Local News

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

මහා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය බලධාරින් හා මැතිවරණ කොමිසම අතර විශේෂ හමුවක් අද(20) පැවැත්වෙයි. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 1.00ට රාජගිරිය මැතිවරණ මහාලේකම් කාර්යාලයේදි මෙම සාකච්ඡාව පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

කොළඹ-ගම්පහ-කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 දක්වා දීර්ඝ කරයි

කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා දීර්ඝ කර තිබේ. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා Read More

කොරෝනා සුවවූ දකුණු කොරියාවේ 179කට යලි කොරෝනා වැළදේ

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ දකුණු කොරියාවේ පුද්ගලයින් 179 දෙනෙකුට යළි කොරෝනා වෛරසය ආසාදනය වි තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රෝගය සුව වූ පුද්ගලයින් 8,042 දෙනෙකු යළි පරීක්‍ෂා කිරීමෙන් පසු මෙම පිරිස හදුනාගෙන ඇති බවයි. එහි විශේෂත්වය වන්නේ එම පිරිසෙන් සියයට 22.9% ක්ම වයස අවුරුදු 20 දක්වා වූ කාණ්ඩයේ පිරිසවීමයි.

කොළඹ වරායේ බහලුම් වැඩි වීමෙන් ගැටලුවක්

කොළඹ වරායේ බහාලූම් අංගනය මේ වනවිට උපරිම ධාරිතාවට ආසන්න වෙමින් ඇති බැවින් එහි තිබෙන බහාලූම් ඉවත් කර ගැනීමට අදාළ පාර්ශ්ව කටයුතු කළ යුතු බව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා. වරාය පරිශ්‍රයේ ඇති පහසුකම් අනුව බහලුම් 30000ක ප්‍රමාණයක් පමණක් තබා ගැනීමේ හැකියවක් ඇති බවයි එහිදී පෙන්වා දුන්නේ. දැනටමත් 25000කට අධික බහලුම් ප්‍රමාණයක් ඇති බවත් සඳහන් කළා. 

ආර්ථිකය යළි පනගැන්වීමේ උපාය මාර්ග සති අන්තයේදී ප‍්‍රකාශයට

කොරෝනා වෛරසය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කර ආර්ථිකය යළි පනගැන්වීම වෙනුවෙන් සැලසුම් කළ උපාය මාර්ග මේ සති අන්තයේදී ප‍්‍රකාශයට පත්කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.

කොරෝනාවට මුහුණ දීමට පරීක්ෂණ උපකරණ ප්‍රමාණවත් පරිදි සපයා ගැනීමට රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව කාවින්ද පවසයි

කොරෝනා වයිරසය චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් මුලින්ම පැතිරීම ඇරැඹුණු ඉකුත් ජනවාරි මාසයේදීම ශ්‍රී ලංකාව වයිරසයට මුහුණ දීම සඳහා අවශ්‍ය කොරෝනා පරීක්ෂණ උපකරණ මුඛ ආවණ සහ ශල්‍ය ඇදන්  ආදිය ප්‍රමාණවත් පරිදි සපයා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රමවේදයක් සකස් කළද රජය පාර්ශ්වයෙන් ඊට කිසිඳු යහපත් ප්‍රතිචාරක් නොලැබුණු බව ගම්පහ දිස්ත්‍රික් හිටපු Read More

මහමැතිවරණය කඩිනමින් පවත්වන්න නම් කොරෝනා වලින් රට සම්පූර්ණයෙන්ම මුදාගතයුතුයි

මහමැතිවරණය කඩිනමින් පවත්වන්නේ නම් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) දෙන උපදෙස් අකුරටම පිළිපැද කොරෝනා වලින් රට සම්පූර්ණයෙන්ම මුදාගත යුතුයැයි එක්සත් ජාතික පක්ෂය කියයි. දේශපාලන උඩගුකම් පෙන්වමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම වසංගතය රටපුරා පැතිරයාමට හේතු වෙතියිද එක්සත් ජාතික පක්ෂය තවදුරටත් කියා සිටියි. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා කොරෝනා වසංගතය පිළිබඳව ප්‍රසිද්ධියේ කරුණු අනාවරණය Read More

ආසාදිතයින් සංඛ්‍යාව 233ක් දක්වා ඉහළට

ගත වූ පැය 24 ඇතුලත කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආාසදිතයින් සංඛ්‍යාව 233ක් දක්වා ඉහළට ගොස් තිබේ. අවසන් වරට වාර්තා වූ රෝගීන් 14 දෙනාම කොරෝනා ආසාදිතයින් ළඟින් ඇසුරු කළ පිරිස් වන අතර ඉන් එක් අයෙකු පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිට Read More

රන්ජන් 20 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

අත්අඩංගුවට ගත් රන්ජන් රාමනායක 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා ඊයේ (14) නියෝග කළේය. පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරිමේ සිද්ධියකට (13) දිනයේ දී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

බේරුවල ගම්මාන දෙකක් හුදකලා කරයි

COVID-19 වෛරසය ව්‍යාප්ත වන ඉහළ අවදානම් සහිත ප්‍රදේශයන් ලෙස බේරුවල ගම්මාන දෙකක් හඳුනා ගෙන ඇත.මේ පිළිබද යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියි. මේ අනුව පන්විල හා චීන කොරටුව යන ගම්මාන හුදකලා කිරීමට ආරක්ෂක අංශ තීරණය කර ඇත

t

o

p