රංගන ශිල්පි රයන් වැන්රූලියන් ලබන 11 දා දක්වා රිමාන්ඩ්

April 5, 2019

රංගන ශිල්පි රයන් හිලරි මේ මස 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් අද (05) නියෝග කලේය.

ඒ ඔහුගේ මොටර් රථයේ කේරළ ගංජා මිලි ග්‍රෑම් 5750 ක් තිබිම හේතුවෙනි.

දෙහිවල,අත්තිඩිය, ජායා මාවත පදිංචි රංගන ශිල්පි රයන් හිලරි ඇන්තනි ජෙරාඩ් වෑන්රූලියන් මෙසේ  රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඉකුත් පෙබරවාරි මසදි ඩුබායි රටේදි මාකඳුරේ මධුෂ් සමග මොහු ද අත්අඩංගුවට පත්ව තිබුණි.වැලිගම ෂන් ෂයින් සුද්දාගේ හෝටලයේ තිබි කේරළ ගංජා සමග මෝටර් රථය පොලිසියට හමව තිබුණි.ඒ සම්බන්ධයෙන් මෙසේ මොහුට එරෙහිව නඩු පවරා තිබුණි.ඩුබායි රාජ්‍යයෙන් මොහු ඊයේ (04) මෙරටට එවා තිබු අතර එහිදි අත්අඩංගුවට පත්ව තිබුණි.

t

o

p