ආර්ථික දියුණුවට චයිනා මර්චන්ට් සමාගමෙන් ලංකාවට අතහිත

August 17, 2016

මහනගර සහ වරාය ඉදිකිරීම් සම්බන්ධව තමන් සතු අත්දැකීම් හා නිපුණත්වය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දීමට සූදානමින් සිටින බව චයිනා මර්චන්ට් සමාගමේ සභාපති ලි ජියැන්හොං මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික අභිලාෂයන් ඉතා වැදගත් බව පෙන්වා දුන් ලි ජියැන්හොං මහතා අනාදිමත් කාලයක සිට පැවත එන ශ්‍රී ලංකා – චීන මිත්‍රත්වය වෙනුවෙන් සහ සම්මුතිවාදී නව රජයේ ආර්ථික වැඩපිළිවෙල වෙනුවෙන් උපරිම සහය ලබා දීමට තමන් සූදානම් බව ද පෙන්වා දුන්නේය.

කොළඹ වරාය සංවර්ධන කටයුතු වලදී මෙන්ම හම්බන්තොට වරාය ආශ්‍රිත සංවර්ධන කාර්යයන් සඳහා තමන් සතු නිපුණ දැනුම ලබා දීමට සූදානම් බව පැවසූ චයිනා මර්චන්ට් සමාගමේ සභාපතිවරයා ඉදිරියේදීත් ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කිරීමට ක්‍රියා කරන බව පැවසීය.

ලෝකයේ රටවල් 75 ක සිය ශාඛා කාර්යාල පවත්වාගෙන යන චයිනා මර්චන්ට් සමාගම ශ්‍රී ලංකාවේ කොළඹ හා හම්බන්තොට වරාය සංවර්ධන කාර්යයන් සම්බන්ධව උනන්දුවෙන් සිටින බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

හම්බන්තොට සංවර්ධනය සම්බන්ධව ශ්‍රී ලංකා රජය මේ වන විට චීන රජය සමග සාකච්ඡා පවත්වමින් සිටින බැවින් ඒ හරහා චයිනා මර්චන්ට් සමාගමේ සහය ලබා ගැනීමට හැකි වෙතැයි තමා අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

16 වන දා සන්ධ්‍යාවේ චයිනා මර්චන්ට් සමාගමේ ප්‍රධාන කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට පෙරාතුව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස චයිනා මර්චන්ට් සමාගමේ සේවා සැපයුම් ආයතනයක් සහ ඔවුන් විසින් නිර්මාණය කරමින් යන ඡින්හයි නිදහස් වෙළඳ කාලපීය සැලසුම් මධ්‍යස්ථානය ද නිරීක්‍ෂණය කළහ.

ෂෙන්ඡන් නගර මධ්‍යයේ ඇති දිය රැඟුම් කලාපයේ ශ්‍රී ලාංකේය ගීතයන්ට අනුව දිය උල්පත් රංගන ප්‍රදර්ශනයක් ද වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස නැරඹූහ.LNP PM Chaina T 1LNP PM Chaina T 2LNP PM Chaina T 4

 

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p