Special News

ගුවන්විදුලි සංස්ථාවේ ගොඩනැගිල්ලක් ගැන අනාවරණයක්

සුපිරි වෙළඳසැලක් සකස් කළ ගිවිසුමකට අනුව ගුවන් විදුලි සංස්ථාව සතු කොළඹ නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලක් සහිත පර්චස් 120කට වැඩි භූමියක්, වසර 20කට ලබා ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය. එමෙන්ම එම ගොඩනැගිල්ලට සහ භූමියට අදාළ VAT ගෙවීම් වර්තමානය වන විට සිදු කරනු ලබන්නේද ගුවන් විදුලි සංස්ථාවෙන් ම බවද හෙළිවිය. මේ පිළිබඳ Read More

කොළඹ ප්‍රදේශ කිහිපයකට සැපයුම අත්හිටුවයි

හෙට (27) සවස 5.00 සිට අනිද්දා (28) උදෑසන 7.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 14ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව කොළඹ 05 සහ 06, දෙහිවල, ගල්කිස්ස සහ මොරටුව නගර සභා බල ප්‍රදේශ, ජයන්තිපුර හා පැලවත්ත යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සඳහන්. අඹතලේ ජල සැපයුම Read More

විදෙස් රැකියා ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට

කූට ලේඛන හා නිල මුද්‍රා ව්‍යාජ අයුරින් භාවිතා කරමින් තරුණයින් පිරිසක් රුමේනියාවේ රැකියා සඳහා යැවීමට උත්සහා කළ පුද්ගලයෙකු රඳවාගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කාර්යාංශයේ ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් කටයුතු කර තිබේ. අප්‍රේල් 24 වන දා කිලිනොච්චිය ප්‍රදේශයේ රැකියා නියෝජිතායතනයක් මාර්ගයෙන්, රුමේනියාවේ රැකියා සඳහා යාමට පැමිණි තරුණයින් පස් දෙනෙකුගේ ලේඛන Read More

මත්තල ගුවන්තොටුපොළ කළමනාකරණයට ආයතන දෙකක් 

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කළමනාකරණය සඳහා අභිලාෂ කැඳවූ ආයතන 05ක් අතරින් 02ක් නිර්දේශ කර ඇත. ඒ අනුව ඉන්දියාවේ Shaurya Aeronautics Pvt. Ltd සහ රුසියාවේ Airports of Regions Management Company වෙත හෝ එහි බද්ධ ව්‍යවසායක් වෙත වසර 30ක කාලසීමාවක් සඳහා කළමනාකාරීත්වය පැවරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු නංවාලීමට චීන කුඩා හා මධ්‍යම පරිමාණ වානිජ සංගමයේ සහාය

ශ්‍රි ලංකාවේ සංචාරයක නිරතව සිටින චීන කුඩා හා මධ්‍යම පරිමාණ වානිජ සංගමයේ ( China Association of small and medium Scale commercial Enterprises) නියෝජිත පිරිස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී සාකච්ඡා කරනලදි. මෙම සංගමය දැනට චීනයේ තිබෙන විශාලතම කුඩා හා මධ්‍යම පරිමාණ එකමුතුවයි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පලතුරු හා එළවළු වගාවට මෙන්ම එම Read More

යළි කිසි දිනක අරගලයකට යන්න එපා-ජනපති

නැවත අරගලයකට යොමුනොවී රට ගොඩනැගීමට සියලුදෙනා එක්වන්නයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. අද කොළඹදී ‘ITC Ratnadipa’ අතිසුඛෝපභෝගී හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. “අවුරුදු දෙකකට කලින් මෙතෙන තිබුණේ විශාල උද්ඝෝෂණයක්. මෙතෙන තිබුණේ අරගලයක්. වටේ වට කරලා තිබුණා. අද ඒ වෙනුවට තියෙන්නේ, විශාල හෝලයක්. ITC සමාගමේ, හෝටලය මෙතැන තියෙන Ratnadipa. Read More

කරාපිටිය ශික්ෂණ රෝහලට රුපියල් මිලියන 250 ක CT Scanner යන්ත්‍රයක්

ඉදිරි වසර තුල රෝහලේ භෞතික සම්පත් සංවර්ධනයට සහ සමස්ත වෛද්‍ය උපකරණ සදහා රුපියල් කෝටි 100 බැගින් මුදල් වෙන් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අළුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 250 වටිනාකමකින් යුතු CT Scanner යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම ඊයේ දින (24) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ Read More

පාතාල අපරාධ මැඩපැවැත්වීමට විශේෂ බලකා පුහුණුව ලත් පොලිස් නිළධාරීන් 100 සමන්විත යතුරු පැදි කණ්ඩායම් 50 ක් බස්නාහිරට සහ දකුණට

යුක්ති මෙහෙයුමට සමගාමීව බස්නාහිර සහ දකුණ පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුවන පාතාල අපරාධ මැඩපැවැත්වීමේ අරමුණින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකා යතුරු පැදි කණ්ඩායම් වලට සමගාමීව ක්‍රියාත්මක වීම සදහා විශේෂ කාර්ය බලකා විශේෂ පුහුණුව ලත් පොලිස් නිලධාරීන් 100 ක ගෙන් සමන්විත යතුරු පැදි කණ්ඩායම් 50 ක් 2024.04.25 වන අද දින කටුකුරුන්ද විශේෂ බලකා Read More

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න – ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්විය.එහිදී ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට කාරක සභාව විසින් ලබා දුන් නියෝග කිහිපයක ප්‍රගතිය විමසූ අතර ඒ යටතේ, සියලුම මත්පැන් නිෂ්පාදකයින්ගෙන් හිඟ බදු අයකර ගැනීම සඳහා ඵලදායී ගෙවීම් සැලැස්මක් ලබාදෙන ලෙස කාරක සභාව විසින් ලබාදුන් නිර්දේශයේ ප්‍රගතිය, සියලුම මත්පැන් නිෂ්පාදකයින් Read More

කොළඹ පවුල් ලක්ෂ අසූතුන් දහසකට සහල් බෙදා දීමට පියවර

පවුල් ලක්ෂ තිස් නවයකට සහල් බෙදා දීම සඳහා ආණ්ඩුව රුපියල් බිලියන 126.1ක් වැය කර ඇත. මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් තෝරාගත් පවුල් එක් ලක්ෂ අසූතුන් දහසකට මෙම ප්‍රතිලාභය හිමි වන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ඒ. විජේසිරි මහතා පැවැසීය. ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් රට පුරා ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ අස්වැසුම ප්‍රතිලාභීන්, වකුගඩු දීමනාලාභීන්, ආබාධිත ආධාරලාභීන්, සමෘද්ධිලාභීන්, Read More

t

o

p