අරුන්දික ප්‍රනාන්දුට කොවිඩ්, ඉකුත් සතියේ පාර්ලිමේන්තුවට පැමිණ නෑ

January 27, 2021

කොවිඩ් අසාදිත ඇමති අරුන්දික ප්‍රනාන්දු ඉකුත් සතියේ පාර්ලිමේන්තු ඇවිත් නැතැයි පාර්ලිමේන්තුව නිවේදනය කරයි. එම නිවේදනය මෙසේය.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, පොල්, කිතුල්, තල්, වැවිලි සංවර්ධන හා ඒ ආශ්‍රිත නිශ්පාදන, කර්මාන්ත හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්‍දු මහතා කොවිඩ් ආසාධිත බවට තහවුරු වූ බවට අද (27) දින වාර්තා වී ඇත.

එතුමන්, පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වීම සඳහා 2021-01-19  සහ 20 යන දිනවල හෝ ඉන් අනතුරුව හෝ පාර්ලිමේන්තුවට නොපැමිණ ඇති හෙයින් පාර්ලිමේන්තුව තුළ සමීප ආශ්‍රිතයන් නොවන බව තහවුරු වී ඇති බව ද, පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් යටතේ ඒ මහතා 2021-01-15 දින පීසීආර් පරීක්‍ෂණ සඳහා ඉදිරිපත්ව ආසාධිත නොවන බවට තහවුරු වූ බව ද, වේත්‍රධාරි න‍රේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් තහවුරු කර ඇත.

අරුන්දික ප්‍රනාන්දු ඇමතිවරයා කොවිඩ් ආසාදිත 7 වන මන්ත්‍රීවරයා වේ.

t

o

p