පුහුණු ගුවන් යානය කන්තලේට කඩා වැටී නියමුවා ජිවිතක්ෂයට

December 15, 2020

චින වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයෙන් ගුවන් ගතවූ නියමුවන් පුහුණු කරන PT 6 වර්ගයේ ගුවන් යානයක් පුහුණු ගුවන් නියමුවාද සමග කන්තලේ සුරියපුර ප්‍රදේශයට කඩා වැටී ඇතැයි ගුවන් හමුදාව තහවුරු කරයි.

චින වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයෙන් අද (15) පස්වරුවේ මෙම ගුවන් යානය නියමුවන් පුහුණු කිරිමේ කටයුතුවල නිතරව සිට ඇත. ගුවන් යානය කන්තලේ ප්‍රදේශයේ ඉහළ අහසේදි අවසන් වරට පාලන මැදිරිය සමග සබදතා පවත්වා ඇතත් ඉන් පසු එය සබදතා නොපැවත්වීම හේතුවෙන් ගුවන් හමුදාව මේ පිළිබදව විමර්ශනය කර ඇත.

එහිදි ගුවන් යානය පුහුණු ගුවන් නියමුවාද සමග කන්තලේ සුරියපුර ජනරංජන වැව් බැම්ම ආසන්න ප්‍රදේශයට කඩා වැටී ඇති බවට තහවුරු වී තිබේ. අනතුරින් පුහුණු ගුවන් නියමුවා ජිවිතක්ෂයට පත්ව ඇති බව ගුවන් හමුදා මාධ්‍ය අංශය සදහන් කරයි.

t

o

p