Local News

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 201කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4409ක් දක්වා පහළ ගොස් ඇත. එමෙන් ම, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් Read More

සන්නද්ධ හමුදා රටපුරා කැඳවන ජනපති ආඥාවක්

ආරක්ෂාව වෙනුවෙන් සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් දිවයින පුරා කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ ආඥාවක් නිකුත් කරනු ලැබ ඇති බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ පනතේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වෙනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.

කාලගුණ තත්ත්වයේ වෙනසක්

දැනට පවතින වියලි කාලගුණ තත්ත්වයේ වෙනස්වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.  නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මි. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.   උතුරු පළාතෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති වේ.   බස්නාහිර, සබරගමුව සහ වයඹ Read More

පෘථිවිය සූර්යයාට ආසන්න වෙයි

අද (4) දින පෘථිවිය සූර්යයාට ආසන්නයෙන් ම සිටින දිනය බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා පවසයි. අනුර සී. පෙරේරා මහතා ප්‍රකාශ කර සිටියේ, මෙම සතිය සූර්යාලෝකය වැඩියෙන් ලැබෙන බව ය. එය සිදුවන්නේ පෘථිවිය සූර්යයා වටා ඉලිප්සාකාර ගමනක නිරත වීම හේතුවෙනි. ‘පෙරිහීලියන්’ ලෙස හඳුන්වන මෙම අවස්ථාව ශ්‍රී ලංකා වේලාවෙන් අද (4) රාත්‍රී 9.30ට උදාවුව ද ඊට Read More

පුංචි ඡන්දයක් නිසා මැතිවරණ කොමිෂන් සභාවේ අභ්‍යන්තර බෙදීමක්

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැදවීමේ ගැසෙට්ටුව නිකුත් කළද මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අභ්‍යන්තර බෙදීමක් ඇතිව තිබෙන බව එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. මැතිවරණය පැවැත්විය යුතු බවට කොටසක් ප්‍රකාශ කරද්දී තවත් පිරිසක් මුදල් නොමැතිකම නිසා මැතිවරණය නොපවැත්විය යුතු බවට ප්‍රකාශ කිරීම බරපතල අභ්‍යන්තර බෙදීමක් ඇතිවීමට මූලික හේතුව බව දැනගන්නට තිබේ. මැතිවරණ Read More

ශ්‍රවණාබාධිතයන්ට මාර්තුවේ සිට රියැදුරු බලපත්‍ර

පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහා රියැදුරු බලපත්‍ර ක්‍රමවේදයක් සකස් කර ඇති අතර එය මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන හා මහා මාර්ග ඇමති බන්දුල ගුණවර්ධන පෙරේදා (1) පැවසීය. මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය පසුගිය මාස කිහිපයේ ගම්පහ දිස්ත්‍රික්කය මූලික කරගෙන ආරම්භ කරන ලද බව ත් හෙතෙම කීය. දිවයින පුරා ජීවත්වන ලක්ෂ 7-8ක් අතර ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන් සිදු Read More

මත්පැන් සහ දුම්වැටි බදු ඉහළට

මත්පැන්, වයින්, බියර් යන සියලු ම වර්ගවල මත්පැන් සහ දුම්වැටි සඳහා පනවා ඇති බදු ඉහළ දමා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. ඒ අනුව, මත්පැන් සඳහා නිෂ්පාදන බද්ද 20%කින් ඉහළ දමා ඇති අතර දුම්වැටි මත බද්ද 20%කින් ඉහළ දමා තිබේ.

රුපියල් බිලියන 695 ක පරිපූරක ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය …

අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සදහා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා, මුදල් අමාත්‍යවරයා ලෙස අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ  රු. බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ රජයේ මුදල් කාරක සභාවේදී මෙම අනුමතිය හිමිවිය. 2022 Read More

ණය සීමාව රුපියල් ට්‍රිලියනයකින් වැඩිකිරීමට පාර්ලිමේන්තුවේ අනුමතිය

• ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පනවන ලද 2022.04.09 දිනැති අංක 2274/42 ගැසට් පත්‍රයේ සදහන් රෙගුලාසි සඳහා ද පාර්ලිමේන්තුවේ අනුමතිය… • රුපියල් බිලියන 695 ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට… දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ මීට පෙර පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් අවසර දෙන ලද ණය සීමාව වන රුපියල් බිලියන 3000 (ට්‍රිලියන 3) ප්‍රමාණය තවත් රුපියල් බිලියන Read More

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන මුද්‍රිත වාර්ෂික වාර්තා ඇතුළු ලේඛන මෘදු පිටපත් ලෙස පමණයි.

මින් ඉදිරියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන වාර්ෂික වාර්තා, කාර්ය සාධන වාර්තා ඇතුලු ඊට අදාළ අනෙකුත් වාර්තා මෘදු පිටපත් (Soft Copies) මාර්ගයෙන් ප්‍රකාශයට පත් කිරීමට පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කළ බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. රටේ දැනට පවතින දැඩි ආර්ථික අර්බුදකාරී තත්ත්වය පිළිබඳ විශේෂ අවධානය යොමුකොට Read More

t

o

p