෙනාගේ වටයට

June 26, 2023

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර තරගයෙන් සුපිරි ජයග්‍රහණයක් ලබා ගැනීමට ලංකාව සමත් වුණි.

ලකුණු 326ක ඉතා ප්‍රබල ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුයේ පන්දුවාර 31ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 192ක් පමණයි.

ඒ අනුව ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ B කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සහ ඕමානය යන කණ්ඩායම් සුපිරි 6දෙනාගේ වටයට තේරීපත්ව ඇත.

A කාණ්ඩය යටතේ තරග වැදුණු බටහිර ඉන්දීය කොදෙව්, නෙදර්ලන්තය සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම් ද සුපිරි 6දෙනාගේ වටයට තේරීපත් විය.

t

o

p