Special News

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 07ක අතිරික්තයක්

රට තුළ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 07ක අතිරික්තයක් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. රටේ දැනට පවතින සහල් සහ වී තොග පිළිබඳව ආහාර සමාලෝචනයක් සිදු කළ යුතුව ඇති බැවින් දැනට පවතින සහල් හා වී තොග පිලිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසීමක් සිදු කළේය. පසුගියදා මහනුවර ගන්නොරුවේ දී කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල සියලුම Read More

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය ස්ථාපිත කිරීම දිවයිනේ පළාත් 08ක ඔක්තෝබර් මස 03වැනිදා සිට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව වයඹ, දකුණ, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, උතුර සහ ඌව යන පළාත්වල පළමුව මෙම නව පද්ධතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත. බස්නාහිර පළාත තුළ දැනට ක්‍රියාත්මක වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය Read More

“ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයින් රට හැර යාමේ ප්‍රවණතාවය” පිළිබඳ කල් තැබීමේ විවාදය ලබන 6 වැනිදා

පාර්ලිමේන්තුව ලබන ඔක්තෝබර් 3 වැනිදා සිට 6 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. පසුගිය සැප්තැම්බර් 22 වැනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබේ. මේ අනුව පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය Read More

කුරුන්දි විහාරයේ ගැටලුවලට ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් සාධනීය විසඳුම්

කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු නිරාකරණය කරමින්, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් යෝජනා කිහිපයක් ආංශික අධීක්ෂණ කාරක සභා වෙත ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව කුරුන්දි රජමහා විහාරය පවතින පුරාවිද්‍යා රක්ෂිත භුමි ප්‍රදේශයට අයත් නොවන ඉඩම් වලින් අක්කර 3ක භුමි ප්‍රමාණයක්, බෞද්ධ විහාරස්ථානයක් හා හින්දු කෝවිලක් Read More

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ඇරඹීමට සූදානම්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පළමු අධියරේ මෙහෙයුම් කටයුතු ලබන වසරේ ජුනි මස පළමුවනදා සිට අරඹන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය මේ බව සඳහන් කළේ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි. ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත, 2022 වර්ෂය සඳහා සීමාසහිත ගුවන් තොටුපොළ Read More

දමිල මාධ්‍ය පාසැල් 26ක ‘පාර්ලිමේන්තු විදු පියස’ වැඩසටහනේ විශේෂ වැඩමුළුවක්

බදුල්ල දිස්ත්‍රික්කයේ දමිල මාධ්‍ය පාසැල් 26ක ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් ‘පාර්ලිමේන්තු විදු පියස’ වැඩසටහනේ තවත් සුවිශේෂී වැඩමුළුවක් පසුගියදා බණ්ඩාරවෙල දමිල මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී සාර්ථකව අවසන් විය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශය විසින් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය (NDI) සමග එක්ව සංවිධානය කළ මෙම වැඩමුළුවේදී අනාගත තරුණ පුරවැසියන් ලෙස පාසැල් ප්‍රජාව පාර්ලිමේන්තුව Read More

20 / 20 ක්‍රිකට් ඉතිහාසයට නේපාලයෙන් ලෝක වාර්තා 7ක්

නේපාලය අද පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලෝක වාර්තා 7ක් තමන් සතු කර ගැනීමට සමත් විය. ඒ 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මොංගෝලියාව සමග පැවති තරගය ලකුණු 273කින් ජය ගනිමිනි. චීනයේ හංජෝ නුවරදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි නේපාලය වෙනුවෙන් කුෂාල් මල්ලා පන්දු 34 කින් ශතකයක් රැස් කළේ ය. ඔහුගේ Read More

දස ලක්ෂ වැනි සංචාරකයාත් මෙරටට එයි

ලෝක සංචාරක දිනය අදට (27) යෙදී තිබේ. ජනවාරි සිට මේ දක්වා කාලයේදී මෙරටට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියනය (දසලක්ෂය) සනිටුහන් කරමින් රුසියානු ජාතිකයකු ඇතුළු ඔහුගේ පවුලේ පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ. දස ලක්ෂය වැනි සංචාරකයා සහ ඔහුගේ පවුලේ අය පිළි ගැනීමට විශේෂ උත්සවයක් ඊයේ (26) ගුවන්තොටුපළේදී පැවැති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ලෝක Read More

අද සිට නිරිත දිගට තද වැසි

අද (27) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමග ඇති වන තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු Read More

ස්පා නියාමනය කිරීමට සැරසෙයි

රටපුරා තිබෙන සියලුම සම්භාහන මධ්‍යස්ථාන (SPA) නියාමනය කර ඒවා පවත්වාගෙන යාමට නව නීති මාලාවක් හඳුන්වාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි. ඒ ජනාධිපති කාර්යාලයේ උපදෙස් මත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින්. රටපුරා තිබෙන සම්භාහන මධ්‍යස්ථාන නියාමනය කිරීම, ඒවාට වාර්ෂික බද්දක් අයකිරීම, එම මධ්‍යස්ථානවලින් ලියාපදිංචි ගාස්තුවක් අයකිරීම ආදී කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තම සංගමය සමඟ එකඟතාවයන්ට Read More

t

o

p