Local News

කැලණි සරසවියට පළමු වරට උපකුලපතිනියක්

කැළණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයේ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා වැඩ භාර ගෙන තිබේ. එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයට පත්වූ පළමු කාන්තා උපකුලපතිවරිය ලෙස ඇය ඉතිහාස ගතවනු ඇත. මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය 1986 වසරේ දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ඇති අතර එක්සත් රාජධානියේ වෛද්‍ය විද්‍යාලයකින් වෛද්‍ය පරපෝෂිත විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ලබාගෙන තිබේ.

පොලිස් නිලධාරීන් 21කට ස්ථාන මාරු

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙක්, වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, පොලිස් අධිකාරිවරයෙක්, සහකාර පොලිස් අධිකාරුවරුන් 10 දෙනෙක් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 6 දෙනෙක් සඳහා ස්ථාන මාරු ලබා දී තිබේ. සේවා අවශ්‍යතාව පොලිස් කොමිසමේ අනුමැතිය අනුව එම ස්ථාන මාරු සිදුකර ඇති බව පොලිස් මුලස්ථානය පැවසීය.

හලාවත කොරෝනා ආසාදිත කාන්තාව ඇසුරු කළ පිරිසක් PCR පරීක්ෂාවට

ඩුබායි සිට පැමිණ නිරෝධායන කටයුතු අවසන් කර නිවසට පැමිණ සිටියදී කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගත් බංගදෙණිය ප‍්‍රදේශයේ කාන්තාව ඇසුරු කළ පුද්ගලයින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගන්නා බව පුත්තලම දිස්ති‍්‍රක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ප‍්‍රනාන්දු පවසනවා. පුත්තලම දිස්ති‍්‍රක්කයේ අහඹු ලෙස සිදු කෙරෙන PCR පරීක්ෂණ වැඩි කිරීමට ද කටයුතු යොදා ඇති බවයි වෛද්‍ය දිනූෂා Read More

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නම් කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 26 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (27) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන එහි සභාපතිවරයා වන අතර නියෝජ්‍ය කථානායක ගරු රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය කාරකසභා සභාපති ගරු අංගජන් රාමනාදන්, සභානායක සහ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන, විපක්ෂනායක ගරු Read More

නැවත දැනුම්දෙන තුරු පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම අත්හිටුවයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන්, නැවත දැනුම්දෙන තුරු අමුත්තන් සඳහා පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. සෞඛ්‍ය අංශවල මාර්ගෝපදේශ වලට යටත්ව, මෙම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා  පවසයි. පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කෙරෙන දිනය, සෞඛ්‍ය අංශවල උපදෙස් මත ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.

19 අහෝසි කලොත් රටම සරණාගතයෝ වෙනවා

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නේ, ඇමරිකානු ද්විත්ව පුරවැසි බැසිල් රාජපක්ෂට මන්ත්‍රීධූරයක් දීලා පාර්ලිමේන්තුවට ගෙනත් ඇමති කරන්නයි.  එදා ජනාධිපති අතේ තිබුණ බලය අද, මහින්ද අගමැතිතුමාට ලැබිලා තියෙනවා.  19 අහෝසි කරාම, ඒ බලය නැවත ගෝඨාභය ජනාධිපතිතුමාගේ අතට යනවා.  19 සංශෝධනය අහෝසි කරලා කරන්න හදන්නේ බලය අත මිට මොළවා ගන්නයි.  ඒකට ඉඩ දෙන්නට ලංකාවේ ප්‍රගතිශීලි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් Read More

එජාප නායකත්වය ගැන තීරණය තවදුරටත් කල් යයි

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාර මණ්ඩලය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් රැස්වි අභිනව නායකත්වය තෝරා ගැනීම සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබිය. පක්ෂයේ ව්‍යවස්ථානුකුලව නව නායකත්වය සැප්තැම්බර් මස මුල් සතියේ කෘත්‍යාධිකාර මණ්ඩලය රැස්වි තීරණය කරන බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

වෙළඳපොළේ ඇති කහවලින් 80% කට පාන් පිටි කවලම්

අලෙවිය සඳහා වෙළඳපොළේ ඇති කහවලින් 80% කට පමණ පාන් පිටි කවලම් කර ඇති බවට අනාවරණ වී තිබේ. දිවයිනපුරා කළ වැටලිම්වලින් ය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා සඳහන් කළේ, ලබාගත් සාම්පල් ප්‍රමිති කාර්යාංශය මගින් පරීක්ෂාවට ලක් කළ බවයි. එහි කහ ඇත්තේ 20% ක් පමණක් බව සභාපතිවරයා සඳහන් කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සිට වැඩමුළුවක්

09 වන පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් සඳහා දෙදින වැඩමුළුවක් අද (25) සහ හෙට (26) පැවැත්වීමට නියමිතව තිබේ. මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වි සිටින සියලු මන්ත්‍රීවරුන්ට මෙම දෙදින වැඩමුළුව සඳහා ආරාධනා කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේය. මෙහිදි පාර්ලිමේන්තු කටයුතු, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතව තිබේ.

රාජ්‍ය අමාත්‍යාංශ 35කට ලේකම්වරු පත්කරයි

රාජ්‍ය අමාත්‍යාංශ 35ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබේ. පසුගිය 19 වන දා රැස් වූ කැබිනට් මන්ඩලය විසින් අදාළ පත්කිරීම් සඳහා අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ. එම පත්කිරීම්වලට අදාළ ගැසට් නිවේදනය ඊයේ (24) නිකුත් කර තිබේ. අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩි.ජේ.ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය නිකුත්කර ඇති බව සඳහන්ය.

t

o

p