අල්ලස් කොමිසමේ දොරවල් දෙක

September 21, 2016

අල්ලස් කොමිසමේ ෙදාරවල් දෙකක් තියෙනවා…. අපේ ඇමතිවරු ඉස්සරහා ෙදාරොන් එන්නේ නැතුව පස්සේ ෙදාරෙන් පැනලා යනවා…. මොකද මාධ්‍යවේදින් ඉන්නේ ඉස්සරහා ෙදාර ලඟ විතරයි යනුවෙන් සමාජ සේවා හා සමාජ සුබ සාධන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (21) ප්‍රකාශ කළේය.
අල්ලස් කොමිසම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ පැමිණිලි පමණක් විභාග කරන්නේයැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී වාසුදේව නානයක්කාර මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමතිවරයා මේ බව කීවේය.
එහිදි වාසුදේව නානයක්කාර මහතා කීවේ රන්ජන් රාමනායක හතා අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව පැමිණිලි කළද එය විභාගයට නොගන්නා බවයි.
ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේ එවැනි පැමිණිල්ලක් කලා පමණක් නොව සිද්ධියට අදාල හඩ පටයද තමන් අල්ලස් කොමිසමට ලබා දුන් බවයි.
විවාදය අවස්ථාවේ ජ.වි.පෙ මන්ත්‍රී විජිත හේරත් මහතා අල්ලස් කොමිසමේ තිබෙන ෙදාරවල් දෙක එක ෙදාරක් බවට පත් කළ හොත් මේලෙස ඇමතිවරුන්ට මාධ්‍ය මඟ හැර පලා යා නොහැකි බව ප්‍රකාශ කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p