Local News

අධ්‍යාපන පරිපාලන සේවා තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට බදවා ගැනීම සදහා පසුගිය වසරේ පැවති සීමිත තරග විභාගයේ ප්‍රතිඵල අද (19) නිකුත් කර තිබේ. විභාගය සමත් වු අයදුම්කරුවන් 735 දෙනෙකුගේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ https://www.doenets.lk වෙබි අඩවියට ඇතුලත් කර ඇත. මේ අතරින් ඉදිරියේදී සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුසුකම් ලැබූ 440 දෙනෙක් අධ්‍යාපන පරිපාලන සේවයට බදවා ගැනීමට නියමිතය.

ආදරණීයයන්ගේ සෝ සුසුම් මැද තෙවරප්පෙරුම යන්නම යයි

අද (19) දින අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබේ. ඒ, අද (19) පස්වරු 2.00 ට මතුගම, කරම්පෑතර පවුලේ සුසාන භුමියේදී ය. හිටපු රාජ්‍ය අමාත්‍ය අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය මතුගම යටදොළවත්තේ පිහිටි නිවසේ මේ වන විට තැන්පත් කර ඇති අතර, දේශපාලඥයින් ,ප්‍රදේශවාසින් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්විමට පැමිණෙමින් Read More

ඇඹිලිපිටිය කඩදාසි කම්හල යළි වැඩ

ඇඹිලිපිටිය කඩදාසි කම්හල තුළ යළි මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබේ. සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමැතිවරු පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ(18) ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව විවෘත කෙරුණි. 1978 වසරේ දී මෙරට දෙවන කඩදාසි කර්මාන්ත ශාලාව ලෙස ඇරඹූ ඇඹිලිපිටිය කම්හල අකාර්යක්ෂම පරිපාලනය නිසා 2013 වසරේ දී වසා දමන්නට විය. මෙම කර්මාන්ත ශාලාව යළි පණගන්වා Read More

ශ්‍රී ලංකාවට පැමිණීමේ වීසා ලබාදීම විදේශ සමාගමකට පවරා නෑ – ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය

මෙරටට පැමිණීමට වීසා ලබාදීමේ හැකියාව විදෙස් සමාගමකට පවරා ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවත් එවැනි කිසිදු වීසා ලබාදීමේ බලය පැවරීමක් දෙපාර්තමේන්තුව සිදු කර නොමැති බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය ඊයේ (18) පැවැසීය. මෙහිදී කිසිදු විටක වීසා දීමට අදාළ සමාගමට බලය පැවරීමක් සිදු කර නොමැති බවත් වීසා අනුමත කිරීමේ කාර්ය සම්පූර්ණයෙන්ම සිදු කරනු Read More

තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාවක් ගොඩනඟනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. බොහෝ දෙනා අසීරු බව පැවසූ බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමේ අභියෝගය භාරගත් තමා වසර දෙකක් තුළදී රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ආ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙන යාමට අවශ්‍යව ඇත්තේ Read More

පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. කොළඹ මහ නගර සභාවේ නගරාලංකරණ ව්‍යාපෘති සම්බන්ධීකාරක ඉංජිනේරු කුමුදු බෝගහවත්ත මහතා සඳහන් කළේ කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය ඉදිරිපිට තිබී ඉකුත්දා කඩා ඉවත් කළ කඩ 21ද එලෙස ජාවාරම්කරුවන් විසින් ඉදිකර තිබූ අනවසර ඉදිකිරීම් බවයි. Read More

ස්වයං රැකියාවල නිරත අයට සතුටු හිතෙන ආරංචියක්

ස්වයං රැකියාවල නිරත අයට විශ්‍රාම වැටුපක් සකස් කරන බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, එම වැඩපිළිවෙල මේ වන විටත් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව ලක්ෂ 12ක ජනතතාවක් සවිබල ගැන්වීමට තම අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළාය.

අවසන් එක්දින තරගය වාර්තා රැසක් සමග ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වෙයි

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවති අවසන් එක්දින තරගය වාර්තා රැසක් සමග ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 5ක් දැවී ලකුණු 301ක් රැස්කර ගැනීමට සමත් විය. එහිදි නායිකා ලෝරා වොල්වඩ් ලකුණු 184ක් රැස් කළාය. ඊට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ Read More

රුසියානු සොල්දාදුවන් 50,000ක් මරුට

යුක්‍රේනයේ දී රුසියානු සෙබලුන් 50,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව බී බී සී පුවත් සේවය පවසයි. දෙරට අතර යුද ගැටුම් ආරම්භ වී වසර දෙකක් ගත වී ඇති අතර දෙවැනි වසර තුළදී රුසියානු භටයින් 27,300ක් මියගොස් ඇති බවයි එම වාර්තාවේ දැක්වෙයි. එම තත්ත්වය තුළ රුසියානු භටයින්ගේ මරණ පළමු වසරට වඩා 25%කින් වැඩිවී ඇති බව සඳහන් Read More

වසර 75කට පසු ඩුබායි යටවෙයි

වසර 75කට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු කලාපීය රටවලට දරුණු ජලගැලීම් ආපදා තත්ත්වයක් ඇතිවී තිබේ. මේ හේතුවෙන් ඕමාන් රාජ්‍යය තුළ පමණක් පුද්ගලයින් 18 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ. කලාපය ඔස්සේ හමාගිය ප්‍රබල සුළි කුණාටුවක් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු කලාපීය රටවලට අධික වර්ෂාපතනයක් බලපා තිබේ. මෙය වාර්තාවන්නේ වසර 75 කින් පසුව එක්සත් Read More

t

o

p