කුමාර් ගුණරත්නම්ට ලංකාව ඇතුලෙ දේශපාලනය කරන්න අයිතියක් තියෙනවා

December 15, 2014

පසුගිය කාලයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධව විවිධ සාකච්ඡා නිර්මාණය වෙලා තිබුණා. බොහෝ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අදාළ ප‍්‍රශ්නය වෙලාවට සාකච්ඡා වෙන්නේනැහැ. ඒ සංවාදය විධායක ජනාධිපතික‍්‍රමය අහෝසිකිරීමට සීමාවෙලා තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලනමණ්ඩල සභික චමීරකොස්වත්ත මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද 15 දින මරදාන සමාජයීය හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.මේ මාධ්‍ය හමුව සදහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් සේනාධීර ගුණතිලක මහතාද සහභාගීවිය.

වෑඩි දුරටත් අදහස් දක්වමින් චමීරකොස්වත්ත මහතා මෙසේ පෑවසීය

පසුගිය කාලයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධව විවිධ සාකච්ඡුා නිර්මාණය වෙලා තිබුණා. බොහෝ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අදාළ ප‍්‍රශ්නය බොහෝ වෙලාවට සාකච්ඡුා වෙන්නේ නැහැ. ඒ සංවාදය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකිරීමට සීමාවෙලා තිබෙනවා. ඒ අතර ප‍්‍රධානම කාරණයක් වෙන්නේ රටින් පලායන්න සිදුවූ අය පිළිබඳ ප‍්‍රශ්නය. දේශපාලනය තමයි මේ සඳහා මුලක හේතුව.

අපි කථා කරන්නේ කුමාර් ගුණරත්නම්ගේ ප‍්‍රශ්නය විතරක් නෙමෙයි. අපි විශ්වාස කරනවා අනිත් සියලූ දෙනාට වගේම කුමාර් ගුණරත්නම්ටත් ලංකාව ඇතුලෙ පීඩිත ජනතාවවෙනුවෙන් සටන් කරන්න, දේශපාලනය කරන්න අයිතියක් තියෙනවා කියලා.
නමුත් අපි පසුගිය කාලයේ දිගටම උත්සාහ කලා කුමාර් ගුණරත්නම්ව නැවත රටට ගෙන්වා ගන්න.

ඔහු රටින් බැහැර උනේ ජීවිතය බේරා ගැනීමේ උවමනාව උඩ. ජීවිතාරක්ෂාව ගැන ප‍්‍රශ්නයක් තිබූ නිසා. කුමාර්ව ලංකාවට ගෙන්වා ගැනීමට අපි කටයුතු කළේ පවතින නීතිය යටතේ. තවමත් ඔහුට වීසා ලබාගැනීමට නොහැකි වී තිබෙනවා. ඒ සාමාන්‍ය නීතියේ හෝ සාමාන්‍ය කාර්යපටිපාටියේ තත්වයක් නෙමෙයි දේශපාලන තත්වයක්.

මේක කුමාර්ට විතරක් නෙමෙයි තවත්බොහෝ දෙනාට අත් වූ ඉරණමක්. පසුගිය කාලයේ අපි අත් දුටු සුදුවෑන් අතුරුදහන්කිරීම්, විරුද්ධ දේශපාලන මතධාරීන් මර්දනය කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වැදගත් කොටසක්. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන මේවා අමතකකරලා කථා කරන්න බැහැ. ඒත් දැන් සාකච්ඡුාව සීමාවෙලා තියෙන්නේ විධායක ජනාධිපතික‍්‍රමයට.
මෙතැනින් එහාට ඉතිරි වී තිබෙන්නේඋද්ඝෝෂණ ක‍්‍රියාමාර්ග වලට එළඹීම පමණයි. අපි ඊට ජාතික හා ජාත්‍යන්තර තලයේදී ක‍්‍රියාත්මකවෙනවා.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p