Special News

ඊශ්‍රායල හමුදාව සිය ප්‍රහාර දැඩි කරයි

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර අද (22) සිට දැඩි කිරීමට තීරණය කර තිබේ. ඊශ්‍රායල හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඉදිරි අදියරවලදී තම හමුදාව මුහුණ දෙන අවදානම් සහගත තත්ත්වයන් අවම කිරීම සඳහා එම තීරණය ගත් බවයි. ඒ අනුව උතුරු ගාසා තීරයේ තවදුරටත් සිවිල් ජනතාව රැඳී සිටී නම් වහාම දකුණු ප්‍රදේශ බලා ගමන් කරන ලෙස ඔහු Read More

සංචාරකයන්ට දැනුම්දීමක්

බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින අධික වර්ෂාව හේතුවෙන් දිය ඇලි ආශ්‍රිතව දිය නෑමෙන් වැළකී සිටින ලෙස බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා ඉල්ලීමක් කර තිබේ. දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දෙන්නේ අධික වර්ෂාව හේතුවෙන් දිය ඇලි ආශ්‍රිතව ජලය අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අවදානමක් පවතින බවයි. දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ දියඇලි ආශ්‍රිත ව දිය නෑමෙන් වළකින ලෙස සංචාරකයින් ඇතුළු Read More

තද සුළං සහ රළු මුහුද ගැන අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. නිරිතදිග සහ ඊට යාබද ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇත. අදාළ නිවේදනයේ දැක්වෙන්නේ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන Read More

එළවළු මිල පහතට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට එළවළු මිල පහත වැටී ඇති බව වෙළඳුන් පවසයි. මේ අතර, වෙළඳුන් පවසන්නේ වෙළඳපොළේ දෙහි සඳහා අධික මිලක් පවතින බවයි. නමුත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දියබෙදුම, ගිරිතලේ, මැදිරිගිරිය ප්‍රදේශවල ගොවීන් තම දෙහි අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වෙයි.

ස්මාර්ට් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීම අරමුණයි

ස්මාර්ට් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනඟමින් රටේ ආර්ථිකය ඉහළට ඔසවා තැබීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් අනතුරුව ව්‍යවස්ථාවට අනුවම ලබන වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය ද පවත්වා 2025 මුල් භාගයේ දී පළාත් සභා මැතිවරණය ද පැවැත්වීමට හැකි වනු ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය. Read More

කොළඹ – බදුල්ල මාර්ගයට හපුතලේදී පස් කන්දක් කඩා වැ⁣ටෙයි

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ – බෙරගල අතර උඩවිහාරගල ප්‍රදේශයට පස්කන්දක් කඩා වැටීමෙන්, වාහන ධාවනයට බාධා එල්ල වී තිබේ. බදුල්ල දිස්ත්‍රික්ක ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම්. උදයකුමාර මහතා පැවසුවේ, ප්‍රදේශයට ඇදහැලෙන අධික වැසි සමග පස් කන්ද කඩා වැටී ඇති බවයි. මෙම මාර්ග කොටස අතර ස්ථාන 03කදී ප්‍රධාන මාර්ගයට පස් සහ ගල් වැටී ඇති බව Read More

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ජය වාර්තා කරයි

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 49 පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 262ක් රැස් කරන ලදි. පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 2ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කරන Read More

එජාපයේ විශේෂ මහා සම්මේලනය අද කොළඹ දී

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය අද (21 දා) සවස 2.00 ට පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. අද (21) පස්වරු‌ 02.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී මෙම සම්මේලනය පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ. “Smart Country – ජයගමු 2048” යන්න මෙවර සමුළුවේ තේමාව වී තිබේ. නව ලොවට මුහුණදෙමින් අනාගත පරම්පරාවට පහසුවෙන් රට Read More

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයන්ගේ කාර්යමණ්ඩලයට පුහුණූ වැඩසටහනක්

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයන්ගේ කාර්යමණ්ඩලයට අයත් පර්යේෂණ නිලධාරින් සඳහා පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි. ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන ‍දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශය විසින් එම වැඩසටහන සංවිධානය කරන ලදි. කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් මහජන නියෝජිතයින් වෙත කඩිනමින් තොරතුරු ලබා දීමේදි කාලීන සමාජ, ආර්ථික, මෙන්ම දේශපාලනික කරුණු පිළිබඳව මෙන්ම පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳවද පුළුල් අවබෝධයක් තිබීම වැදගත් Read More

කොළඹට පැය 15ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට අද (21) පස්වරු 5 සිට පැය 15ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ 11, 12,13, 14 සහ 15 ප්‍රදේශවලට අද පස්වරු 5.00 සිට පසුදින පෙරවරු 8.00 දක්වා පැය 15 ක් ජල සැපයුම අත්හිටුවනු ඇති. අඹතලේ ජල සැපයුම වැඩි දියුණු කිරීමේ බල ශක්ති සංරක්ෂණ Read More

t

o

p