Lanka News Page

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා මානව හිමිකම් යෝජනාවට එරෙහිව ශ්‍රී ලාංකිකයෝ පෙළගැසෙති

ශ‍්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ප‍්‍රමුඛ රටවල් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ගෙනා යෝජනාවලියට මාර්තු 27 දින පැවැත්වෙන ඡන්ද විමසීමේ දී සහයෝගය ලබා නොදෙන්න යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලට බලකරන උද්ඝෝෂණයක් පැවැත්වීමට යුරෝපයේ වෙසෙන ශ‍්‍රී ලාංකික එකමුතුව කටයුතු සංවිධානය කර ඇත.

ශ්‍රී ලංකාව තුළ රසායනික අවි භාවිතයක් සිදුවූ බවට කිසිදු සාක්ෂියක් නොමැත

ශ්‍රී ලංකාව 1993 ජනවාරි 14 ජාත්‍යන්තර රසායනික අවි සම්මුතියේ ආරම්භක සාමාජිකයෙක් වෙයි. ශ්‍රී ලංකාව තුළට රසායනික අවි හෝ රසායනික නිෂ්පාදනය කළ හැකි රසායන ද්‍රව්‍ය ගෙන්වා නැති බවත්, එවැනි රසායනික අවි මෙරටෙහි භාවිත කළ බව හුදෙක් මනඃකල්පිත අදහසක් බවත්, ශ්‍රී ලංකාවේ රසායනික අවි සම්මුතිය පිළිබඳව ජාතික අධිකාරියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් පී. පෙරේරා මහතා පවසයි.  

t

o

p