ඉන්දීය තෙලිගු ගීතයක් ලෝක සිනමා සංගීතය උඩු යටිකුරු කරයි

ලෝක සිනමාවේ ඉහළම පෙළේ සම්මාන උළෙලක් ලෙස සැලකෙන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේ ප්‍රධානම සම්මානයක් දිනා ගැනීමට ඉන්දියානු තෙලිගු චිත්‍රපටයක් වන ආර් ආර් ආර් චිත්‍රපටය සමත් වී තිබේ. ඒ, ලොව හොඳම ස්වතන්ත්‍ර චිත්‍රපට ගීතයට හිමි සම්මානය දිනා ගනිමින්. මෙම සම්මානය හිමි වූයේ ආර් ආර් ආර් චිත්‍රපටයේ නාටු නාටු නමින් අතිශය ජනප්‍රිය වූ මෙම ගීතයයි. මෙම සම්මානය Read More

හෙට (12) සිට නැවත දැනුම්දෙනතුරු දුමිරිය ගමන්වාර 42ක් දිනකට අවලංගුයි

හෙට (12) සිට නැවත දැනුම්දෙනතුරු දුමිරිය ගමන්වාර 42ක් දිනකට අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය ධාවනය සඳහා ප්‍රමාණවත් කාර්යමණ්ඩලය නොමැතිවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 20ක්, පුත්තලම් මාර්ගයේ ගමන්වාර 04ක්, කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන්වාර 02ක් මුහුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 16ක් මෙලෙස Read More

උතුරේ ජනතාවගේ ගැටලු විසඳීම අවසන් කළ වහාම මුස්ලිම් සහ වතුකරයේ ප්‍රශ්න විසඳන්න ජනපති සුදානම්

ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීම ඇතිව උතුරේ ජනතාවගේ ගැටලු විසඳීම අවසන් කළ වහාම වතුකරයේ සහ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ජනාධිපතිවරයා මේ තීරණය ගෙන ඇත්තේ උතුරේ ජනතාවගේ ප්‍රශ්න රැසක් මේ වන විට විසදීමට ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙන පසුබිම යටතේය. මෙරට සියලු දේශපාලන පක්ෂ වල  සහභාගීත්වයෙන් පැවති සර්වපාක්ෂික Read More

චක්‍රලේඛය අවලංගු කිරීම ගැන රජයෙන් ප්‍රකාශයක්

පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් බාර ගැනීම තාවකාලිකව අත්හිටුවන ලෙස දැනුම් දෙමින් නිකුත් කළ චක්‍ර ලේඛනය අවලංගු කරගනු ලැබූයේ මැතිවරණ කොමිෂන් සභාව පෙර ඇති කරගත් එකඟතාවය මත ඡන්දය සම්බන්ධයෙන් නීතිපතිවරයාට ලිඛිතව කරුණු දක්වා තිබීම නිසා යැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසීය. ඉහත චක්‍රලේඛය නිකුත් කරනු ලැබුවේ අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අනුව යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් Read More

වෙළෙඳ ගිණුමේ හිඟය පහළට

2022 වසරේ නොවැම්බර් මාසයේදී වෙළෙඳ ගිණුමේ හිඟය, පෙර මාසයට සාපේක්ෂව ඉහළ ගියද පසුගිය වසරට සාපේක්ෂව අඛණ්ඩව පහළ මට්ටමක පවත්වාගෙන ගොස් තිබේ. පසුගිය වසරේ නොවැම්බර් මස පැවැති අමෙරිකානු ඩොලර් මිලියන 553ක වෙළෙඳ ගිණුමේ හිඟයට සාපේක්ෂව මෙම වසරේ එම හිඟය ඩොලර් මිලියන 450ක් දක්වා පහළ බැස ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය. ඇඟලුම් අපනයන සඳහා Read More

මේ වන විට මැතිවරණයට ඇප තැබූ පක්ෂ

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඊයේ (10) පස්වරුව වන විට දේශපාලන පක්ෂ 08ක් සහ ස්වාධීන කණ්ඩායම් 11ක් ඇප මුදල් තැන්පත් කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ දිනයේ අනුරාධපුර, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. එමෙන්ම එක්සත් ජාතික නිදහස් පෙරමුණ ද ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව Read More

පෙබරවාරියේ සිට නව දුම්රිය කාලසටහනක්

පෙබරවාරි මාසයේ සිට නව දුම්රිය කාලසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.  ඒ මහතා මේ බව පැවසුවේ ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. එහිදී පවතින ධාරිතාව අනුව එම නව දුම්රිය කාලසටහන හඳුන්වා දෙන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර Read More

ශ්‍රී ලංකාවට බිත්තර සැපයීම සඳහා සැපයුම්කරුවන් 20 ක්

ශ්‍රී ලංකාවට බිත්තර සැපයීම සඳහා සැපයුම්කරුවන් 20 ක් ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති බවත් එම සැපයුම්කරුවන්ගෙන් වැඩි සංඛ්‍යාවක් ඉන්දීය සැපයුම්කරුවන් බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. වෙළෙඳ අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුව එම සැපයුම්කරුවන් ඉදිරිපත් කළ ටෙන්ඩර් විශ්ලේෂණය කිරීමට නියමිත බව කී එම නිලධාරියා පවතින තත්වය මත ශ්‍රී ලංකාවේ බිත්තර අවශ්‍යතාව, ආනයන කරන බිත්තර සංඛ්‍යාව, Read More

බ්‍රසීලයේ ඇති වූ ප්‍රචණ්ඩත්වය ගැන ජනපතිගේ දැඩි කනස්සල්ල

බ්‍රසීලයේදී ඇති වූ ප්‍රචණ්ඩත්වය ගැන තමා දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ව්‍යවස්ථා විරෝධී ක්‍රම මඟින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් පෙරළා දැමීමේ කණ්ඩායම් විසින් සිදු කළ මෙවැනිම උත්සාහයන් ශ්‍රී ලංකාව ද මාස කිහිපයකට පෙර අත්විඳි බව සඳහන් කරන ජනාධිපතිවරයා එවැනි සතුරුකම් හෙළා දකින අතර, මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව බ්‍රසීලයේ Read More

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර තීරණාත්මක හමුවක්

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර තීරණාත්මක හමුවක් අද (10) පැවැත්වේ. මෙහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් බිහි කිරීමත්, පොදු ලකුණක් යටතේ තරග කිරීම ඇතුළු කරුණු පිළිබඳව පොදු එකඟතාවක් ඇති කර ගැනීමට නියමිතව ඇති බව සඳහන් ය. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර Read More

t

o

p