Business

ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනයට ඉන්දියාවෙන් පූර්ණ සහය – ඉන්දීය ප්‍රවාහන අමාත්‍ය

යාපනය – මන්නාරම – ත්‍රිකුණාමලය මහා මාර්ගය සහ දඹුල්ල – ත්‍රිකුණාමලය අධිවේගී මාර්ගය ඇතුළුව ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධන කාර්යයන් සඳහා ඉන්දීය මාර්ග ප්‍රවාහන, මහාමාර්ග සහ නාවුක අමාත්‍යංශයේ පූර්ණ සහය ලබා දෙන බව අමාත්‍ය නිතින් ගද්කාරි (Hon. Nitin Gadkari) මහතා පැවසීය. 26 වන දා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ලාංකේය නියෝජිත පිරිස හමුවෙමින් ගද්කාරි Read More

2016 මහ බැංකු වාර්ෂික වාර්තාව මුදල් අමාත්‍යවරයා වෙත භාර දෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා විසින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත අද (26) මුදල් අමාත්‍යාංශයේ දී පිළිගැන්වීය. මුදල් නීති පනත යටතේ ශ්‍රී ලංකාවේ වාර්ෂික ආදායම්, වියදම් තත්ත්වය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිල වශයෙන් ඊළග වසරේ අප්‍රේල් මස 30 වැනි දිනට පෙර මුදල් අමාත්‍යවරයා වෙත දැනුම් Read More

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පැසසුම්

මේ වනවිට ඇමරිකා  එක්සත් ජනපදයේ  වොෂින්ටන්, නුවරදි  පැවැත්වෙන  ලෝක බැංකුව හා ජාත්‍යන්තර  මුල්‍ය  අරමුදලේ  අර්ධ වාර්ෂික  සමුළුවේ දී   ශ්‍රී  ලංකාවේ   ආර්ථික  සංවර්ධන ක්‍රියාවලිය  විශේෂ  ඇගයීමකට  ලක්වූ  බව මුදල්  අමාත්‍ය රවී කරුණානායක  මහතා  ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ  සමුළුවට  සහභාගී වි සිටින ලෝක බැංකුවේ  හා  ජාත්‍යන්තර  මුල්‍ය  අරමුදලේ   ප්‍රධානින්  සමඟ තමා වෙන්  වෙන් වශයෙන්  සාකච්ජා ආරම්භ Read More

මහල් 75 කින් යුත් ශී‍්‍ර ලංකාවේ උසම ගොඩනැගිල්ල ඉදිකිරීම ඇරඹේ

මහානගර සංවර්ධන සැලැස්මට අනුව ශ‍්‍රී ලංකාවේ ඉදිවන විශාලතම නේවාසික ගොඩනැගිල්ලට මුල්ගල තැබීම මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරුණි. නො. 37, හෝර්ටන් පෙදෙස, කොළඹ 07 යන ස්ථානයෙහි ඇමරිකානු ඩොලර් මිලියන 250 ක වියදමින් මෙම ගොඩනැගිල්ල ඉදිවන අතර, මහල් 75 කින් සමන්විතය. මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2020 වන විට අවසන් කිරීමට නියමිත අතර හෝර්ටන් ස්කවෙයාර් (Horton Square) පුද්ගලික සමාගම මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි. Read More

ශ්‍රි ලංකාව හා වියට්නාමය අතර නව අවබෝධතා ගිවිසුම් දෙකක්

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අවබෝධතා ගිවිසුම් දෙකකට 17 වන දා පෙවරුවේ අත්සන් තැබිණි. “2017 – 2019 වසර සඳහා කෘෂිකාර්මික සංවර්ධන සහයෝගීතාවය සඳහා වූ ක්‍රියාකාරී සැලසුම” පිළිබඳ ගිවිසුම වියට්නාම් කෘෂිකර්ම අමාත්‍ය චඕ ඩුච් ෆට් (Cao Duc Phat) මහතා විසින් ද, අධ්‍යාපන සහයෝගීතාවය සඳහා වූ ගිවිසුම වියට්නාම් අධ්‍යාපන අමාත්‍ය ෆම් වු ලූවන් (Pham Vu Luan) මහතා Read More

ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයොගීතා කමිටුව අගමැති රනිල් ප්‍රමඛ දූත පිරිස හමුවෙයි

ජපන් – ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගීතා කමිටුව, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස වෙනුවෙන් සංවිධානය කළ දිවා භෝජන සංග්‍රහය තෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී 12 වනදා දහවල් පැවත්විණි. ශ්‍රී ලංකාවේ ආයෝජන හා ව්‍යාපාර සිදු කරන ප්‍රධාන පෙළේ ජපාන සමාගම් හි නියෝජිත පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ. ජපන් – ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගීතා කමිටුවේ Read More

ජි.එස්.පි ප්ලස් දෙන්න යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් ලංකාවට

ශ්‍රී ලංකාවට අහිමි කෙරුණු ජි.එස්.පි ප්ලස් බදු සහනය යළි දිම සඳහා තාක්ෂණික අධ්‍යනයකට යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති. යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම සකසන තාක්ෂණික වාර්තාව අප්‍රේල් 19 වන දින බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන යුරෝපා සංගම් විශේෂ සැසිවාරයකට ඉදිරිපත් කෙරේ. ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුරෝපා සංගමයේ තාක්ෂණ කණ්ඩායම මෙරට ආර්ථිකයේ ස්ථාවර Read More

රු.ලක්ෂ 8කට වෙළඳපලට එන ලාංකීය විදුලි මොටර් රථය

දේශීය අමුද්‍රව්‍ය 60%ක් පමණ භාවිතා කර ‘කැප්ලා’ නමින් නව විදුලි මොටර් රථයක් නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකීය නිපැයුම්කරුවෙකු සමත් වී තිබේ. මෙම කාරය සඳහා පිටරටින් ආනයනය කරන්නේ මෝටර් කන්වර්ටරය හා බැටරි පමණයි. කපිල ද සිල්වා නව නිපැයුම්කරුවාගේ අතින් නමවුණු මෙම මොටර් රථය ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට රුපියල් ලක්ෂ 8ක මුදලකට මෙරට වෙළඳපලට නිකුත් කීරීමට Read More

2030 පසු ලංකාව තුළ දුම්කොළ වගා කරන්නේ නෑ – ඇමති රාජිත

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ වගාකිරීම 2030 වනවිට සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය. දුම්කොළ වගාව වෙනුවට විකල්ප වගාවන් හඳුන්වාදෙන බවත් ඇමතිවරයා පැවසීය. දුම්කොළ ආශ්‍රිතව ඇතිවන පිළිකා සඳහා ප්‍රතිකාර ලබාදිම වෙනුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන පහක මුදලක් වැයකිරිමට සිදුවන බවත් පිළිකා සඳහා පුවක් භාවිතය එක් හේතුවන බැවින් ආහාර Read More

විනිමය පාලන පනත වෙනුවට නව පනතක් පාර්ලිමේන්තුවට

විදේශ විනිමය ප්‍රවර්ධනය කිරිමේ බලතල මහ බැංකුවට පවරමින් විනිමය පාලන පනත ඉවත් කෙරෙන නව පනත් කෙටුම්පතක් විදේශ විනිමය පනත් කෙටුම්පත නමින් පාර්ලිමේන්තුවට ඊයේ (07) ඉදිරිපත් කළේය. අගමැතිවරයා වෙනුවෙන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මෙම විදේශ විනිමය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනා ලදි. මෙම පනත් කෙටුම්පතට අනුව විදේශ විනිමය වෙළදාම් කිරිම සඳහා මහ බැංකුව විසින් සෑම Read More

t

o

p