බඳගිරියේ තරුණයා 21 දක්වා රිමාන්ඩ්

September 16, 2016

හම්බන්තොට බඳගිරියේ වී ගබඩාවකින් වී සොරකම් කලැයි සැකපිට  ජී ජී ගයාශාන් (22) තරුණයා හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් ලබන (21)වැනිදා තෙක් අද (16) අලුයම 2:30 නිල නිවසේ්දී රිමාන්ඩ් කරනු ලැබීය.

පසුගිය (5)වැනිදා මෙම සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියෙන් අත්අඩංගුවට ගත් මොහු දින එකොළහක් තිස්සේ අතුරුදන්ව සිට බ්‍රහස්පතින්දා හිමිනමක් සමග පොලිස් මාධ්‍ය ප්‍රකාශක වෙත භාරවිය.

ඔහුගෙන් පැය හයක් පුරා කටඋත්තර ගැනීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කල බවත් ඔහුගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරු දෙදෙනෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකුගේ වැඩ තහනම් කල බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

හම්බන්තොට පොලිසියෙන් අතුරුදන්වූ බව කියන බඳගිරියේ ජී.ජී.ගයාෂාන් (22) දික්වැල්ලේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් විසින් කොළඹ පොලිස් මූලස්ථානයට ගෙන එනු ලැබූහ.

ඔහුගේ මවද විහාරයට පැමිණ සිටියාය. එම තරුණයා දික්වැල්ල දීඝවාළුකාරාම රජමහා විහාරයේ අඹකොළවැව බුද්ධික හිමියන් හමුවට අද උදේ පැමිණි බව ඒ හිමියෝ පැවසූහ.

ඒ හිමියන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාට ඒ බව දන්වා කොළඹ වැඩම කළ බවත් පොලිසිය කියයි. එම තරුණයා හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලිසිය විසින් රැගෙන යනු ලැබීය.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p