ඇඹිලිපිටිය එක් දරු පියාගේ මරණය

March 2, 2016

ඇඹිලිපිටිය පොලීසිය සමග ඇතිවූ ගැටුමෙන් මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන මහතාගේ දේහය ගොඩගන්නේද නැද්ද යන වග හෙට දැනුම්දීමට නියමිත බව අදදෙරණ වාර්තාකරු පවසයි.

අදාළ නඩුව අද(02)කැඳවූ අවස්ථාවේදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සංගමය නියෝජනය කරන ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අධිකරණ වෛද්‍ය වාර්තාව වඩාත් තහවුරු කරගනු පිණිස මළ සිරුර ගොඩගෙන නැවත පරීක්ෂණයක් සිදුකිරීම යෝග්‍ය බවයි.

ඒ අනුව කරුණු සලකා බැලූ ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා නියෝග කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් හෙට දිනයේදී නියෝගයක් ලබාදෙන බවයි.

එසේම ප්‍රසන්න ජයවර්ධන මහතාගේ මළ සිරුර සහිත මිනී වළට පොලිස් ආරක්ෂාව සපයන ලෙසද විනිසුරුවරයා අද නියෝග කළ බව අප වාර්තාකරු කියා සිටියි.

පසුගිය ජනවාරි 4 වැනිදා ඇඹිලිපිටි නගරයේ ව්‍යාපාරිකයකුගේ නිවසේ පැවැති මල්වර මංගල්‍යයකට අදාළ උත්සවයකදී ඇතිවූ ගැටුමකට පොලිසිය මැදිහත්වීමේදී එහි ඉහළ මහළින් වැටී සුමිත් ප්‍රසන්න ජයවර්ධන නමැති එක්දරු පියා මිය ගියේය.

තම සැමියා ඉහළ මහළින් බිමට තල්ලු කළේ ඇඹිලිපිටිය ඒ.එස්.පී ලෙස කටයුතු කළ ධර්මරත්න බව සුමිත්ගේ බිරිඳ උසාවියේ සාක්කි දෙමින් පවසා තිබේ.

කෙසේ වෙතත් දැනට අත්අංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න මහතා හෙට(03) දිනය දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

මෙම සිද්ධියේඅගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාගෙන් අද දෙරණ කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙම මරණය සිදුවී මාස දෙකක පමණ කාලයක් ගතවී ඇතත් හඳුනාගෙන ඇති පොලීසියේ නිලධාරීන් 6 දෙනෙකු ඇතුළු සැකකරුවන් පිරිසක් තාමත් නිදැල්ලේ පසුවන බවයි.

මොවුන් අත්අඩංගුවට නොගෙන කල් ඇරීම හේතුවෙන් අවසානයේ මෙම සිද්ධිය මහාධිකරණයට ගොස් සැකකරුවන්ට ඇප ලැබෙන අවස්ථාව වන විට සෙසු පිරිස්ද අත්අඩංගුවට ගෙන ඇප ලබාගැනීමට හැකිවන බවත්,එමගින් නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ හැකියාව ලැබෙන බවත් උදුල් ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.

මෙම නඩුව පොලීසියට එරෙහිව පොලීසිය විසින් පවත්වාගෙන යන්නක් බැවින් එහි විශ්වසනීයත්වය පිළිබඳ ගැටළු පැන නැඟී ඇති බවත්,මූලික විමර්ශනවලදී දැනුවත්ව පොලීසිය විසින් අඩුපාඩු බොහොමයක් සිදුකර ඇති බවත් නීතිඥවරයා කියා සිටියි.

එසේම නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා විසින් කරනු ලැබූ ඉල්ලීම පිළිබඳ තමන් පුද්ගලිකව එකඟත්වයක් නැති බවත්, එයින් අගතියට පත් පාර්ශවය යළි වරක් අසාධාරණයට ලක්විය හැකි බවත් හෙතෙම අවධාරණය කරයි.

පරණ පරීක්ෂණයකදී හෙළිවනු ඇත්තේ මරණය සිද්ධවූ අයුරු නොව මරණයට හේතුව වන බැවින් නැවත වරක් තහවුරු වනු ඇත්තේ කැපුම් තුවාල හා අධික ලේ වහනයවීම් හේතුවෙන් මරණය සිදුවූ බව යයිද,එය අගතියට පත් පාර්ශවයට අවාසි සහගත වනු ඇති බවත්,එහෙත් එසේ වූ පමණින් පොලිස් පහරදීම් සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි තිබියදී ඒ මත පදනම්ව පරීක්ෂණ සිදුනොවීම කනගාටුවට කරුණක් බවත් උදුල් ප්‍රේමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p