වැලිසර ලය රෝහලෙන් කොවිඩ් ආසාදිතයෙකු පළා යයි

December 16, 2020

වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයෙකු ඊයේ සන්ධ්‍යාවේ රෝහලෙන් පැන ගොස් ඇති බව වාර්තා වනවා.

ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස පළා ගොස් ඇති අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ ඔහු සොයා ගැනීම සඳහා මේ වනවිට මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවයි.

මෙම රෝගියා රෝහලට ඇතුලත් වීමේදී ලබාදී ඇති ලිපිනයද ව්‍යාජ එකක් බවද පොලිසිය විසින් කරුණු අනාවරණය කර ගෙන ඇත.

මොහු ලබාදී ඇත්තේ මරදාන ප්‍රදේශයේ ලිපිනයක් වුවද ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව කරුණු අනාවරණය කර ගෙන ඇත.

මෙම පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ අයෙකු බවට කරුණු අනාවරණය වී ඇති බවත් මේ වන විට මහබාගේ පොලිසිය විසින් සෙසු පොලිස් ස්ථාන සමග සම්බන්ධිකරණ කරමින් විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ.

t

o

p