Local News

ජනාධිපති ළඟ සිටින “කියන නාහන ගුරුන්ට” : රාජිත දෙහි කපයි

පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ලෙස එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට තරග කිරීමට තමන් යෝජනා කළත් ජනාධිපතිවරයා ළඟ සිටි නීතීඥයන් වෙනස් මතයක් දැරීම හේතුවෙන් ඒ උත්සාහය ව්‍යර්ථ වූ බව අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කරයි.පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ලෙස එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා Read More

ආණ්ඩුවේ අනාගතය අවිනිශ්චිතයි !

රට පත්ව ඇති අරාජකත්වයට ජාතික ආණ්ඩුව හෝ ජාතික ආණ්ඩුවෙහි හවුල්කාර සිවිල් සංවිධාන නිශ්චිත විසදුමක් ලබාදීමට අපොහොසත් වීම නිසා ජාතික ආණ්ඩුවෙහි අනාගතයද නිශ්චිත නැති බව සමාජ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පක්ෂය සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව සඳහන් කරන අතර ජාතික ආණ්ඩුව එක් අර්බුදයක් නිසා තවත් අර්බුද රැසක් නිර්මාණය කරගෙන සිටින බවත් මේ වන විට ජාතික Read More

සියලු චෝදනා වලින් නිදහස් වූ රවී නැවතත් කැබිනට් ඇමති ?

අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී රවී කරුණානායක මන්ත්‍රීවරයා වෙතද කැබිනට් අමාත්‍යධුරයක් ලබාදීමට යෝජනාවී ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. මීට පෙර රවී කරුණානායක මන්ත්‍රීවරයා මුදල් අමාත්‍යවරයා වූ අතර පසුව ඔහුව එම තනතුරෙන් ඉවත්කොට විදේශ අමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිණ. ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව හේතුවෙන් ඔහු එම අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විය. කෙසේවුවත් රවී කරුණානායක මන්ත්‍රීවරයාට අදාලව බැඳුම්කර කොමිසමේ කිසිඳු චෝදනාවක් ඉදිරිපත්ව Read More

මහින්දානන්ද ගොඩ දැම්මේ උපාසක බළල් වෙස් අරන් ඉන්න සාගලයි මද්දුම බණ්ඩාරයි

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ක්‍රීඩා අමාත්‍යාංශයට Carom Board ඇතුළු ක්‍රීඩා ආම්පන්න මිලදී ගැනීමේදී රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් පරීක්ෂණ ආරම්භ කල අතර ඉන්පසු හෙළි වූ කරුණු මත ඔහුව පසුගිය 9 වන දින අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා තිබුනත් එය සිදු වුයේ නැත. Read More

කැබිනට් සංශෝධනය හෙට

පසුගිය 10 වැනි අගහරුවාදා කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණ අතර ඇතිවූ එකඟතාව මත කැබිනට් මණ්ඩල සංශෝධනය හෙට (12) දිනයේ සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. පසුගිය 10 වැනි අගහරුවාදා පැවති කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුවේදී කැබිනට් සංශෝධනය සම්බන්ධව වැඩි අවධානයක් යොමුවූ බවත් පසුගිය දිනවල පැවති දේශපාලන ආතතිය හේතුවෙන් රටේ බොහෝ කටයුතු Read More

විගී අලුත් පක්ෂයක් හදන ලකුණු

නව දේශපාලන පක්ෂයක් බිහිකිරීම සම්බන්ධව තවම තීරණයක් ගෙන නොමැති නමුත් තමන්ට එළඹෙන පළාත් සභා මැතිවරණයකදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යධුරය සඳහා ඉදිරිපත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලීම් ඉදිරිපත් වනබව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් සඳහන් කරයි. ද්‍රවිඩ සන්ධානය දෙකඩ කිරීමට තමන්ට අදහසක් නොමති බවත් තමන් කටයුතු කරන්නේ පක්ෂයේ පවතින අඩුපාඩු පෙන්වාදෙමින් සහ ජනතාවගේ ඉල්ලීම ඉදිරියෙන් තබා බවත් Read More

ශ්‍රීලනිප ඇමතිවරු 15ක් සහ නියෝජ්‍ය කතානායක ඉල්ලා අස්වෙති

විශ්වාස භංගයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහිව ඡන්දය දුන් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් 16 දෙනා ආණ්ඩුවේ දරණ සියළු තනතුරුවලින් අද දිනයේ සිට ඉවත් වීමට තීරණය කර තිබේ. ඒ සදහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ අවසරය ලැබුණු බව රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා සදහන් කරයි. කෙසේ වෙතත් ඉදිරියේදීද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේම මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ Read More

තම නායකයාගේ බෙල්ල කපා නායකත්වය ගැනීමට තරම් සදාචාර පිරිහීමක් මට නැහැ -රාජිත

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාව අවස්ථාවේ වුවමනාවක් තිබුණා නම් තමන්ටද අගමැතිවීමට තිබූ බව අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කරයි. ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර ඒ අවස්ථාවේ තමන් පුර්ණ කාළීනව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු යහපාලන ආණ්ඩුව ජයග්‍රහණය කරවීම සඳහා කැපව සිටි නමුත් ප්‍රධාන පක්ෂ තුනේම විවිධ පාර්ශව තමා අමතා Read More

කැබිනට් සංශෝධනය : ‘යන අය ගියාට පසුවයි’ !

සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු කැබිනට් මණ්ඩල සංශෝධනයක් නියත වශයෙන්ම සිදුවන බවත්, මීළඟ කැබිනට් මණ්ඩල හමුවට ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටලු විසඳාගන්නා බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (10) ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා එබව සඳහන් කළේ, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය. ”කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් මට නිශ්චිත දිනයක් කියන්න බැහැ. Read More

තමා අත්අඩංගුවට නොගන්නැයි මහින්දානන්ද ශ්‍රේෂ්ඨාධිකරණයෙනුත් ඉල්ලයි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් තමන්ව නීති විරෝධී ආකාරයට අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ අභියාචනා අවසර පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ. එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් නම් කර ඇති බවත් පැවසේ. අලුත Read More

t

o

p