Local News

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අද ගිගුරුම් සහිත වැසි

අපරභාගයේදී  සහ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගූරුම් සහිත වැසි ඇති වන බවත්, ඇතැම් ස්ථානවලට තද වැසි (මි.මී 100ට වැඩි) ද ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම, දිවයින වටා වන වෙරළ බඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශවල තාවකාලිකව Read More

පගා දෙන්න ආ යුනිලීවර් සමාගමට පා පහරක්

යුනිලීවර් සමාගම විසින් සතොස ආයතනය හරහා තම භාණ්ඩ ප්‍රවර්ධනය කිරීමට සතොස කාර්යමණ්ඩලයට මූල්‍යමය ත්‍යාග සහ විදේශ සංචාර ආදී අල්ලස් ලබා දෙමින් පවත්වාගෙන ගිය ගිවිසුමක් අහෝසි කරන ලෙස පාරිභෝගික අධිකාරිය විසින් නියෝග කර ඇත. මේ බව සඳහන් කරමින් පාරිභෝගික ගොවි අයිතීන් සුරැකීමේ සන්ධානය නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වේ. පාරිභෝගික අයිතීන් වෙනුවෙන් බහුජාතික සමාගමට සතොස පයින් ගසයි Read More

මවු කිරට එරෙහි නොවන්නැයි එලිලන්ගේ බිරිඳගෙන් ඉල්ලයි

තම දිවි රැක දුන් ‘ලක්මව’ පිළිබඳව ‘දියණියක’ සේ සිතා මවු කිරට එරෙහි නොවන්නැයි ජාතික නිදහස් පෙරමුණ උතුරු පළාත් සභා මන්ත‍්‍රීනී ආනන්දි ශෂිදරන්ගෙන් ඉල්ලයි. එම පක්‍ෂ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය. දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත‍්‍රීනී ආනන්දි සසිදරන් මහත්මිය ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් Read More

රාජ්‍ය සේවකයන්ට යතුරු පැදි දෙන්න එපා..

රජයේ සේවකයන්ට සහන මිලට යතුරැ පැදි ලබා දීම නිසා බස් කර්මාන්තය කව දුරටත් පවත්විගෙන යාමට නොහැකි තත්වයක් උදා වී ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙන්නේ මෙම තත්වය ග‍්‍රාමීය මාගර්වල ප‍්‍රවාහනයේ යෙදෙන බස් රථවලට මෙම තත්වය වැඩි වශයෙන් බලපා ඇති බවය.

දරුවන් එක්ක හිඟා කෑවොත් අත්අඩංගුවේ..

කුඩා දරුවන් පෙන්වා සිගමන් යදින යාචකයන් අත්අඩංගුවට ගැනීමට රට පුරා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී අජිත්  රෝහණ මහතා පවසන්නේ දරුවන් යොදාගෙන සිගමන් යදින පුද්ගලයන් අත්අඩංගුවට  ගෙන ඔවුන්ට එරෙහිව දැඩි දඩුවම් ලබාදෙන බවත් සිගමන් සදහා යොදාගන්නා දරුවන් පිළිබදව ද සොයාබලන ලෙසත් එම දරුවන් ඔවුන්ගේම දැන් යන්න පිළිබදවත් සොයා බලන Read More

සංගාගේ උපන් දිනය අද

ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගේ උපන් දිනය අදට යෙදී තිබේ. 1977 වසරේ ඔක්තෝබර් 27 වන දින උපන් සංගක්කාර අද සිය 37 වන උපන් දිනය සමරයි.

ධම්මික පෙරේරා ඇලුමිනියම් වෙලදපොලත් අල්ලයි

ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සම සභාපතිත්වය දරන හේලීස් සමුහය විසින් ගෘහ නිර්මාණ සදහා ඇලුමිනියම් නිෂ්පාදන කටයුතු කරන ඇලුෆැබ් සමාගමේ සියයට 60.6ක කොටස් මිලට ගෙන තිබේ. කොටසක් අලෙවි වී ඇත්තේ රුපියල් 23 ක් බැගින් අලෙවි වී ඇති මෙම ගණුදෙනුවේදී අලුෆැබ් සමාගමේ කොටස් මිලියන 7.3ක් විකිණී ඇත්තේ රුපියල් මිලියන 167.9ක මුදලකටයි.

හමුදා පාලනයක් ඇති වේද කියා බයයි.. එකම විසඳුම විපක්ෂයේ එක්සත් සන්ධානයයි

රට මුහුණදී සිටින වත්මන් අර්බුදයෙන් ගැලවීම සඳහා වඩාත්ම සුදුසු ප්‍රවේශය වන්නේ, විපක්ෂයේ එක්සත් සන්ධානයක් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය අවධාරණය කර සිටියි. ‘ඇත්ත’ පුවත්පත චන්ද්‍රිකා කුමාරතුංග සමඟ කළ සාකච්ඡාව පහත පළවේ. • බණ්ඩාරනායක ප්‍රතිපත්ති ගැන අදටත් බොහෝ දෙනා සුබවාදී ලෙස කතාකරනවා. ඔබේ පියාගේ දේශපාලන ප්‍රතිපත්ති සහ දැක්ම ගැන ඔබගේ තක්සේරුව කුමක් ද? එය Read More

‘වමේ පියවර’ – පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වෑඩ පිළිවෙළ එලිදැක්වීම

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ 20 දින කොළඹ නව නගර ශාලාවේ දී එම පක්ෂයේ වැඩපිළිවෙළ ‘වමේ පියවර’ එලිදැක්වීම සිදුකෙරිණි. මෙම අවස්ථාව සදහා එම පක්ශයේ දේශපාලණ මණ්ඩල සාමාජිකයින් , සහ පක්ශ සාමාජිකයින් රෑසක් සහබාගී වු අතර විවිධ සන්විදාන වල නියෝජිතයින් රෑසක්ද මෙම අවස්තාව සදහා සහභාගී විය. වමේ පියවර’ සම්මන්ත්‍රණය අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු Read More

ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ කෑම හිඟය අඩුම රට ලෙස තේරේ..

ජාත්‍යන්තර ආහාර ප‍්‍රතිපත්ති පර්යේෂණායතනය ඉදිරිපත් කළ වාර්තාවක් අනුව දකුණු ආසියාවේ කුසගින්නේ සිටින ජනතාව අඩුවෙන්ම සිටින රට ශ‍්‍රී ලංකාව බව හෙළිව ඇත. වාර්තාව අනුව ශ‍්‍රී ලංකාව ලෝක කුසගින්න මැඬීමේ දර්ශකයේ 39 වැනි ස්ථානයට තේරී පත්ව ඇති අතර එය දකුණු ආසියා කලාපය තුළ ඉදිරියෙන්ම සිටින රටය. මෙම වාර්ෂික වාර්තාව සකසා ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින රටවල් 175 ක් Read More

t

o

p